දිනෙන් දින ලෝකයේ තාක්ෂණය දියුණුවෙමින් පවතින අතර එහි එක් කඩයිමක් වූයේ මිනිසා විසින් අභ්‍යාවකාශය ගවේෂණය ආරම්භ කිරීමයි. එය එතෙක් මිනිසා තුළ පැවති අදහස් වෙනසකට පරිවර්ථනය කරන්නට සමත්විය. මේ අභ්‍යවකාශය සමිබන්ධව සිදු කරනු ලබන නිරීක්ෂණයක පළමු දිගහැරුමයි. එක්වන්න අප සමඟ ඓතිහාසික අභ්‍යාවකාශ තරණය සඳහා, මේ තරණයේ කාලයයි.
අභ්‍යාවකාශ නිරීක්‍ෂණයන්ට වසරක් එළැඹෙද්දි, 1959 ජනවාරි 2වනදා සෝවියට් සමූහාණ්ඩුව විසින් "ලිට්ල් මූන්" දියත් කරන ලද්දේය. එය සඳ කරා දියත් කරනු ලැබුවේ සෝවියට් ධජය සඳ මත සිටුවනු පිණිසයි. දියත් කිරීමෙන් හෝරා කීපයකට පසු දැනගන්නට ලැබුනේ,ලූනික් සිය ඉලක්කය කරා පිවිසෙන්නට අපොහොසත් වී ඇති බවයි. සෝවියට් විද්‍යාඥයන් විමසා බලද්දී පෙනී ගියේ ග‍්‍රහයන් පිළිබඳව තමන් කළ පරීක්‍ෂණ වලින් තමුන් වෙත ලැබෙන දත්තයන් එක්තරා විශේෂිත කරුණු කිහිපයක් කරා තමුන්ව යොමු කරන අයුරුයි. හෙතෙම අභ්‍යාවකාශ යානය ඉන්පසුව හඳුන්වනු ලැබුවේ "සිහිනය" යන නමිනි. 1926දී, හෝල්ට්ස්ගේ පරිවාර ග‍්‍රහයින් පිළිබඳව දත්තයන් නිරීක්‍ෂණයට පාත‍්‍රවෙද්දී,එවන් ග‍්‍රහයින් 8 දෙනෙක් පවතින බැව් නිගමනයට ලක්විය. ඉන්පසුව, 1929දී, ඇරිසෝනාවේ,ෆ්ලැග්ස්ටාෆ් හී එක්තරා තරුණයෙක් නව වැනි ග‍්‍රහයෙකු පිළිබඳව පරීක්‍ෂණ පවත්වන්නට විය. එකල ග‍්‍රහ වස්තූන් පිළිබඳව දැනුම පැවතියේ අල්ප වශයෙනි.
සූර්යයාට සමීපව වෙසෙන්නේ බුධ ග‍්‍රහයායි. එය යකඩවලින් හා පාෂාණමය තත්වයන්ගෙන් සමන්විත ග‍්‍රහයෙකි. ඉන්පසුව ඇත්තේ සිකුරුය. එය දෙවැනි පෘථිවියක් ලෙසද හඳුන්වනු ලබන අතර වළාකුළු ඇතිරිල්ලක් යට සැඟවී පවතියි. ඉන්පසුව පෘථිවියයි. ඉතිං අපට ඔබ්බෙන් ඇත්තේ අඟහරු ග‍්‍රහයායි. එහි සෘතුන් පවතියි. ජීවයද එහි පවතින බවට සාධක ඇත. (වර්තමානයේ ගවේෂණවලින් එය තහවුරුවෙමින් පවති) මෙම පාෂාණමය ලෝකයන්ට එපිටින් දැවැන්ත ග‍්‍රහලෝකද දැකිය හැකිය. බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ විශාලත්වය පෘථිවිය මෙන් දහස් ගුණයකි. තමාටම ආවේනික වූ සුවිශේෂී වළලූ වලින් සමන්විත සෙනසුරු, ඉන්පසුව අපට මුනගැසේ. ඉතිරි ග‍්‍රහයින් දෙදෙනා පෘථිවිය මෙන් 15 ගුණයක් විශාලය. එමෙන්ම බොහෝ ඈතින් පිහිටා ඇත. දීප්තියෙන් ඉතාම අඩු තාරකා ලෙස හැඳින්වෙන්නේ මේවායි. යුරේනස් - නිල් පැහැගැන්වුනු අභිරහසකි. අවසානයේ, නෙප්චූන්,අභ්‍යාවකාශය තුළ සිය ගමන් මග වෙනස්කරන්නාවු ග‍්‍රහ ලෝකයක් වන අතර එහි අක‍්‍රමවත් ගමන් රටාවලින් අනුමාන කෙරෙන්නේ,ඒ සඳහා යම්කිසි බලපෑමක් ඇතිකරන තවත් ග‍්‍රහලෝකයක පැවැත්මයි. එහි ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් නෙප්චූන් හී කක්ෂය කිසියම් බලපෑමකට ලක්වන බවයි.
