ඇමරිකාවේ නාලිකාවක් වන History නාලිකාව හරහා සිදු කරනු ලැබු ගවේෂණාත්මක ලෝක අර්ථකතනය යන තේමාව හරහා ලෝක සත්‍යයන් අවධාරණය කිරිමේ බලාපොරොත්තුව මත ලෝකයේ අභිරහස් ස්ථාන හා පිටසක්වල ජීවීන් පිළිබදව සිදුකල පර්යේෂණාත්මක තිර රචනය ආශ්‍රය කොට ගනිමින් පිටසක්වල ජීවීන් යයි නම් ලද පිරිසක් සිටිත්ද?..අතීතයේ සිට පෘථිවිය පිටසක්වල ලෝක සමග සම්බන්දතා පැවැත්වීද?.. ඔවුන් මිනිසුන් මැව්වාද?..... යන්න විද්‍යාත්මක විචාරයට එක්වන්න......තෙවන කොටස
ශතවර්ෂ ගනනාවක් තිස්සේ මනුෂ්‍ය වර්ගයා විශ්වාස කළා ජීවය පවතින්නේ පෘතුවිය මත පමණක් බව. එහෙත් අද වනවිට අප තනි වී නැති බවට බොහෝ විද්‍යාඥයන් එකග වෙනවා.පැවතුන සෑම ශිෂ්ඨාචාරයක්ම පාහේ විශ්වය තුල අපි තනිවී නැති බව පවසනවා. බොහොම, බොහොම කාලෙකට පෙර, පිටසක්වලයන් මෙහි පැමිණ අපගේ ජානවලට ඉලක්ක ගත වෙනස්කම් සිදු කිරීමෙන් අපි මිනිසුන් බවට පත්වුනා සිද්ධාන්තයක් හැටියට, පිටසක්වලයන් සමග සබදකම් පැවැත්වූ ලොවපුරා පැතුරුන ශිෂ්ඨාචාරයක් තියෙනවා. ඒවගේම අද ඉන්නා වූ මනුෂ්‍යයන් මේ පිටසක්වලයන්ගේ ජානමය අභිජනනයක් විය හැකියි. ඔවුන් එනවානම්, ඇතැම් විට ඔවුන් දිගටම මෙහි සිටියා වෙන්නත් හැකියි.
මිලියන ගණන් මිනිසුන් විශ්වාස කරනවා අතීතයේදී පිටසක්වල සත්වයන් මෙහි පැමිණි බව, එහෙත් එය සත්‍යනම්? පෞරාණික පිටසක්වලයන් ඇත්තෙන්ම අපගේ ඉතිහාසය හැඩගන්වන්න සහය දුන්නාද? එසේනම්, ඔවුන් මෙහි ආවේ ඇයි? ඔවුන්ගේ පරමාර්ථය වුයේ කුමක්ද?
ඔවුන් කවුද?
ඔවුන් ආවේ ඇයි?
ඔවුන් තබා ගියේ මොනවාද?
ඔවුන් ගියේ කොහෙද?
ඔවුන් නැවත පැමිනේවිද?
පෞරාණික පිටසක්වලයන් වැඩසටහන් මාලාව තෙවන කථාංගය මෙයින් ආරම්භ වේ.
1969 ජුලි 20 වෙනිදා ඇපලෝ 11 මෙහෙයුම එහි ගමනාන්තයට ලගා වු මිනිසුන් දෙදෙනෙක් -- නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ බස් අල්ඩ්‍රින් -- සත්‍ය වශයෙන්ම සද මත ඇවිද්දා. ඒ සත්වයන් සිය නිවසෙන් පිටත අභ්‍යවකාශයේ පිටසක්වල ලෝකයකට සංචාරය කල ප්‍රථම වතාවයි. ඒත් එහෙමමද විශ්වයේ වෙනත් ග්‍රහලෝකයකට යාමට හැකි වූ ප්‍රථම සත්වයා අපිමද? විශ්වයේ විශාලත්වයත්, අපේ චක්‍රාවාටය තැනෙන්න ගතවූ වසර බිලියන ගනනත් සලකා බලු විට මීට පෙර අවුරුදු මිලියන ගණනක කාල පරාසය තුල ඇතැම් විට දහස් වාරයක් වුවත් එවැන්නක් සිදු වීමට ඉඩ තිබුනායයි සිතීම එතරම්ම අපහසුද? පෞරාණික පිටසක්වල ගගනගාමී කල්පිතය දක්වන්නේ අවුරුදු දසදහස් ගණනකට පෙර, බිල් බයිරන්ස්, පී එච්, ඩී. ලේඛක/හදුනානොගත් පියාබන වස්තුන් ගවේෂණ ඉතිහාසය වාර්තා වෙන්නටත් පෙර, වෙනත් ලොවකින් ගගනගාමීන් පෘතුවියට පැමිණ තිබෙන බවයි. එහෙත් පිටසක්වල සත්වයන් පොලවට ආවනම්, ඒ ඇයි? ඔවුන් ආවේ ගවේෂනයටද? කොල්ලකන්නද? අධ්‍යනයටද?, දඩයමටද, නැතිනම් අභිජනනයටද? ආමස්ටෝන් සහ අල්ඩ්‍රින් ඔවුන්ගේ පුදුම සහගත වට පිටාව ගවේශනය කරද්දී ඔවුන් දුටුවේ චන්ද්‍රයා මුඩු භූමියක් බවයි. ජීවය රහිත පාෂාණ සහ දුවිලිවලින් තැනුන ක්ෂේම භූමියකට වැඩි යමක් එහි තිබුනේ නැහැ. එහෙත්, 1986දී, තවදුරටත් කෙරුණ පර්යේෂණවලින් දැක්වුනා චන්ද්‍රයා මතුපිට, ඉතාම බලවත්, පරිසර දුෂණයෙන් තොර, විකිරණ ශීලී නොවන, ඉන්දන මුලාශ්‍රයක් වන හීලියම් -3 විශාල වශයෙන් තිබෙන බව, විසේසඥයන් ඇස්තමේන්තු කරන්නේ මේවා පිරවූ එක අභ්‍යවකාශ ෂටලයකින් එක්සත්
ජනපදයේ සම්පූර්ණ ඉන්දන අවශ්‍යයතාව වසරක් පුරා සැපිරිය හැකි බවයි. හිතා බලන්න අභ්‍යවකාශ යානා සමූහයන් සද සහ වෙනත් ග්‍රහයන් මත ස්වභාවික සම්පත් සොයා කැනීම් කිරීම.වෙනත් ලෝකවල සිට පැමිනේනන්ට පෘතුවිය ගමනාන්තයක් වීමට හේතුව මෙයින් පැහැදිලි කල හැකිද? අපි රොබෝ පතල් කරුවන් සමග ගිහින්, පස්සේ මිනිස් පතල් කරුවන් කණ්ඩායම්නුත් රැගෙන ගිහින් වෙනත් ග්‍රහලෝකවල කැනීම් කරලා ලෝ පස් ලබා ගනියි. යාත්‍රා ඇවිත්, ඒ ලෝහ පටවාගෙන ආපහු අරන් ඒයි හොදයි, අපි එය කරනව නම්, පිටසක්වලයන් නොකරයිද?එහෙත් පිටසක්වල පතල්කරුවන් අවුරුදු දහස් ගණනකට පෙර පොලවට ආවානම්, ඒ පිලිබද සාක්ෂි නොතිබේවිද? ඉරාකය ලෙස හදුන්වන, මේ ප්‍රදේශය තමයි, පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් පවසන පරිදී ශිෂ්ඨාචාරයේ තොටිල්ල. ක්‍රි පූ 3500 සහ 1900 අතර ටයිග්‍රස් සහ යුෆ්රෙටීස් ගංගා අතර සාරවත් ප්‍රදේශය සුමේරියානු ජනයාට නිවහන වුවා. සුමෙරියන්වරු, ලෝකයේ හතරැස් වීදී ජාලා සහිත නගර ඉදිකළ මුල්ම සංස්කෘතිවලින් එකක්.[ජෝර්ජියෝ ට්සුකලොස්, ප්‍රකාශක, ලෙජන්ඩරි ටයිම්ස් සගරාව]