1930 පෙබරවාරි 18 ක්ලයිඞ් ටොම්බෝ සිය කාර්යාලය තුළ අසුන්ගෙන, තමා පෙරදා රාත්‍රියේ ගත් අහසේ ඡායාරූප කිහිපයක් අධ්‍යයනය කරමින් සිටියේය. ඔහුගේ ඇස් ඉතාම විමසිලිවත්ය. හෙතෙම නිවි නිවී දැල්වෙන තාරකා පසුපස දිවීය. එක්තරා තරුවකට මධ්‍යස්ථව තැටි මත සටහන් වුනු යමක් ඔහුගේ අවධානය සොරා ගත්තේය. මිථුන රාශියට අයත් තාරකා මණ්ඩලයේ ඔහු එදින උදයෙන්ම රාජකාරිය ආරම්භ කළේය. නෙත් සිසාරා යවමින් අධ්‍යයනය කළ ඔහු, එකින් එක ඡායාරූප නිරීක්‍ෂණය කරන්නට විය. එකින් එක ඒවා පසෙකට කරමින්,තවත් ඒවා නිරීක්‍ෂනය කළේය. මේ සියළුම ඡායාරූප දළ සේයාපට පමණකි. සියළුම තාරකා දිස්වුනේ සුදු පැහැ පසුබිමක ඇති කළු පැල්ලම් ලෙසිනි. සවස 4ට, ඒ සියළුම තැටි එහා මෙහා කරමින් තවත් පරීක්‍ෂා කළේය. "ඩෙල්ටා ජෙමිනෝරියම් තාරකාව" දීප්තියෙන් ඉතාම අනූන නියාමක තාරකාව දිස්වෙන්නාවූ ප‍්‍රදේශය ද ඔහුගේ අවධානයට ලක්විය. ඔහු තව තවත් විමසිල්ලෙන් පරීක්‍ෂා කළේය. එවිට ඔහු දුටුවා එතරම් දීප්තියක් නැති කළු පාට තිතක් වැනි යමක්. එය එසේ තිබියදී, ඔහුගේ අවධානය මෙවර යොමුවුනේ ඊළඟ තැටියටයි. එකී කලූ තිත, පසුගිය දින කිහිපය මුළුල්ලේ ඔහු ඡායාරූප ගතකළ තැටි මත එක් එක් තැන්වල සටහන්ව ඇති බැව් ඔහුට වැටහිනි. එහි ආලෝකයේද උස් පහත් වීම් ඔහුට දැකගත හැකිවීය. මෙතෙක් තමා සෙවූ ඒ දේ එයම බැව් ක්‍ෂණයෙන් හෙතෙම වටහා ගත්තේය. එය ඓතිහාසික මොහොතකි.
සංසන්දක කුටියෙන් පිටතට පැමිණි ඔහු කෙලින්ම ඇවිද ගියේ, සභාපතිතුමාගේ කාර්යාලය වෙතයි. එහි පිටත මඳක් රැඳී, සිය ටයි පටියත්,හිසකෙසුත් මනාව සකසාගෙන කීයේ, "මට මේ ගැන සොයා බලන්න තිබුනේ හරිම කම්මැලිකමක්." කියා ය. ඊටපස්සේ ඔහු කාමරය ඇතුළට ගියාය.
"ආචාර්ය ස්ලිපර්? ඔබගේ ‘එක්ස්’ නම් ග‍්‍රහලෝකය මා සොයාගත්තා. එක්ස් නම් එම ග‍්‍රහලෝකය එතැන් පටන් හැඳුන්වූයේ ප්ලූටෝ ලෙසයි. සෞරග‍්‍රහමණ්ඩලයේ කෙළවර එසේ සනිටුහන් විය. අයිස් වලින් සමන්විත කුඩා ලෝකයක්. අපගේ චන්ද්‍රයාටත් වඩා කුඩා ය. චැරෝන් නම් පරිවාර ග‍්‍රහයෙක්ද එය සතුය. එහෙත් ප්ලූටෝ සක්මන් කරන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ පිටත දාරය ඔස්සෙයි. දිය සුළියන්ගෙන් ගහන වූ ලෝකයේ, නැප්චූන් හී අහස මෙන්,සහ සූර්යයාගේ කක්‍ෂය වන් යුරේනස් මෙන් පරිභ‍්‍රමණය වෙමින් භූමි ලක්‍ෂණයන්ගෙන් තොරවූ යෝධ ග‍්‍රහයන්ගෙන් පසෙකට වී ප්ලූටෝ වෙසේ.
අඟහරු ග‍්‍රහයාගේ වායුගෝලය තුළ කාබන් ඩයොක්සයිඞ් හීනවීමක් පවතියි.