ඔවුන් වටකුරු ගල් සොයා ගත්තා.ඔවුන්ට අපවහන පද්දතියක් තිබුණා.ඔවුන් කෘෂිකර්මය ඉගැන්වුවා. මැටි පුවරු මත කියුනිෆෝම් අක්ෂරමාලාවක් යොදාගනිමින් දැනට හදුනාගෙන ඇති පැරණිම ලේඛන පද්ධතියත් හදුන්වා දුන්නේ ද සුමෙරියවරුයි.19 ශතවර්ෂයේදී පෞරාණික නිනේවා නටබුන් ගවේෂනයකළ පුරාවිද්‍යාඥයන්, මෙවන් මැටි පුවරු 22000ක් පමණ සොයා ගැනු ලැබුවා. පසුව එම ලේඛන පරිවර්තනය කළ විට යුදෙව්-ක්‍රිස්තියානි බයිබලයේ සදහන් කතාවලට සමාන බොහෝ කතාන්දර සොයා ගැනු ලැබුනා
උප්පති කතාවේ තියෙන හැම කතාවක්ම වගේ,
[ආතර් ඩී හොර්න්, හියුමනිටිස් එක්ස්ට්‍රාටෙරෙස්ට්‍රියල් ඔරිජින්ස්- (මනුෂ්‍යාගේ පිටසක්වල සම්භවය)
ජල ගැල්මේ කථාව, ඇඩම් සහ ඊව් කථාව -- ඒ හැම එකක්ම ආරම්භ කරලා තියෙන්නේ පෞරාණික සුමේරියන්වරු. 1976දී ලේඛක සැකරායා සිචන් සුමේරියානු ලේඛනවල ඔහුගේම පරිවර්තනයක් පල කළා ඔහුගේ අර්ත් ක්‍රොනිකල්ස් නම් පොත් මාලාව තුලින්, සිචන් අනුව මැටි පුවරු පැහැදිලි කරන්නේ අනුනාකි නම් රත්‍රන් කැනීම සදහා පොලවට ආ පිටසක්වල වර්ගයක් ගැනය.සැකරායා සිචන්ට සදහන් කරනවා ඈත අතීතයේ ඔවුන් පැමිණීමට හේතුව පෞරාණික ගගනගාමින්ගේ මවු ග්‍රහයාගේ වායුගෝලය සදහා රත්‍රන් අවශ්‍ය වූ නිසා බවයි. ඔවුන්ගේ වායුගෝලයේ රත්‍රන් ප්‍රමාණය පහත වැටෙමින් තිබුණා. ඉතින් ඔවුන් පොලවට පැමිනියේ රත්‍රන් කැණ ඒවා ඔවුන්ගේ මවු ලෝකයට රැගෙන යාමටයි. එහෙත් ඇයි රත්‍රන්ම? චක්රාවාටය හරහා පැමිනෙන්නට හේතුවෙන්නට තරම් මේ වටිනා ලෝහයේ තිබෙන විශේෂ ලක්ෂණ මොනවාද? මං හිතන්නේ පිටසක්වලයන්ට අපිට වගේම රත්‍රන් කියන්නේ වටිනා සම්පතක් වෙන්න ඇති
[මයිකල් ඩැනින්, පී එච්, ඩී/භෞතික විද්‍යාඥ, යූ සී අර්වින්]
ඒක අපේ සමාජයට පොඩ්ඩක් හරි සමානනම්, ඔවුන් කරන ප්‍රධානම දෙයක් තමයි විද්‍යුතය නිපදවන එක රත්‍රන් කියන්නේ හොදම විද්‍යුත් සන්නායකයක්. එහි ආහන්‍යතාව සහ කම්බි බවට පත් කිරීමට ඇති හැකියාවත් ඉතා කුඩා නැනෝ අංශු වැනි ආකාරවලින් භාවිතයට ඇති හැකියාවත් නිසා අපි තරමට විද්‍යුතය හා තාක්ෂනය භාවිත කල හැකි තලයකට පැමිණ සිටින ඕනෑම ආකරයක ජීවී වර්ගයකට එය විශ්මිත තාක්ෂණික සම්පතක් වෙනවා.එක අපූරු දිශාවක් තමයි කෙලින්ම විද්‍යුතය බවට පත් කල හැකි, තාප විද්‍යුත් ප්‍රතිවිපාක නමින් හදුන්වන ලක්ෂණ තුලින් බලශක්ති ප්‍රභවයක් හැටියටත් භාවිත කරන්නත් පුළුවන් වීම. මේක පැහැදිලිවම හොද පිරිසිදු බලශක්ති මුලාශ්‍රයක්. රත්‍රන්වල ශක්තිය ජනනය කරන්න ඇති හැකියාවත්, තාප සන්නායන හැකියාවත් නිසා ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරනවා අභ්‍යවකාශ යානා තැනීමේදී රත්‍රන් අමිල වත්කමක් විය හැකි බව.රත්‍රන් ඇත්තටම අධෝරක්ත කිරණ පරාවර්තනය කරනවා.අධෝරක්ත කියන්නේ ඇත්තෙන්ම රක්ත වර්ණ නොවන ආලෝකයක්. එය අපිට පෙනෙන්නේ නැහැ, ඒත් රස්නය හැටියට අපිට ඒක දැනෙනවා. විකිරණ අපේ ජීව අනු එක්ක සම්භන්ධවෙලා ඉතා වේගෙන් කම්පනය වෙන්න පටන් ගන්නවා. රස්නය ලෙස දැනෙන්නේ එයයි.ඉතින් ඒක ඉතාම හොද තාප නිවාරණයක් බවට පත් වෙනවා,එහි ආහාන්‍ය බව නිසා ඉතාම තුනීයට හදත හැකි නිසාත්; හසුරවන්න පහසු නිසාත්, ඒවගේම පරාවර්තනයට සහ තාප ආවරණයක් හැටියට හොද ලක්ෂණ සහිත වීම නිසාත්.ඇත්තටම ඉතාම කල් පවතින ලෝහය රත්‍රන් වේ.
ඩේවිඩ් චයිල්ඩ්රස්/ ටෙක්නොල්ජි ඔෆ් ද ගෝඩ්ස් - (දෙවියන්ගේ තාක්ෂනය)
රත්‍රන් විනාශ කළ නොහැකියි.පෞරාණික කාලයේ සිට තිබෙන රත්‍රන් පවා තවමත් තියෙනවා.සැකරායා සිචන්ගේ කල්පිතය දිහා බැලුවොත්.ඊ ටීලා වෙනත් ග්‍රහලෝකෙක ඉදලා අවුරුදු 3600 ඉලිප්සීය කක්ෂේක තියෙන අපේ සෞරග්‍රහමණ්ඩලයට එනවා. ඔවුන්ගේ ඛනිජ ද්‍රව්‍ය ඉවර වෙන නිසා, විශේෂයෙන්ම මොකක් හරි නිසා ඔවුන්ගේ වායුගෝලයේ අතුරන්න ඕනේ කරන රත්‍රන් ඉවර වෙන නිසා,මේ පිටසක්වලයන් මුලින්ම අපේ ලෝකේ එයි.
එරික් වොන් ඩැනිකන්/කතෘ, චැරියට්ස් ඕෆ් ද ගෝඩ්ස් - (දේව රථ)
ඔවුන් ලග උපකරණ තියෙනවා මේ ග්‍රහලෝකේ අමුද්‍රව්‍ය තියෙනවද බලන්න.ඔවුන්ගේ විශ්මිත උපකරන මගින් ඔවුන් හොයා ගන්නවා මේවා තියෙන ග්‍රහලෝකයක්,ඒකේ රත්රන් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තීරණය කරනවා "අපි එහෙට ගිහින් කනිමු" කියලා. ඉතින් ඒගොල්ලෝ ගවේෂණ කණ්ඩායමක් පෘතුවියට එවනවා.එකපාරටම ඒගොල්ලෝ මෙහෙට ඇවිත්, කට්ටියක් කියන්න පටන් ගන්නවා " හොදයි, මෙහෙ ගොඩක් රත්රන් තියෙනවා, ඒත් අපිට ඒක හාරන්න බැහැ --- අපි මොකද කරන්නේ,අපිට කම්කරුවෝ ඕනේ" කියලා සුමේරියන්වරුන්ගෙන් පැවතෙන කතාන්දර පවසන්නේ අනුනාකිලා පොලවේ රත්‍රන් කැනීම් කල බවත්, ඔවුන්ගේ පතල් කම්කරුවන් "මේ වැඩ ඉතා වෙහෙසකරයි, අපිට වෙහෙසයි, අපිට මේක තවත් කරන්න බැහැ " යනුවෙන් පැමිණිලි කල බවත්,ඉතින් ඔවුන් ලොකු කවුසිලයක් කැදවලා තීරණය කරනවා "අඩාමු" නම් ප්‍රාතමික කම්කරුවෙක් තනන්න,ඉතින් ඔවුන් පොලවේ තියෙන දේවල් දිහා බලල, හෝමෝ ඉරෙක්ටස්ව දැකලා කිව්වා "උන්ට වැඩිය මොලේ නැහැ, අපි කියන ඒවා අහන එකක් නැහැ ඒ නිසා අපි උන්ගේ ජානමය වශයෙන් වෙනස් කරමු" කියලා අනුකාකි මනුෂ්‍යයන් ඔවුන්ගේ වහල් සත්ව වර්ගයක් ලෙස නිර්මානය කළා සැකරායා සචන්ට අනුව "අඩාමු" තමයි ප්‍රථම නවීන මනුෂ්‍යයන් අනුනාකි ඔවුන්ව නිර්මාණය කරලා තියෙන්නේ වසර 450,000කට පෙර, සිය ඩී එන් ඒ, ප්‍රාග් අයිතිහාසික මිනිසා සමග මිශ්‍ර කිරීමෙනුයි.ඔවුන් අපේ පුතුන් මිත්තන්ගේ එක සෛලයක් අරන්, කෘතිමව විකෘත්ති කළා,ඔවුන් ඩී එන් ඒ කේතය වෙනස් කලා, අද අපි ඉන්න තත්වයට ඔවුන්ගේ පාෂාණ මත ඒ බව ලියා තියෙනවා
ලින්ඩා මෝල්ටින් හාව්/ලේඛක/ අන්වේක්ෂණ මාධ්‍යවේදී
මේ ගොතලා කියන එකක් නෙමේ.මේ සුමේරියන්වරුන්ගේ ඉතිහාසයේ කොටසක්,ඔවුන් විශ්වාස කළා ඔවුන් නිර්මානය කරන්න දෙවීයන් පොලවට පැමිණි බවත් ඔවුන් වහල් සත්වයන් වර්ගයක් බවත් ඔවුන් එය දැනන් හිටියා, ඒ වගේම මිනිසාගේ පරමාර්ථය ගැන දාර්ශනික අදහස් ඔවුන්ට තිබුන එහෙම නෙමේ "මිනිසා වහල් මෙහෙය සදහා ඊ ටී ලා විසින් නිර්මාණය කරන ලදී" කියන සිචන්ගේ කල්පිතය පිලි ගත්තොත් එක පාරටම හැම දේම පැහැදිලි වෙනවා,ඉතින් බයිබලයේ වුනා කියන දේවල් දිහා බැලුවම,ඇඩම් සහ ඊව් .පැහැදිලිවම බොහෝ අතීතයේ ආරම්භක කාලයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් විය හැකිය.එහෙත් ඇතැම් විට ජාන විකෘත්ති කිරීමෙන් තනන ලද ප්‍රථම මිනිසුන් දෙදෙනා ඔවුන් විය හැකියි.හීබ්රු බයිබලය සහ සුමේරියානු ලේඛන සියුම්ව සංසන්ධනය කල විට බොහෝ සමානකම් දැකිය හැකියි.කතා තුල පමණක් නොවේ භාෂාව තුලත් ඇඩම් කියන්න හීබ්රු භාෂාවෙන් මිනිහා යන්නයි.අඩාමු යන්න සුමෙරියවරු අනුනාකි වහලා "පළමු මිනිසා" යන තේරුමෙන් යොදා ගන්නවා.එහෙත් සුමේරියානු පුවරු ඇත්තෙන්ම විස්තර කරන්නේ ලෝකය පුරා රත්‍රන් කැනීම් සිදුකල පිටසක්වලයන් වර්ගයක්ද?සැතපුම් දහස් ගණනකට ඈතින් අපිකානු මහද්වීපයේ, පෞරාණික රත්‍රන් ආකාරවල නටබුන් මෑතකදී සොයාගෙන තිබෙනවා.විශාල වශයෙන් දකුණු අප්‍රිකාවේ කේන්ද්‍රගත වී තිබෙන ඇතැම් කැනීම් විද්‍යාඥයන්ට අනුව වසර 150000 ක් පමණ පැරණියි.මේ දැන් පවා රත්‍රන් සුලභ තැන් තිබෙනවා. ඔවුන් ඒවා කැනීම් කලය යන්න ඉතාමත්ම විය හැකි දෙයක් දැන්, ලොකුම ප්‍රශ්නෙ තමයි, ඒවා කලේ නිකම්ම මිනිස්සු වෙන්න බැරි ඇයි? ඊ ටී මතය මොකටද?අප්‍රිකාවේ බොහෝ භාෂාවල ස්වදේශික
"තාරකා" යන වචනයෙ තේරුම දැනුම සහ අවබෝධය ගෙනෙන්නා යන්නයි.ඇතැම් අප්‍රිකානු සංස්කෘතීන් විශ්වාස කරනවා පිටසක්වලයන් අවුරුදු දස දහස් ගණනක සිට පෘතුවියට පැමිණෙන බව,සුලූ පුරාවෘත්ත, තරුවලින් ආ අමුත්තන් රත්‍රන් සහ වෙනත් ස්වභාවික සම්පත් සොයා කැනීම් කල යුගයක් ගැන පැවසෙනවා."මුල් මිනිසුන්" විසින් කෘතිමව නිර්මාණය කරන ලද ලේ මස්වලින් තැනුන වහලුන් මේ පතල්වල සේවය කළා.දකුණු අප්‍රිකාවේ ඇති ඇතැම් පතල් වසර දස දහස් ගනන් හෝ ඊටත් පැරණියි විශ්වාස කෙරෙනවා.අවුරුදු දහස් ගනනකට පෙර ඒ කැනීම් සිදු කර ලෝහ තැනුවේ මිනිසුන් නොවේනම්, එසේනම් අපිට උපකල්පනය කරන්න සිදු වන්නේ පිටසක්වලයන් එය සිදු කල බවයි
පිටසක්වල වහල් පතල්?
ජාන තාක්ෂණයෙන් නිපදවූ මිනිසුන්?
පිටසක්වල ගන්ගනගාමි මතය විශ්වාස කරන්නවුන්ට මේවා විය නොහැකි දවල් සිහින හෝ සුරංගනා කතා නොව, සත්‍ය සිද්ධාන්තයි.තවත් සාක්ෂි ලෙස ඔවුන්, ලෝකයේ අඩක් දුර අනෙක් පස, ඇමරිකානු මහද්වීපයෙන් පිටසක්වල කැනීම් ගැන සාධක දක්වන පීරූ බොහෝ කලෙක සිට "රත්‍රන් දේශය" නමින් හැදින්වුනා.පෞරානික කාලයේ ඉන්කා නායකයන් එයින් විභූෂිතව සිටියා.16වෙනි සියවසේදී ස්පාඥ්ඥ ගවේශය්කයන් පැමිණිවිට ඔවුන් සිය කොල්ල කෑම් නැව් පිටින් සිය ස්පාඥ්ඥ රටට යැව්වා රත්‍රන් බොහොම වටිනා භාණ්ඩයක් මොකද...ගිඟ නිසාත් අභරණ සහ කාසි හදන්න පහසු නිසාත්.පෞරාණික ඉන්කාවරු දිහා බැලුවම,මේ මිනිස්සු සිය තත්වය පෙන්වන සංකේතයක් හැටියට රත්‍රන් භාවීතා කරලා තියෙනවා.