සිකුරු ග‍්‍රහයා සම්පූර්ණයෙන්ම වැසී ඇත්තේ සල්ෆරික් ඇසිඞ් වලිනි. තවද මෙහි බුධ ග‍්‍රහයා හිඳී. සූර්යාගේ රෂ්මියෙන් දැවි දැවී,රාත්‍රියට අධික ශීතලෙන් මුසපත්ව පොදු සාධක අල්පයකින් සමන්විත එකිනෙකට වෙනස් ග‍්‍රහලෝක නවයක් මෙලෙස පවති. ඒ සියල්ලන්ගේම සූර්යයා එකකි. එකී සියල්ලම බැඳී පවතින්නේ ඒ මත පවතින ගුරුත්වාකර්ෂණය නිසාය. පසෙකින් පෘථිවිය වේ. සෞරග‍්‍රහමණ්ඩලයේ ප‍්‍රමාණත්වය අනුව තරමින් කුඩා ග‍්‍රහයෙකි. පාෂාණමය පෘෂ්ඨීය මතුපිටක පිහිටි එහි පවතින්නේ සිහින් වායුගෝලයකි. එහෙත් පෘථිවිය සියල්ලටම වඩා වෙනස්ය. එය සුවිශේෂීය. ජීවයද ඒ තුල පවතී. නා නා විධ විෂමතා වලින් හෙබි මෙවැනි ග‍්‍රහලෝක නිර්මාණය වුයේ කෙසේද?
හැල් ලෙවින්සන් තාරකා භෞතික විද්‍යාඥයෙකු වන අතර ග‍්‍රහලෝක පිළිබඳව පවත්නා අභිරහස හෙළිදරව් කරගැනීමට ඔහු උත්සාහ කරයි. එකී ග‍්‍රහලෝකවල උපත සිදුවූයේ කෙසේද? එය පුදුමාකාරයි. ඔබේ අවධානය යොමුකළොත් සෞරග‍්‍රහ මණ්ඩලයේ සියළුම ග‍්‍රහයින් පිළිබඳව, පෘථිවිය මෙන්ම අනෙකුත් පාෂාණමය ග‍්‍රහලෝක පිළිබදවත්, යෝධ ග‍්‍රහලෝකවල කක්ෂයන් මෙන්ම,බ‍්‍රහස්පති හා සෙනසුරු පිළිබඳවත්, භාහිර සීමාවට ඔබ්බෙන් පිහිටි අනෙකුත් ග‍්‍රහලෝක බහුතරය පිළිබඳවත්, යුරේනස්, නැප්චූන් සහ ප්ලූටෝ යනාදිය නිමවී ඇත්තේ සියුම් දූවිල්ලෙන් සැදුනු ඝනද්‍රව්‍ය වලිනි. ඒවා අප අතේ තිබෙන දූවිලි වලටත් වඩා සියුම්. ප‍්‍රමාණය හෝ ඝනත්වය පිලිබඳව කතාකළොත් සිගරට් දුමකින් පිටවෙන ධූම තට්ටුවටත් වඩා සියුම්. මම තාරකාභෞතිකවිද්‍යාඥයෙක්. මා උනන්දුවෙන්නේ චක‍්‍රවාටයේ සැඟවී පවතින අප‍්‍රකට දේ සෙවීමයි. මීට අවුරුදු 5කට පමණ කලියෙන් මා තුළ දැඩි වුවමනාවක් ඇතිවුනා මෙවන් ද්‍රව්‍යයන් වලින් කෙසේද අපි අද දකින ග‍්‍රහලෝක සැදුනේ කියා සෙවීමට. 18වැනි ශත වර්ෂය වන විට තාරකාවිද්‍යාඥයයන් සොයාගනු ලැබුවා, චක‍්‍රවාට පිරී පවතින්නේ නෙබූලේ නමැති එහා මෙහා පාවෙන ගෑස් වළාවකින් කියලා. සමහරවිට මේ ගෑස් වළාව වෙන්න ඇති ග‍්‍රහලෝකවලට අමුද්‍රව්‍ය වූයේ.
කාලයකට ඉහත දර්ශනවාදියෙකු වූ ඉමානුවෙල් කැන්ට් මෙන්ම ගණිතඥ සයිමන් ඞී ලැල්පේස් අහසේ තිබෙන ග‍්‍රහලෝකයන්හී කක්ෂයේ තුල්‍යරූපි දිසාව අධ්‍යයනය කරමින් සිටියා. ග‍්‍රහලෝක නිර්මාණය වුනේ, සූර්යයාගේ බිහිවීම සිදුවේද්දී එය වටා විසිරී වළල්ලක් මෙන් සැදුනු ධූලි සහ ගෑස් වලාවකින් යැයි, ඔවුන් අදහසක් ඉදිරිපත් කලා. සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත තනි ක්‍රියාවලියකින් ඔවුන් එසේ විස්තර කළා. එය බැලූ බැල්මට කදිම අදහසක්. එහෙත් පැටලිලි සහගත වූ ඔවුන්ගේ න්‍යාය අනාගත සියවස් ගණනක් එසේ එලෙසම පැවතීය. අජටාකාශ යුගය දක්වා ලෝකය ගමන් කරන තුරු එය සත්‍යයක් විය. 1944 සැප්තැම්බර් ලන්ඩනය පුරා වැටලීමක් ක්‍රියාත්මක වෙමින් තිබිණි. අභිරහස් අවි ආයුධ අහසෙන් කඩා හැලෙන්නට විය. පළිගැනීමේ අධිටනින් හිට්ලර් සැකසූ ආයුධ නිසා ජනතාව භීතියෙන් ඇලලී උන්නෝය.