බොහෝ සංස්කෘතීන් විශ්වාස කළා එය සෘජුවම දෙවියන්ගෙන් ලැබුන දෙයක් බව.මිනිසුන් සිතුවා රත්රන් ඉතා නිර්මල, විශ්මිත, නිසා සුව කිරීමේ හැකියාව ඇති බව,ඇතැම් අවසතාවල ඇත්තෙන්ම ඔවුන් පිරිසුදු රත්‍රන් ශරීරගත කරගත්තා.අනිවාර්යෙන්ම, අපි තව තවත් දේවල් සොයා ගන්නවා පුරාවිද්‍යාව දියුනුව සමග, මේ දේවල් මිනිසුන් භාවිතා කලේ මොකටද කියන එක ගැන සොයා බැලිය හැකිවීමත් සමග ,
උදාහරණයක් හැටියට, පෞරානීක මිනිසුන් සතුව බොහොම ප්‍රාතමික බැටරි තිබුණ බවට සාධක තිබෙනවා.ඒකෙදි රත්‍රන් බොහොම ප්‍රොයෝජනවත් ඒවායේ විද්‍යුත් ගුණයන් සහ සන්නායකතාව නිසා ඉතින් පෞරාණික රත්‍රන් පතල් පිළිබද පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීම පුදුමයට කරුණක් නොවේ.ඒත් මෑතකදී සොයාගෙන තිබෙන සමහර තැන්, වසර 50000ක් පමණ පැරණියි.පීරුහි ප්‍රදේශ පුරා පෞරාණික කැනීම්වලයි සිතිය හැකි අවශේහ්ෂ පැතිරී තියෙනවා දකින්න පුළුවන් ඒවා තියෙනවා.ඒවා යටට යනවා, ඇතැම් අවස්ථාවල, අඩි දහස් ගණනක් ගැඹුරට.රත්‍රන් සාපේක්ෂව හිඟ වුනත් කැනීම පුදුම විදිහට පහසුයි.පෞරාණික මිනිසුන් භාවිත කල සුලභ උපක්‍රම ගොඩක් තිබුණා.ඇතැම් ඒවා මෑතක් දක්වාම භාවිතා වුනා.ගොඩක් ඒවායේදී බොහෝවිට වතුර භාවිත කළා ඒ වටා ඇති පාෂාණයෙ ස්වභාවය වෙනස් කරන්න.රත්කිරීම සහ සිසිල් කිරීම මගින් රත්‍රන් වෙන් කර ගැනීම.පීරුහි පෞරාණික ස්ථාන, සාධක සපයනවා,
රත්‍රන්වලට අමතරව...ඔවුන් තිරුවාණ, හෙමටයිට්, රත් හිරියල්* සදහා කැනීම් කල බවට ඒවා විවිධ දේ සදහා භාවිතා වුනා.තිරුවානා ඉතාම සුලභයි.ඒවා නිකම්ම සිලිකන් ඩයොක්සයිඩ්.ඒවා වීදුරු වගෙයි.එය කදිම ඛනිජයක්; දැඩියි ඒත් ඒවා ලස්සන ප්‍රතීමා බවට පත් කරන්න පුළුවන් තිරුවානාවලින් පිළිම හදන්න පුළුවන්.ඛනිජ සහ රත්‍රන් සොයා ගන්න කලින් මුදල් ලෙස භාවිතා වුනාවෙනත් පුළුවන්. හෙමටයිට්නුයි හිරියල්නුයි වඩා වටිනවා ඒවා යකඩ ඔක්සයිඩ් නිසා,විශේෂයෙන්ම හිරියල් පාට සායම් වර්ගයක් හැටියට බොහොම වටිනවා.ඉතින් චිත්‍ර ඇදීම ආරම්භ කල වහාම, ගුහා සිතුවම් නැතිනම් ඕනම ආකාරයක චිත්‍ර කලාවකට වර්ණ සැදීම අවශ්‍ය වෙනවා.වර්ණ සෑදීම අභියෝගයක්.හිරියල් මේ සදහා හොද මුලාශ්‍රයක් සපයනවා. පිරුවල ලෝක ප්‍රසිද්ධ නාස්කා රේඛාද පිහිටා තිබෙනවා.මේ පෞරාණික භූමිරූපවල සම්භවය අභිරහසක් ලෙස පැවතියත්, මේ රේඛා පිහිටා ඇති ප්‍රදේශය ඇතැම්විට ශතවර්ෂ සිය ගණනකට පෙර විශාල පරිමානයේ කැනීම් කටයුතු සිදුවූ බවක් දක්වනවා නාස්කාවල, සම්පූර්ණ කදු මුදුන් ඉවත් කරලා තියෙනවා.මං කියන්නේ ඒ හැමදේටම යන්ත්‍ර ඕනේ වෙනවා.මං කතා කරන්නේ, පුංචි වීල්බැරක්කයි ගල් කටුයි ගැන නෙමේ.මං කතාකරන්නේ දියුණු යන්ත්‍රෝපකරණ ගැන, මොකද අද කාලේ ඒ වගේ වික්‍රමයක් කරන්න නම් දියුණු යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා.නාස්කා කාන්තාරයේ පිහිටා ඇති පුළුල් තැනිතලාවල් අවුරුදු සිය දහස් ගණනකට පෙර ක්‍රියාත්මක වුන අති දැවැන්ත පතල් කර්මානත්යක සාක්ෂි විය හැකිද?අභ්‍යවකාශ යානාවක එන ඕනම කෙනෙක්ට නාස්කා "මෙහෙට එන්න" කියලා කියන පහන් කණුවක් වගෙයි.මොකද නාස්කාවලට ගිය ගමන්ම,එක විශේශිත ස්ථානයක, ඉතාම සුලභ ප්‍රමාන වලින් හැම ජාතියෙම අමුද්‍රව්‍ය තියෙන, පෘතුවිය ගැන කෙටි සටහනක් ලැබෙනවා.මම හිතන්නේ නාස්කා රේඛා රත්‍රන් සෙවීම ගැන සාක්ෂියක් නොවෙයි.ඒවා ඊ ටීලා නැතිනම්, අහසෙන් ආ දෙවිවරු සමග කල කිසියම් සන්නිවේදනයක් ගැන සාක්ෂිය.මතභේද කෙසේ වුවත්, එක කරුණක් ඉතා පැහැදිලිය තැනිතලාව සහ අවට ප්‍රදේශය පුරා පැතිර පවතින රේඛා ස්වභාවික නිර්මාණ නොවේ.එහෙත් විද්‍යාඥයන් සහ පෞරාණික ගගනගාමී මතධාරීන් කවුරුන් නාස්කා රේඛා නිර්මාණය කළාදැයි යන්න ගැන බෙදී සිටියත්, පීරුහි පිස්කෝ නිම්නයේ පිහිටා ඇති "සිදුරු පටිය" නමින් හදුන්වන දෙය සම්පූර්ණ අභිරහසක්ය යන්න ගැන එකග වෙනවා.පීරුහි කදු මත, පොදුවේ "සිදුරු පටිය" යන නමින් හදුන්වනු ලබන කදු මත හාරන ලද හෝ කපන ලද කුහර සහිත පටියක් තිබෙනවා.මේවා පොලවේ හාරපු පුංචි නොගැඹුරු සිදුරු; මේවට නොයෙක් පැහැදිලි කිරීම් තියෙනවා.සමහර අය සිතන්නේ ඒ වලලපු දේවල් හොයපු නිධන් හොරු කියලයි
රොබට් එම්, ස්කූච්, පී එච්. ඩී/ භූ විද්‍යාඥ, ලේඛක]
සමහර අය හිතන්නේ ප්‍රදේශය හරහා ගමන් කල කිසියම් ආකාරයක යන්ත්‍රයක් ගමන් කළා වගේ කියලයි.සමහර අය හිතන්නේ ඒක කිසියම් විදිහක ක්‍රමානුකුල කැනීම් ක්‍රියාවලියක් කියලයි.ඔවුන්ට අමු ද්‍රව්‍ය ඕනේ, රත්‍රන් වේවා, රිදී වේවා, යුරේනියම් වේවා ඕනම එකක්.ඔවුන් මොකක් හරි ෂටලයකින් පහලට එවනවා.රොබෝ කෙනෙක් වෙන්න පුළුවන් පිටසක්වලයෙක් නැතිව මේ රොබෝ පොලවේ මතුපුට ගැවෙමින් අමු ද්‍රව්‍ය එකතුකරලා මැනලා බලල ආපහු අතුරු දහන් වෙනවා.ගැඹුරෙන් අඩි හයක් හතක් පමණ වෙන, අඩි තුනක් විතර පරතරයකින් පිහිටන සිදුරු ,ගණනින් දහස් ගණනක් වෙනවා.ගොඩක් වෙලාවට ඒ වගේ ක්‍රමවත් ව්‍යුහයක් දැක්කම අපි උපකල්පනය කරනවා ඒක පුද්ගලයෙක් හො බුද්ධිමත් ජීවියෙක් තැනුවා විය යුතුයි කියලා.එහෙත් ස්වභාවධර්මයේ බොහෝ ක්‍රියාවලි තිබෙනවා අපි "රටා නිර්මාණය" කියලා හදුන්වන දේ මහා පරිමාණයෙන් ස්වභාවිකව නිර්මාණය වීමට හේතුවන කුඩා පරිමානයෙන් එය සතුන් තුල දැකිය හැකියි.දිවියන් සහ සීබ්‍රාවන් දිහා බැලුවම -- දිවියන්ට තිත් තියෙනවා සීබ්‍රාවන්ට ඉරි තියෙනවා.විශ්මිත විදිහට, භූ විද්‍යාත්මක
මට්ටමෙන්, දිවියන්ට තිත් ලබාදෙන ඒ ක්‍රියාවලින්ම,පොලව මත සිදුරු වගේ පේන කඩතොළුත් උස් වූ තැන්නුත් හදන්නත් පුළුවන්.භූ විද්‍යාත්මක පරිමාණයෙන් විශාල කාලයක් ගත වෙවී.ඒත් දීර්ඝ කාලයක් තිබුනනේ ඒවා හැදුනේ එහෙම වෙන්න පුළුවන්.ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් මේ සිදුරු ධාන්‍ය ගබඩා කරන්න භාවිතා වෙන්න ඇතියි සිතනවා,එහෙත් පෞරාණික ගගනගාමි මතධාරින් ඒ මතය ප්‍රතික්ෂේප කරනවා,මේක අභිරහසක්. මොකද සිහි කල්පනාව තියෙන කවුද ගිහින් මෙහෙම සිදුරු හාරන්නේ මොකක් කරන්නද?මේ සිදුරු පටියේ තියෙන තවත් කුතුහලය දනවන දෙයක් තමයි එය දැකිය හැක්කේ අහසේ සිට පමණක් වීම.එතෙන්ට ගිහින් හිට ගත්තම, දකින්න පුළුවන් පොලවේ හාරලා තියෙන කුහර කීපයක් විතරයි.එකේ වැඩිය තේරුමක් නැහැ.ඒත් අහසෙන් බලුවම, තනි තනි සිදුරු සහිත දිග පටියක් තියෙනවා යයි සිතිය හැකියි.එහෙත් පෞරාණික පිටසක්වල්යන් රත්‍රන් සොයමින් පෘතුවීයට ආවානම ඔවුන් ගියේ ඇයි? තවමත් තවත් රත්‍රන් වගේම තවත් බොහෝ වටිනා ඛනිජ මෙහෙ තියෙනවා. මේ පෞරානික කැනීම් ව්‍යාපෘති වෙනත් වඩා වැදගත් වූ දෙයකට මාර්ගය පමණක්ද?නැතිනම, පොලව මත ඇත්තම පිටසක්වල පරමාර්ථය දඩයම් කිරීමද විශ්වයේ ලොකුම ගොදුර මිනිසාව.
ඇලමෝසා, කොලරාඩෝ/ 1967 සැප්තැම්බර් 7.
අවුරුදු 3ක් වයසැති ස්නිපි නම් අශ්වයා අතුරුදන් වූ විට ඇගේ අයිතිකරුවන් කලබල වී ඇය සොයන්නට පටන් ගත්තාඔවුන්ගේ සෙවීමේ ප්‍රතිපලය වුයේ බිහිසුනු සහ අභිරහස් හෙලිදරව්වක් එළියට ඒමයි. එනම් ස්නිපීගේ ශරීරය කපා දමා තිබුණා බොහෝ දුරටම ශල්‍යයම ආකාරයෙන්.සිරුර පරීක්ශාකිරෙමේදී ඇගේ සම සා මස් සියුම්ව කපා ඇති බවත්, ඇගේ හදවත සහ මොලය ඉවත් කරගෙන ඇති බවත්,ෆෝමල්ඩිහයිඩ්[*විෂබීජ නාශක] වැනි ඝන්ධයක් ඇගේ සිරුරෙන් වහනය වෙන බවත් දැක ගන්න ලැබුනා.මරණ පරීක්ෂණයකින් හෙළි වුනේ ඇගේ ශුශුම්නා තරලයද ඉවත් කර ඇති බවයි.ස්නිපීගේ මරණය හා සම්භන්ධ සිදුවීම් සමාජය තෝන්තු කල අතර, අද වෙන තුරුත් අභිරහස් තුල ගිල්වා දැමුවා .එම කපා කොටා දැමීමෙන් පසු, ඇස්තමේන්තු කර ඇති ආකාරයට මීට සමාන සිදුවීම් 50000ක් පමණ ලොව වටේන්ම වාර්තා වී තිබෙනවා, බොහෝ ඒවා ගවයන් සම්භන්ධවයි.එහෙත් 1970 ගණන්වල මැද වෙනතුරුම හදුනා නොගත් පියාසර වස්තු අධ්‍යනයට ගවයන් කපා කොටා දැමීම ඇතුල් වුයේ නැහැ.
[තෝමස් ඊ.බුලර්ඩ්, (පී එච්, ඩී)] [ජනශ්‍රැතික]
පෙර දින පණපිටින් සෞඛ්‍ය සම්පන්නව සිටි වටිනා සතුන් හදිසියේම මැරී සිටිනු ගොවියන් විසින් සොයා ගැනුනා.උන්ව ඉතාම අමුතු ආකාරයකට කපා තිබුණ බවයි පෙනුනේ.බොහෝ දුරටම ශල්‍යමය ආකාරයෙන් ශරීරයේ ඇතැම් කොටස් කපා ඉවත් කර තිබුණා.රුපවාහිනි නිෂ්පාදක සහ හදුනා නොගත් පියාසර වස්තු ගවේශක ලින්ඩා හාව් සත්වයන් කපා කොටා දැමීමේ අභිරහස ලුහුබදින්නේ වසර 30ක් පමණ සිටයි.මේ සත්තුන්ට වෙන්නේ මොකද්ද කියන එකේ පතුලට බහින්න මම උත්සහ කළා.අශ්වයෝ, එලෙදෙන්නු වෙනත් ගෘහස්ථ සතුන්, සොයා ගැනුනා එකම ආකාරයේ ලේ රහිත කැපීම් සහිතව.නීති ආයතන, ඒවාට කිව්වේ සත්ව අංගවිච්ඡේදන කියලා, සිද්ධි ගණනාවකින්, පෝලරොයිඩ් 266කට පස්සේ මට මුලින්ම දැනුන දේ තමයි තරහ, ඊට පස්සේ මට දැනුනේ අවිනිශ්චිත බවක්, ඊටත් පස්සේ දැනුනේ චකිතය.ෂෙරිෆ් කෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා."ලින්ඩා අපි මේ අනුදෙනු කරන්නේ විලොපිකයෝවත්, ලෙඩක්වත්, සාතත් වදින කල්ලියක් එක්කවත් නෙමේ .අපි ගනුදෙනු කරන්නේ පිටසක්වල සත්වයෝ එක්කයි" කියලා මට කිවිවා.එළදෙනුන් යොදාගෙන පිටසක්වලයන්ට පර්යේෂණ කරන්න අවශ්‍ය ඇයි යන්න ගැන නොයෙක් පැහැදිලි කිරීම් තිබෙනවා.එකක්
තමයි ඔවුන් ආහාර සොයනවා.තව එකක් තමයි ඔවුන් පෘෂ්ඨවංශික සතුන් ගැන තොරතුරු හොයනවා.තවත් එකක් තමයි ඔවුන් කිසියම් ආකාරයක ජානමය දෙයක් සොයනවා මොකක් හරි හේතුවකට,මට ලැබුන ආසන්නම පිළිතුර ලැබුනේ...ඔහු රජයට සේවය කරද්දී මනුෂ්‍ය නොවන අය ගැන සමීප නිරීක්ෂණයන් කල කෙනෙක්ගෙන්, ඔහු මට කිව්වා -- "මට ඔයාට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ලින්ඩා මේක ජාන අස්වැන්නක්"එහෙත් "පොළවෙන් ජාන අස්වැන්නක්" කියලා කිවම ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් ඇතිව වෙනවා පොළවෙන් ජාන අස්වැන්නක් මොකටද? ජාන අස්වැන්නකින් හදන්නේ මොකද්ද?මොකක් කරන්නද?මේ ප්‍රශ්නවලට පිළිතුරු පෞරානික අතීතයෙන් සොයා ගත හැකිවෙන්න පුළුවන් මුල් ශිෂ්ටාචාරවල කෙරිලා තියෙන අසාමාන්‍ය බොහෝදුරට ෆ්රැන්කන්ස්ටයින් විදිහේ පර්යේෂණවලින් ඊජිප්තුවේ පෞරාණික විස්තර තියෙනවා දෙවියන් විසින් තනන ලද මේ කලවම් නැතිනම් දෙමුහුන් සතුන් සිටි බව
පවසන,චිත්‍ර තියෙනවා හිස කපා ඉවත් කල මනුෂ්‍ය ශරීරවල රතු පාට බටයක් එයින් එලියට එනවා ඒ ළගම, ේ , අහසෙන් ආ අනුනාකිලාගෙන් පැවතෙන ඒ අත්භූත සත්වයන් ගැන සටහන්වලින් අනුනාකි කියන්නේ " ස්වර්ගයෙන් ආ තැනැත්තන්" යන්නයි.එහෙත් මනුෂ්‍ය සත්ව දෙමුහුන් ගැන භෞතික සාක්ෂි පවතිනවාද?එසේනම්, ඇටසැකිලිමය සාක්ෂි හමුවී නැත්තේ මන්ද?මෙයට පිළිතුර ඊජිප්තුවේ පැරණිම පිරමිඩය පිහිටා ඇති සකාරාවලින් සොයා ගත හැකියි.1851දී, ප්‍රංශ විද්‍යාර්තයෙක් සහ ඊජිප්තු අධ්‍යනය කරන්නෙක්වන ඕගස්ට් මෙරියට් පුජනීය ඒපස් ගවයාට වෙන් කරන ලද ගැඹුරු සොහොනක් ගවේශනය කළා.ඇතුලත තිබුනේ මුද්‍රා තබන ලද හානි නොවූ ගල් දෙනවල් දෙකක්, එහෙත් මෙරියට් එය විවෘත්ත කල විට එහි තිබුනේ ඇදහිය නොහැකි දෙයකුයි.