අතිජ්වනික යුධ මිසයිල පිළිබඳව කිසිවක් ඔවුන් දැන නොසිටියේය. යුරෝපා භුමිසීමාවේ සිට ගමන් කරන්නට එයට අවශ්‍ය වුයේ මිනිත්තු 6ක් පමණි. මේ මිසයිල පිටුපසින් දිවෙන තාක්‍ෂණය ඇදහිය නොහැකි තරම් දියුණුය. එකී තාක්‍ෂණය වැඩි දියුණු කළේ එක්තරා දක්‍ෂ තරුණයෙකි. නමින් හෙතෙම වර්නර් වොන් බ්‍රෝන් ය. ඔහුගේ රොකට්ටුව හැඳින්වූයේ වී ටූ (V2) යන නමිනි. මෙය නාසින්ගේ යුද්ධය වෙනුවෙන් මෙළොව එළිය දුටුවද, එය අවසානයේ ග‍්‍රහලෝක වෙත අපේ ගමන අරඹන්නට තීරණාත්මකම සාධකය බවට පත්විය.
ජර්මනිය පසුබහිද්දී ඇමෙරිකානු හමුදා වී ටූ (V2) කර්මාන්තශාලා සොයමින් ගමන් කරන්නට විය. යුරෝපය තුළ යුධ ගිනි නිවී යද්දී වොන් බ්‍රෙන් සහ ඔහුගේ ඉංජිනේරු සගයින් එක්සත් ජනපදයේ යුධ හමුදාවට එක්වෙමින් සිය සේවය සපයන්නට විය. මෙක්සිකෝවේ කාන්තාර ප‍්‍රදේශවලින් අත්පත්කරගත්තා වූ රොකට් යානා වල කොටස් ජර්මන් හා ඇමෙරිකානු ඉංජිනේරුවන් අතින් නැවත එකලස්කෙරෙන්නට විය. යළි නිමැවුනු වී ටූ (V2) යානය කැමරා පරාසයද ඉක්මවමින් ගමන් අරඹන්නට ගත්තේය. ඉංජිනේරුවන් විසින් ඒ මත තාරකා දුරේක්‍ෂයන් ස්ථාපනය කරන ලදි. මෙම පද්ධතිය සැලසුම් කරනු ලැබූවේ ක්ලයිඞ් ටොම්බෝ විසිනි.
මේ සම්බන්ධව ඉව වැටී සිටී රතු හමුදාවන්ගෙන් බ්‍රෙන්ගේ රහස් රැකගනු පිණිස ජර්මානු රොකට් කර්මාන්තශලා සියල්ල ඇමෙරිකානුවන් විනාශයට පත් කළේය. එහෙත් ඔවුන් එහි පැමිණෙද්දී මොස්කව් කරා රැගෙන යන්නට තරම් ප‍්‍රමාණවත් යමක් සෝවියට් හමුදා සොයාගෙන තිබිනි. රොකට් කැබලි යලි සම්බන්ධ කිරීමේ කාර්යය පැවරී තිබුනේ සර්ජි පව්ලොවිච් කොර්ලොව්ට සහ ඔහුගේ දකුණු අත මෙන් වූ බොරිස් චෙර්ටොක් වෙතය. ඇමෙරිකාව කරා ගමන් කරවිය හැකි රොකට්ටු නිර්මාණය වෙමින් පවතින අතරතුර කෝර්ලෝවගේ නෙත්වල දැඩිව ස්ථාපනය වුනේ ග‍්‍රහලෝක වල පිහිටීමයි. එහෙත්, ආරම්භයේදී මේ සියල්ලේ ප‍්‍රතිපාදන දියත් කෙරුනේ ඇමෙරිකාව විසිනි. සියවසේ නිමාව වන විට, රොකට් වලට සිනමා කැමරා සවිකළ ඔවුන් ඒවා වායුගෝලයේ ඉතාමත්ම ඉහළ පරාසයකට යැවීමට කටයුතු කළේය. පෘථිවියෙන් ළඹ සැතැප්ම 18ක් එපිටින් රැඳී සිටීමට ඒවාට සිදුවිය. ආශ්චර්යයකට මෙන් ඉන් සමහරක් නොනැසී පැවතිනි. තමන් සතු දුරේක්‍ෂයවලින් දැකිය නොහැකි එකම ග‍්‍රහලෝකයේ සියුම් දසුන විද්‍යාඥයන්ට දැකගත හැකි වූයේ ඉන්පසුවයි. මුල්ම වතාවට පෘථිවියේ නැම්ම අපිට දැකගන්න හැකිවුන අතර අප ජීවත්වෙන්නේ පාෂාණමය හා යකඩ වලින් සමන්විත යෝධ බෝලයක බැව් සොයාගත්තා. එවන් ලෝකයක් කෙසේද ධූලි
වලාවකින් නිර්මාණය වුනේ? එවිටයි එහි සංකීර්ණත්වය පැන නැගුනේ.