ඔවුන් ගල් දෙන විවෘත්ත කලහම එකේ තිබුනේ ගවයෙක් නෙමේ.ඒ වෙනුවට, ඈස්ෆොල්ට් තාර වර්ගයක්වන බිටුමන් යනුවෙන් හදුන්වන් කළු පැහැ ද්‍රව්‍යක්.මේ ගදගහන ද්‍රව්‍ය තුල සත්ව වර්ග හතකට අයත් ඇටකටු කුඩු කරන ලද කැබලි කොටස් සොයා ගැනුනා.සම්භන්දිත ලේඛනවලට අනුව ඉජිප්තුවුන්ගේ කාලයේදී කිසියම් ආකාරයක භයානක සත්වයන් ජීවත්ව සිට තිබෙනවා .ඉතින් කවුද දන්නේ පුජකයන් කිව්වද දන්නේ නැහැ මිනිස්සුන්ට මේ සතුන් විනාශ කරන්න, ඉරා දමන්න, ඔවුන්ගේ ඇට කටු කුඩු කර දමන්න,මේ ගදගහන ද්‍රව්‍ය තුලට දාලා, ටොන් අසුවක් බර මේ ගල් ගල් දෙණ පියනෙන් වසා දමන්න,මං කියන්නේ, ඉජිප්තුවෙන් මමි කරණය කරන ලද හැම සතෙක්ම වගේ හොයා ගන්න පුළුවන්.කුඩු කර දමන ලද ඇට කටු සහිත මේ ගල් දෙනත් තිබෙනවා.එකේ තේරුම ඊජිප්තුවරුන්ට මේ සතුන් යලි කිසිදා මරනෙන් නැගිටිනු දකින්න උවමනා නොවූ බව නොවේද?පැහැදිලිවම ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ,මිනිස් සත්ව දෙමුහුන් ගැන වූ පෞරාණික ග්‍රීක ඊජිප්තු කතාන්දර කල්පනා මාත්‍රික ප්‍රභන්ධ පමණක් බවයි.ඒත් එහෙමමද?මේ අර්ධ දෙවියන් විසින් පාලනය කල පෙර-රාජ්‍ය ඊජිප්තු යුගයක් තිබෙනවා.
සතෙක්ගේ ඔලුව විතරක් තියෙනවා.ඊලග පින්තුරේ, -- මොකද ඒවා හරියට -- චිත්‍ර කතා රූප වගෙයි.ඊලග පින්තුරේ තියෙනවා මනුස්ස ශරීරෙට සත්ව හිස බද්ධ කරලා අමුතු මනුශ්‍ය සත්ව දෙමුහුන් සතුන් ඉජිප්තුවටත් වඩා පැරණි කාලයක් දක්වා දිවෙනවා.ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඥයන්ට අනුව, පෞරාණික සුමෙරියාව තමයි මිනිසාගේ පැරණිම ශිෂ්ඨාචාරය.සිත් ඇදගන්නාසුළු කාරනාව තමයි ඔවුන්ගේ මුල්ම ලේඛන පිරිලා තියෙන්න
[ෆිලිප් කොපෙන්ස්/ ලේඛක/ අන්වේක්ෂණ මද්‍යවේදී]
අපි මිනිස් ශරීර කොටස් හොයාගෙන නැහැ.අපි දන්නේ නෑ උන් කවුද කියලා.එහෙත් පෞරාණික ඊජිප්තුවරුන් ඔවුන් පාලනය කල බව තදින්ම විශ්වාස කල බව දක්වන විද්‍යාත්මක සාක්ෂි තිබෙනවා.ඔවුන් ඔබ සහ මම වගේම මනුෂ්‍යන්ද නැතිනම් ඔවුන් වෙන කොහේ සිට හෝ පැමිණියාද?නැතිනම් ඔවුන් දෙමුහුන් සත්වයන්ද අපි දන්නේ නැහැ.අපේ නවීන විද්‍යාඥයන් සතු දැනුම පෞරානිකයන් සතුවත් තිබුනානම්?ඔවුනුත් ඩී එන් ඒ, ක්ලෝන කිරීම, ජාන පිරිද්දුම් ගැන අභිරහස් හෙළිදරව් කරගත්තා නම්?ඇයි මේක මේ තරම් සිත් ඇදගන්නාසුළු වෙන්නේ?හොදයි, මොකද ජානමය කෝනෙකින් බැලුවොත්, අපි මේ අදත් ඉන්නේ ඒ වගේ සතුන් නැවත බිහි කිරීමට හැකි ක්‍රියාවලියකයි.මං කියන්නේ මේ තමයි ෆ්රැන්කන්ස්ටයින්ගේ විද්‍යා
ප්‍රභන්ධවල තියෙන දේවල් ඒත්, පෞරාණික ඊජිප්තුවේනුත්,එවැනිම විස්තර තිබෙනවා එවැනිම රූප සටහන් තියෙනවා අවුරුදු දහස් ගනනකට පෙර ක්‍රියාත්මක වූ ඉතාම අසාමාන්‍ය දෙමුහු කරන වැඩසටහනක් ගැන,ඔවුන් පිටසක්වල, සත්ව සහ මිනිස් ඩී එන් ඒ කලවම් කරලා වසර 10ක් 20ක් තිස්සේ නෙමේ වසර දස දහස් ගණනක් තිස්සේ. නිසා තමයි මෙච්චර පිටසක්වල පැහැර ගැනීම් සිදුවෙන්නේ.ඒ නිසා තමයි හැම පරම්පරාවක්ම මානසිකව පෙරට වඩා දියුණු සංස්කෘතීන් දෙකේ සම්පුර්ණ එකතුවක් ලැබෙනකම් සාර්තකම දෙමුහුම.මම හිතනවා පැහැදිලිවම පිළිතුර තමයි,අපි විශ්වයතුල තනිවෙලා නැහැ වගේම තවමත් අප බොහෝ දෙනා නොදන්නා හේතුවක් නිසා මේ ග්‍රහලෝකය සමග සබදකම් පවත්වන මනුෂ්‍ය නොවන බුද්ධිමත් ජීවයක් තිබෙනවා.එකෙන් ටිකක් තැතිගැන්මක් දැනෙනවා.ඇතැමුන් කියන විදිහට පිටසක්වලයන් මෙහෙට එනවනම් සතුන්ගෙන් අමුතු විකෘත්ති කිරීමේ පර්යේෂණ කරන්නට ඔවුන් මිනිසුන්ටත් එසේ කළා විය හැකිද?එහෙමනම්...ඇයි?පොලවේ ජීවය ප්‍රමාණයන් සහ හැඩයන්ගෙන් අති විශාල විවිධත්වයකින් යුක්තයි.සාගර පතුලේ ගැඹුරුම තැන්වල සිට උසම කදු මුදුන් දක්වා එය පැතිරී තිබෙනවා.එහෙත් සත්ව-වර්ගවල අපි අද දකින පුළුල් විවිධත්වය ග්‍රහයා පැවතුන වසර මිලියන ගණනක ඉතිහාසය තුල සිටි සංඛ්‍යාව හා සැසදු විට ඉතාම කුඩයි.විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන ආකාරයට පොලවේ ජීවත් වූ සත්ව වර්ග 97%ක් දැන් වදවී ගොස් අවසන්.
ප්‍රිකැම්බ්රියන් වසර මිලියන 542ට පෙර
ඔඩිවිශියන් වසර මිලියන 435ට පෙර
පසු ඩෙවෝනියන් වසර මිලියන 375ට පෙර
පර්මියන් වසර මිලියන 250ට පෙර
ට්‍රැයාසික් වසර මිලියන 198ට පෙර
ක්‍රිටේසියස් වසර මිලියන 65ට පෙර
අද බොහෝ විද්‍යාඥයන් පවසනවා ප්‍රධාන විනාශවීමේ අවස්ථා හයක් පොලවේ ජීවයේ ඉතිහාසය තුල සිදුවුණ බව, එයින් වඩාත්ම මෑතකදී සිදුවූ විනාශය තමයි
මයිකල් ක්‍රෙමෝ/ කතෘ, ෆොබිඩ්න් ආකියෝලොජි - (තහනම් පුරාවිද්‍යාව)
මිලියන 65කට පෙර ඩයිනසෝරයන් අතු ගා දැමු සිදුවීම පාෂාණ ධාතු විද්‍යාඥයන් මේ මහා වදවීම් උල්කාවක් වැදීම, ජල ගැලීම්, මුහුදු මට්ටම් පහත වැටීම වැනි ස්වභාවික හේතු නිසා සිදු වූවායි සලකනවා.එහෙත් වෙනත් කල්පිතයක් පවසන්නේ මේ වදවීම්, ස්වභාවිකව සිදු වූ ඒවා නොව, පිටසක්වල සත්වයන් සිදු කල ඒවා බවයි.පෞරාණික සුමේරියානු ලේඛනවලට අනුව, ඔවුන්ට පුළුවන් කාලගුණය පාලනය කරන්න,ඔවුන්ට නියග ඇති කරන්න පුළුවන්, ඔවුන් මිනිසුන්ට මෙහෙම දේවල් කළා.ඔවුන්ට පුළුවන් කම තිබුණා ඔවුන්ගේම විනාශයන් නිර්මාණය කරන්න.එහෙත් දැනට වදවී ඇති සත්වයන් වදකර දමා ඇත්තේ වඩා හීලෑ, නැතිනම් පිළිගත් හැකි සත්ව වර්ගයන්ට ඉඩ කඩ ලබා ගැනීමටද?ජනාවාස ඉදි කිරීමට මග පාදා ගැනීමද අභිමතාර්ථය?නැතිනම් ආක්‍රමණයට?එසේනම්, එවන් පැතුරුන වෙනසක් සිදුකිරීමට කුමන ආකාරයේ තාක්ෂණයක් අවශ්‍ය වෙයිද?සමහර කල්පිතයන්ට අනුව අප සතු අදිශ තාක්ෂනය නම් තාක්ෂනය යොදාගැනීමෙන්...අපිට ජලයේ එක ස්ථානයක් විද්‍යුත් කම්පනයන් ආධාරයෙන් තදින් රත්කිරීමෙන් හරිකේන් එකක් නිර්මාණය කලහැකියි.එම කිරනයෙන්ම මාර්ගයක් තැනීමෙන්, හරිකේන් එක ගමන් කරවන්න පුළුවන්.දැන්, ඒක අපිට කරන්න පුළුවන් නම් -- මේක කල්පිතයක් විතරයි --අපිට ඒක කරන්න පුලුවන්නම් ඇයි බැරි පිටසක්වල සංස්කෘතියකට කියන්න " අපි පෘතුවියේ හිම යුගයක් හදමු" කියලා.එකෙන් ඩයිනසොරයෝ මැරිලා පිටසක්වලයන්ට මාර්ගය විවර වෙනවා මිනිසුන්ව පෘතුවියේ පිහිටුවන්න.පිටසක්වල සත්වයන් පොලවට පැමිණියේ නවතින්නද?ඇතැමුන් විශ්වාස කරන ආකාරයට, ඔවුන් පෘතුවිය ඔවූන්ගේම ජානමය දරුවන්ගෙන්
රෝපණය කලාද?එසේනම් සාධක මොනවාද?ඇතැම් පෞරාණික ගන්ගනගාමි මතධාරීන් දෙවියන් මිනිසුන් හා සංවාසයට පොලවට පැමිණීම ගැන විස්තර කරන මිත්‍යා ප්‍රවාද දක්වනවා.පෞරානික ලේඛන කියනවා.ඇත අතීතයේ පොලවට ආවේ කවුරුන් වුනත්, මේ දෙවියන්, මනුෂ්‍ය කාන්තාවන් ලස්සනයයි සිතු බව,ඉතින්, බොහෝ අවස්ථාවල, කතන්දර තියෙනවා මේ අමුත්තන් පොලවේ කාන්තාවන් සමග සංවාසයේ යෙදුන බව දක්වන.එය වැරදියට අර්ථකතනය වුනා, වැරදියට වටහා ගත්තා දිව්‍යමය කෙනෙක් පොලවට ආ බවට ඔවුන් ලේ මස් වලින් හැදුන පිටසක්වලයන් ස්වදේශික ඇමරිකානු ජනප්‍රවාදවල ස්වර්ගයේ සිට පහලට පැමිණ මනුෂ්‍ය කාන්තාවන් සමග අභිජනනය කල සත්වයන්... හැදුන්වුනේ තාරකා මිනිසුන් ලෙසයි.තාරකා මිනිසුන් පිටසක්වලයන් ඔවුන් මේ පොලවේ අය නෙමේ.ඔවුන් එනවා.අපේ තාරකා මුතුන් මිත්තන් ඔවුන් සමග පැවති සබදකම් ගැන බොහෝ දේ තිබෙනවා.හරියට ඇමරිකානු ඉන්දියානු තාරකා සැමියන් ගැන තියෙන කතන්දර වගේ,රාත්‍රියේ එලි මහනේ නිදා සිටින කාන්තාවක් තරුවක් දෙස බලා එය ලස්සනයයි, එහි යාමට හැකිනම් කියල සිතනවා,පසුදින උදයේ ඇය ස්වර්ගයට රැගෙන යනවා.එහිදී ඇයට ඒ තරුවට සම්භන්ධිත අධිස්වාභාවික සත්වයා මුණ ගැසී තාරකා සැමියාගේ මනාලිය වෙනවා.ස්වදේශික ඇමරිකානු මිත්‍යාවලට අනුව, මේ පිටසක්වලයන්ගේ මනාලියන් ගැබ් ගෙන තරු දරුවන් බිහි කරනවා.ස්වදේශික මව විසින් වයස අවුරුදු හයක් දක්වා ඇති දැඩි කෙරෙන ඔවුන් පසුව ඔවුන්ගේ තාරකා පියා සමග වාසයට යන්න යනවා.දිව්‍යමය සත්වයන් සහ මිනිසුන් අතර ලිංගික සබදතා ගැන මීට සමාන කතාන්දර පෞරාණික හීබෘ සහ යුදෙව් ක්‍රිස්තියානි තෙස්තමෙන්තුවල *නැතිනම් බොහෝ අය ඇපොක්රිෆා නමින් හදුන්වන පොත් තුල දැකිය හැකියි (*ව්‍යාජලේඛන/ව්‍යාජලේඛන තුල බොහෝ අවස්ථා තියෙනවා -මේ පොත් තමයි බයිබලයටඇතුලත් නොවුන පොත් --)
රොබට් ආර්. කාර්ගිල්, (පී එච්. ඩී) /බයිබල සම්භන්ධ පුරාවිද්‍යාව. යූ සී එල් ඒ
පොලවේ නොවන සත්වයන් මිනිසුන් වෙත ආ බව කියන බයිබල අද තිබෙන බයිබලය වෙන්නට පෙර බයිබලයේ කොටස් ලෙස පැවතුන තවත් පොත් බොහෝ තිබුණා.නයිසියාහි කවුන්සියල යනුවෙන් හදුන්වන කවුන්සිලය මගින් ඒවා ඉවත් කරනු ලැබුවා.මොකද ඒ පොත් වල ගොඩක් තොරතුරු, භයානක දැනුම ඇතුලත්ව තිබුණ නිසා.උප්පති කථාවට අනුව, දෙවදුත්යන් වැනි රැකවලුන් ස්වර්ගයෙන් පොලවට පැමිණ පොලවේ කාන්තාවන් සමග සංසර්ගයේ යෙදෙන බව පැවසෙනවා.මේ නාදුනන අමුත්තන් අපේ ග්‍රහ ලෝකේ ලස්සන තරුණ ගැහැණු ළමුන් සමග ලිංගිකව එක්වුණා.දේව දුතයෝ කොහොමද ලිංගික ක්‍රියා කරන්නේ?මේක වෙන්න බැහැ.අපේ අදහසේ හැටියට, අපේ දෘෂ්ඨි කෝණයෙන්, දේව දුතයෝ කියන්නේ කිසියම් ආත්මයක් වගේ දෙයක්, ලිංගික හැගීම් ඇතිවෙන, ශරීරයක් තියෙන කෙනෙක් නෙමේ.ඒත් ඔවුන් සංසර්ගයේ