ජෝර්ජ් වෙතර්හිල් සිය වෘත්තිය ලෙස තෝරාගත්තේ ග‍්‍රහලෝක වල උත්පත්තිය කෙසේ සිදූ වූවාද යන්න සොයාබැලීමයි. ඔහු මේ සඳහා යොමුවේද්දී,විද්‍යාව තුළ සිය තේජස පතුරුවා උන්නේ එක් මිනිසෙකි. මෙම විෂයමය කරුණ සම්බන්ධයෙන් සිය ජීවිත කාලය කැපකළ තවකෙකු නොවූ තරම්, ඔහු නමින් වික්ටර් සෆ්රොනෝව් වූ අතර ඔහු රුසියානු විද්‍යාඥයෙක්. ඔහු දෙවැනි මහා ලෝක යුද්ධය අවසාන වීමත් සමඟම අප වටහා ගත යුතු හා පිළිතුරු සෙවිය යුතු විද්‍යාත්මත ගැටළු මොනවාදැයි සොයාබලන්නට පටන්ගත්තා. සෞරග‍්‍රහ මණ්ඩලයේ බිහිවීම යන ප‍්‍රධාන ගැටළුව දෙස ඔහු අවධානය යොමුකළා. වික්ටර් සෆ්රොනෝව් වසර 200ක් පැරණි අදහසක් යලි අධ්‍යයනය කළ අතර එම අදහස් තුල වූයේ ග‍්‍රහලෝක නිර්මාණය වී ඇත්තේ ගෑස් සහ ධූලි කවයකින් බවයි. මෙකී සංකීර්ණ ක්‍රියාවලිය,ආකෘතිමය වශයෙන් සමාන්තර සුළු අදියර කිහිපයක් ලෙස ඔහු බෙදා වෙන්කළා. පළවෙනි අදියරය තවමත් පැහැදිලි නෑ. මතක තියාගන්න, අපි මේ මාතෘකාව ආරම්භ කරන්නේ තුනී ධූලි කොටසකින් වග. ඒවා ඉන්පසුව ගල් පර්වත හා කඳුවල ප‍්‍රමාණය දක්වා විශාල වීම ගැනයි අපේ මේ මාතෘකාව පෙළගැසෙන්නේ. එය ලෙහෙසියෙන් අවබෝධ කරගත හැකි යමක් නොවේ. සියලූම සිද්ධාන්තයන්ට මූලික වූයේ මෙවන් ධූලි වර්ගයක්ය. මෙම මූල ග‍්‍රහ නිහාරිකාවේ මධ්‍යම කොටසේ මේ ධූලි අංශූ තැන්පත් වෙයි. ගුරුත්වාකර්ෂණ අස්ථායිභාවය නමින් අර්ථ දැක්වෙන්නේ එයයි. ඒවායින් පාෂාණ පතුරු හටගැනෙනවා මීටර් 100ක විෂ්කම්භයක් දක්වා මේවා ප‍්‍රමාණයෙන් විශාල වෙනවා. සෆ්රොනෝව්ගේ දෙවැනි අදියරය ඒ තරම් සංකීර්ණ නොවීය. එය හැඳින්වූයේ 'අධිවර්ධනය' යනුවෙනි. අදහාගතනොහැකි තරම් ඉක්මණින් ඔහු ඒවා නිර්ණය කලේය. ඒ අනුව පාෂාණමය කොටස් එකිනෙක හා බද්ධ වීමෙන් ග‍්‍රහලෝකවල ගර්භය නිර්මාණය වු බවත්, ඒවා ක‍්‍රමයෙන් වර්ධනය වෙද්දී ගුරුත්වාකර්ෂණය නම් බලයක් ඊට පදනම් වූ බවත් සොයා ගත්හ. වික්ටර් සෆ්රොනෝව් තවත් අපූරු දෙයක් සොයාගත්තේය. එය නම්,මේ ඝනද්‍රව්‍ය වැඩෙමින් පවතිද්දී ප‍්‍රමාණයෙන් විශාල වූ පාෂාණ කුට්ටි කුඩා ප‍්‍රමාණයේ ඒවා ආහාරයට ගන්නා බවයි. ජීවන සිද්ධාන්තයක් මෙන්,විශාල වන අතරතුරත් තමන්ට වඩා ප‍්‍රමාණයෙන් කුඩා එවුන් ආහාරයට ගන්නා අයුරුයි සොයා ගන්නා ලදි. අප‍්‍රමාණ වූ සංඛ්‍යාවකින් ආරම්භ වී කඳු පර්වත තරම් විශාලව වැඩෙමින් ඒවා 100ක් පමණ අවසානයේ අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇතුළත කොටසේ තැන්පත් වේ.
චන්ද්‍රයා තරම් වූ කොටසක් අවසානයේ අඟහරු තරම් ප‍්‍රමාණයකට සෑදේ. සම්පූර්ණයෙන් නිමවුනු ලෝකයන් වෙතට අවට ඉතිරිව ඇති සියල්ල අවශෝෂණය වේ. එලෙසින් අන්තිම අංශුව දක්වාම එකිනෙක මත තැන්පත් වේ. දැනට ග‍්‍රහලෝක 4ක් ලෙස ගණන් බලා ඇති සොෟරග‍්‍රහ මණ්ඩලයේ ඇතුළත කොටසේ එක් වරක්, එවන් ලෝක 100කටත් වඩා පැවතියයි අනුමාන කෙරෙයි. එවන් ලෝක සියගණනකින් අවසානයේ හතරක් පමණක් ඉතිරිවූයේ කෙසේද යන්න ප‍්‍රහේළිකාවකි. එහෙත් වික්ටර් සෆ්රොනොව් ඊට යමක් ඉදිරිපත් කළේය. එකී පරිවර්තන ක්‍රියාවලිය හේතුවෙන් එම ග‍්‍රහලෝක වලට ඇතිවූ බලපෑමෙන් හට ගැනුනු කැළැල් එය පුරා විසිරී පවතින බවයි.
අපට සඳ මත දැකිය හැක්කේ මේවාමද? බටහිර ජාතීන්ට නොදැනෙන්නට, ග‍්‍රහලෝක බිහිවීමේ න්‍යාය පිළිබඳව තවත් අඩියක් පෙරට තබන්නට සෆ්රොනොව්ට හැකිවිය. ඇතැම්විට,සෞරග‍්‍රහ මණ්ඩලයේ කිසියම් තැනක ඔහුගේ න්‍යායට ප‍්‍රමුද්‍රාව සපයන ග‍්‍රහලෝකයක් පවතිනවා විය හැකිය.
1957 දී, ඇමෙරිකාව ලොවට හඬගා කීවේ ඔවුන් අභ්‍යාවකාශ යුගයට අවතීර්ණ වී ඇති බවයි. ලොව පළමු කෘත්‍රිම චන්ද්‍රිකාව දියත් කරන්නට ඔවුන් කටයුතු සැලසීය. එසැනින්,සෝවියට් සමූහාණ්ඩුව තුලින් කෝර්ලෝව්ගේ ප‍්‍රතිචාරයද කරළියට ආවේය. ඇමෙරිකාව හා පිම්මේ තරඟ කරන්නට,කොර්ලොව් පටන් ගත්තේ මෙතැනදීයි. ඇමෙරිකානුවන් පරයා යමින් පළමුවැන්නා වීමටයි ඔහුට ඕනෑ වුයේ අනෙක් රටවල මෙන් තම රට ඉදිරියට ගෙන ඒමට ඔහුට ඕනෑ වූවායැයි සිතිය හැකි නිසාය. ඉන්පසුව ඔහු ඇමරිකානුවන්ට කලියෙන් චන්ද්‍රිකාව ගුවන් ගතකරීමට අධිටන් කරගන්නට ඇත. අවසානයේ කෲස්චෙව් මේ උත්සාහය අත්හදා බලන්නට ඔහුට ඉඩ හරින ලදි. ඉන්පසුව,කොර්ලෝව් කළේ තමන්ගේ ඉංජිනේරු සගයින් තුළ මෙය කළහැකි කාර්යයක් යන සිතිවිල්ල රෝපණය කිරීමයි.
1957 ඔක්තොම්බර් 4 වනදා,ඇමෙරිකානුවන් තම සැලැස්මේ අවසාන අදියරයට පිවිසෙමින් සිටින අතරතුර 'ස්පුට්නික්'යානය ගුවනට මුදා හැරුනා. වසර 40කට පසුව මේ දක්වාත්,කොර්ලෝව්ගේ ජයග‍්‍රහණය රුසියානුවන් මහත් ගරුසරින් සමරනු ලබනවා. ඒ කල ඔහු ගතකළේ ඉතාම ආඩම්බරයෙන්. එය අද්විතීය ජයග‍්‍රහණයක් බැව් ඔහුන් මැනවින් දැන හිටියා. ඊට පසුදා, භාහිර ලෝකයෙන් ලැබෙන ප‍්‍රතිචාර,අප දේශය තුළින් නැගෙන ඒවාට වඩා ප‍්‍රබල බැව් ඔහුට වැටහී ගියා. අවට ලෝකය මේ සම්බන්ධව දරණ ආකල්ප තමන්ගේ ආකල්ප ඉක්මවා යන බැව් ඔහුට තේරුනා. විශේෂයෙන්ම ඇමෙරිකාවෙන්. කොර්ලොව්ගේ රොකට්ටු අභ්‍යාවකාශයට පිවිසෙන දොරටු විවර කළා. ග‍්‍රහලෝක වලින් එන්නේ ආරාධනාවක්.
බෲස් මරේ යනු, ඇමෙරිකානු අභ්‍යාවකාශ ක්‍රියාවලියේ ප‍්‍රවීණයෙක්.
ඔහුගේ වෘත්තිය ගමන් මග ඇරඹුනු සමයේ,ග‍්‍රහලෝක හා මිනිසුන් අතර පැවතියේ අසීමාන්තික දුරක්. ඔහුට තවමත් මතකයි දුරේක්‍ෂයකින් අඟහරු දුටු මුල්ම වතාව. මට අදහාගන්න බැරිවුනා. ඒ පිළිබඳව සෙවීමට මා පිස්සු වැටුනා.