යෙදුනා.අපේ ප්‍රාග් අයිතිහාසික මුතුන් මිත්තන්ට තේරුම් ගන්න බැරි වුනා, ඉතින් ඔවුන් විශ්වාසකලා.මේ පිටසක්වලයන් කිසියම් ආකාරයක දෙවියන් බව.ක්‍රිස්තු තුමා ගැන සංකල්පය දේව දුතයෙක් ශුද්ධවූ මව්තුමිය වෙත ඇවිත්, කන්‍යා මවුතුමය වෙත, [ජොනතන් යන්ග්, (පී එච්. ඩී)/ ආරම්භක පාලක/ [ජෝසෆ් කැම්බෙල් ලේඛනාගාරය] ඇයට කියනවා, ඇයට දෙවියන්ගෙන් දරුවෙක් ලැබෙන බව. ඊට පසුව, ඇය ගැබ් ගන්නවා.අලුත් තෙස්තමේන්තුවේ දිව්‍යමය යතාර්ථයක් තියෙනවා.ජේසුගේ උප්පතිය වේවා පුනරුත්ථානය වේවා.පටන් ගැන්මේ සිට අවසානය දක්වාම වෙනත් ලෝකෙක බලයන් සම්භන්ධ වී තිබුණ වෙන්න ඉඩ තියෙනවා.මේ අදහසේම තවත් පදගතාර්ථ අදහසක් තමයි ජේසු සෘජුවම පිටසක්වල බව, පැහැදිලිවම ...දන්නවනේ, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි සැලකුවත්,පැහැදිලිවම, ඔහු මේ ලෝකේ කෙනෙක් නෙමේ.මම හිතනවා ජේසු බොහොම අධ්‍යාත්මික පුද්ගලයෙක් අපි තවම අදත් තේරුම් ගන්න පටන් ගන්න ගොඩක් දේවල් තේරුම් අරගෙන හිටපුඑහෙත් ඔහු අපිට කිසියම් ආකාරයකින් බුද්ධිමත් බවට අත්‍යාවශ්‍ය, ඇතැම් දේවල් උගන්වන්න පොලවට ආපු පිටසක්වලයෙක් යන්නත් බොහොමත්ම වෙන්න පුළුවන් දෙයක්.දෙවියන් මිනිසුන් හා සංවාසයේ යෙදීම ග්‍රීක, රෝම මිත්‍යාවල සිට ස්වදේශික ඇමරිකානු පුරාවෘත්ත දක්වා ව්‍යාප්තව ඇති දෙයක්.චීනයේ, ක්‍රි,පූ පස්වන ශතවර්ෂය අවසානයේ, රට ප්‍රාන්ත හතකට බිදී තිබුණා හැම එකක්ම බලය සහ භූමිය වෙනුවෙන් සටන් කරන බලවත් යුධ නායකයන් විසින් පාලනය කෙරුනා.මේ කලබලකාරී යුගයේදී තමයි හෞන්දිගේ පුරාවෘත්ය මුලින්ම දකින්න ලැබෙන්නේ ශේෂ්ඨ දෙවිකෙනෙක් මකරෙක්ගේ වෙස් අරන්, තරුණ යුවතියක් පලතුරු එකතු කරමින් සිටි කදු මුදුනක් වෙත එනවා.මේ මහා මකරා එත්දී, අහස කළුවර වුනා.කුණාටුවක් වගෙයි.ඇය භීතියට පත්වෙලා සිහිය නැති වුනා.ඇයට ඇහැරුනහම, ඉර අපහු පෑව්වා, මකරා ගිහින් තිබුණා, ඇය ගැබ්ගෙන සිටියා.කන්‍යා මේරි සහා ජේසුගේ කථාව වගේම හෞන්දීගේ කථාව විශාල වෙනස්කම් සිදුකල යුගයක බිහිවූ චීනයේ ප්‍රථම අධිරාජ්‍යයාට උපත දුන් මිහිවැසි කාන්තාවක් ගැන පැවසෙනවා.දෙවියන් හිතාමතාම මිනිසුන් හා අබිජනනය සිදු කළා.ඔවුන්ට විශ්වාස කල හැකි, පාලනය කල හැකි තරමක් හොද ජාතියක් බිහිකර ගැනීම සදහා මගේ අදහසත්, පුරාවෘත්ත සහ මිත්‍යා කතා කිසියම් සත්‍යක් මතයි පදනම් වෙලා තියෙන්නේ බොහෝ අවස්ථාවල ඒවා මිත්‍යා බවට පත්කර, විපරීත කර, අතිශෝක්තියෙන් පවසා තිබුනත් මගේ අදහසේ හැටියටනම්, මේවායෙ කිසියම් ඇත්තක් තියෙනවා.පුරානික ලේඛන, මිත්‍යා ප්‍රවාද, සහ ආගම්වල පැතිරිලා තියෙන තවත් එක්කක් තමයි.කිසියම් ආකාරයක මහා උපද්‍රව සාමාන්‍යෙන්, විශාල ජල ගැලුම්, ගිනි නැත්නම්
වෙනත් විනාශකාරී උපද්‍රව ලෙස ඒවා පැමිණෙනවා.උදාහරණයක් හැටියට, හීබෘ බයිබලයේ පරිහානිය සහ පවුකාර හැසිරීමට දෙවියන් මනුෂ්‍යාට දඩුවම් කරනවා.ඔහු දඩුවම එවන්නේ මහා ජල ගැල්මක ස්වරූපයෙන් නොවා සහ ඔහුගේ පවුල සහ ඔහුගේ නැවෙන් බේරා ගත් සතුන් හැර පොලව මත ඇති සියලු සතුන් සහ ශාක වනසා දැමු මීට සමාන කතාන්දර විවිධ පෞරාණික ලේඛනවලින් සොයා ගත හැකියි.බොහෝ ශිෂ්ඨාචාරවල දෙවියන් කිසියම් අවස්තාවක පොලවට ආ බව ඇතුලත් මිත්‍යා කතා තිබෙනවා.එක් අර්ථකතනයක් තමයි මේ වචනාර්ථයෙන්ම අභ්‍යවකාශයෙන් ආ අමුත්තන් ගැන විස්තරයි යන්න දෙවියන් නොවේ, දියුණු තාක්ෂණයක් සහිත අතීතයේදී පොලවට ආ කිසියම් සත්වයන් වර්ගයක්ය යන්න එක්කෝ මිනිසුන්ව නිර්මානය කල නැතිනම් සංස්කෘතිය සහ ශිෂ්ඨාචාරය ලෝකයට හදුන්වාදුන්, පසුව කිසියම් හේතුවක් මත බොහෝදුරට මිනිසුන් හා දෙවියන් අතර ඇතිවූ ඝට්ටනයක් නිසා පොළවෙන් යන්නට ගිය කලක් දියුනුව පැවති ඇස්ටෙක් සහ මායා මෙසොඇමරිකානු සංස්කෘතීන් අරන් බලන්න.ක්‍රි ව 1500 වෙද්දී ඒ සියල්ල අතුරු දහන් වුනා.ඒත් ඇයි?කිසියම් ආකාරයක් ස්වාභාවික ව්‍යසනයක්ද?නැතිනම් එයට "වෙනත් ලෝකමය" පැහැදිලිකිරීමක් තිබෙනවද? ඒක අවස්ථාවකදී හැම දේම මහා විනාශයකින් සුනු විසුනු වී ගියා ඔවුන් දැනසිටි ලෝකය විනාශ වුනා උදම් රල මහද්වීප සෝදාගෙන ගියා.ග්‍රහලෝකයේ කොටස් වතුර යටට ගියා.ඒ කාලයේ කෙරීගෙන ගිය දැවැන්ත ශිලා ගොඩනැගිලි අතර මග නැවතුනා................................දිගටම කියවන්න නැවත හමුවෙමු.
0 Reviews