සැබෑවටම දැකගත හැකි වස්තුවක් තියෙනවා. එය ත්‍රිමාණ හැඩැති දෙයක්,පෙනෙන්නේ ඒ විදියට තමයි. "එය වර්ණයන්ගෙන් පිරිලා. දිලිසෙනවා. මට ඒ ගැන ආශාවක් ඇතිවුනා. එය ඇත්තටම කොහේ හෝ පවතින තැනක්. මා පාසලේදී ඉගෙනගත් දේම පමණක් නොවෙයි. ගැටවර සමය ඉක්මවද්දී, ග‍්‍රහලෝක අළලා කාල- අපගමන චිත‍්‍රපටි නිපදවූ භෞතික විද්‍යාඥ බොබ් ලෙයිටන් යටතේ බෲස් මරේ අධ්‍යන කටයුතු ආරම්භ කළා. ග‍්‍රහලෝකවල භ‍්‍රමණය පෙන්නුම් කරන්නට මේ පින්තූර ඉවහල් වූවා සේම,අතරින් පතර නවතා, පෙර පින්තූරයට නැවත ගොස් කාලය නිර්ණය කිරීමේ හැකියාවක් තිබූනා. ඒවා හේතුවෙන් අඟහරු පිළිබඳව චිත‍්‍රයක් මවාගන්නට කා හටත් හැකිවිය. ඔහු මේවා කළේ හුදෙක් විනෝදය පිණිසය. ලෙයිටන්ගේ චිත‍්‍රපටි නිසා ග‍්‍රහලෝකවල චලනය දැකගත හැකිවිය. මුල්ම වතාවට තාරකාවිද්‍යාඥයන්ට හැකිවුනා බ‍්‍රහස්පතිගේ චන්ද්‍රයන්ගෙන් එකක් සිය මව් ග‍්‍රහයා වටා කක්ෂගත වන හැටි දකින්න. පරිභාහිර ග‍්‍රහලෝක ගෑස් මූලාවයව කොටගන්නා ග‍්‍රහයින් බ‍්‍රහස්පති සහ සෙනසුරු සැදී තිබෙන්නාවූ මනස්කාන්ත ආකෘතිමය ස්වාභාවය අපට දැකගත හැකියි. අපගේ අභ්‍යන්තර සෞරග‍්‍රහ මණ්ඩලයේ දැකිය හැකි ප‍්‍රධානම දේ විවිධත්වයයි.
1964 දී ඇමෙරිකානුවන් මැරීනර් 4 අභ්‍යාවකාශ ගතකළේ තවත් ග‍්‍රහලෝකයක පින්තූර යළි මෙහි එවීම පිණිසයි. ඒවා නැවත පෘථිවිය කරා ගෙන ඒම පැවරී තිබුනේ බොබ් ලෙයිටන්ටයි. ඔහු බෲස් මරේටත් ආරාධනා කළා මේ කටයුත්තේදී අත්වැල් බැඳගන්නට. මෙය නම් ඉතාමත් වටිනා අත්දැකීමක්. සමීප ඡායාරූප හසුකරගන්නා කැමරාවකින් අඟහරු ග‍්‍රහයා නිරීක්‍ෂණය කරන පළමු විද්‍යාඥයින් දෙදෙනා වීම. මේ මැරීනර් පාලන මැදිරියයි. අභ්‍යවකාශ යානය දැන් ඇත්තේ පෘථිවියෙන් හැත්ප්ම මිලියන 134.217ක් හා අඟහරුගෙන් හැතැප්ම මිලියන 50.142ක් දුරින්. මාස 8ක් පුරා විහිදුනු ගමනාන්තයකින් අනතුරුව,මැරීනර් 4 ස්වකීය ඉලක්කය සම්පූර්ණ කරගනිමින් සිටියේය. පළවෙනි පින්තූරය එම ග‍්‍රහයාගේ භූමිභාගයෙන් හැතැප්ම 176ක පමණ වපසරියක් ආවරණය කරනු ඇත. දැන් ආරම්භ වන මීළඟ මිනිත්තු හතර තුළ කැමරාවේ ශටරය විවෘත වනු ඇත. ඒ සමඟම පටිගත වීම ආරම්භ වනු ඇත. ඒ මොහොත එළැඹෙන තුරු නොඉවසිල්ලෙන් බලාඋන්නේ අනෙකුත් විද්‍යාඥයින් පමණක් නොවේ. ජනතාවත්, ප‍්‍රවෘත්ති මාධ්‍යයත් ඒ සඳහා සැදී පැහැදී උන්නෝය. කිමද යත්, අඟහරු තුළ ජීවය පවතී යයි විශ්වාසයක් හා කුරුමිට්ටන් වෙසේ යැයි ප‍්‍රකට මතයක් කොයි කා අතරත් වූ නිසාවෙනි. මැරීනර් 4 අත්හදා බැලීමෙන් අසු කරගත් වපසරිය අනුව ලැබූ දත්තයන් තුළින් ග‍්‍රහයා පිළිබඳව තමන් සිතා සිටි නියමයන් වැරදි බැව් ඔවුන්ට අවබෝධ විය. එහි ජීවයක් පවතින ළකුණු දිස් නොවීය. ඇතැයි සිතූ ගහකොළ කිසිවක් එහි නොවීය. රාමුවෙන් රාමුව පින්තූර වලින් දිස්වුනේ අජීවි, සමතලා භූමි භාගයකි. 12 වන රූප රාමුවට පිවිසෙද්දී ඔවුන්ට දැකගැනීමට හැකිවුනා යමක් පැහැදිළිව අපිට පෙනී ගියා මෙවැනි විශාල ආවාට අඟහරු මත කිඃමී 300ක්, හැතැප්ම 200ක් පුරා විහිදී පැතිරුණු ආවාට, සංඝට්ටන ආවාට. වර්ෂ බිලියන 3ක් හෝ 4කට කලින් එහි මූලික අවධිය සම්බන්ධයෙන් එක් තීරණාත්මක සාධයකයක් තහවුරු වුනා. අප වෙත ලැබුනු මේ පින්තූර අතලොස්සෙන් අපි ඉතාම ප‍්‍රබල නිගමනයකට පිවිසුනා. ඉන් කවුරුත් පුදුමයට පත්වුනා. සෝවියට් සමූහාණ්ඩුව සිසාරා මේ පුවත පැතිරයද්දී ඒ ගැන ඒතරම් පුදුමයට පත්නොවූ එක් පුද්ගලයෙකුද විය. වික්ටර් සෆ්රොනොව් ඒවනවිටත් ආවාට ඇති බැව් දැන උන්නේය. එම මොහොතේ පටන් සෆ්රොනොව්ගේ සංකල්ප බටහිර ලෝකය තුළ සාකච්චාවට භාජනය විය. මෙහි භාවිතා වුනු ඉහළ මට්ටමේ තාක්‍ෂණය ජොර්ජ් හිල්ට උපකාරි වුනා අධිවර්ධ න්‍යාය ඉදිරියට ගෙනයාමට. එය හඳුන්වන්නේ ග‍්‍රහලෝක විෂය පථයක් ලෙසයි. එහි සඳහන් වෙනවා හිරු වටා,කක්ෂය තුළ භ‍්‍රමණය වන්නාවූ.
වස්තූන් විශාල ප‍්‍රමාණයක් නැතිනම් කුඩා ග‍්‍රහලෝක පිලිබඳව. අප සොයාගත යුතුවන්නේ විශාල ප‍්‍රමාණයේ ග‍්‍රහලෝක නිර්මාණය කිරිමට,එම කුඩා කොටස් එකරැස්වන්නේ කෙසේද කියා යි. වෙතර්හිල්ගේ පරිගනකය අනාවරණය කළා ග‍්‍රහලෝකවල උපත සිදුවූ කාල පරාසය පිළිබඳ හෝඩුවාවක්.
පරිගනකයක් තුළින් එම ප‍්‍රශ්නය විසඳන්න උත්සාහ කරද්දී අපට දැනගන්න ලැබුනේ. ඒවා වර්ධනය වෙද්දී, අනිත් ග‍්‍රහලෝකවල කක්ෂය හරහා යන තවත් කක්ෂයන් බවට හැරෙමින් අනෙක් කොටස් වික්‍ෂිප්තභාවයට පමුණුවන බවයි. ඉනික්බිති, සෆ්රොනොව්ගේ ග‍්‍රහලෝක හමුදාවේ සම්පූර්ණ වූ කක්ෂයන් ප‍්‍රබල ලෙස බාධා පමුණවන්නට විය. ඒවා එකිනෙක හා ගැටෙද්දී සෞර ග‍්‍රහ මණ්ඩලය පතොරම් අහිමිවූ කාලතුවක්කු ලෙසින් හැඳින්විය. ලෝකයන් අතර ඇතිවූ සංඝට්ටනය අනිවාර්ය සාධයකක් බවට පත්විය. ජෝර්ජ් අවබෝධ කරගත්තා එය අයාලේ යාමක් බව. හැම දෙසින්ම ආ සියළුම වර්ගයේ ග‍්‍රහලෝක අභ්‍යන්තර සෞරග‍්‍රහ මණ්ඩපයට ඇතුල්වුනා. එක්කෝ ඒවා සූර්යයා හා ගැටුනා, නැතිනම් බ‍්‍රහස්පති විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබුවා. ඉන්පසුව සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට විසිවුනා. වෙදර්හිල් පැවසූ දේ නිවැරදි නම්,මෙම අවධියේදී සූර්ය පද්ධතියේ අභ්‍යන්තරය ග‍්‍රහලෝක වල සුන්බුන් සමඟ විසිරී ගියා. නොනැසී පැවතුනු ග‍්‍රහලෝක හතරට සිදුවුනා විවර්ෂණයේදී අවසාන කාල පරිචිඡේදයේදී දිවි ගලවාගැනීමට.
😃😃😃😃..................ඉතිරිය ඉදිරියට........................😃😃😃😃
0 Reviews