6:48:00 AM
ක්‍රි.ව.දහවන සියවසේ සිට ක්‍රි.ව.දොළොස්වන සියවස දක්වා දකුණු ඉන්දිය බලපැම සහ පොළොන්නරු නව සංස්කෘතිය.

මෙය අනුරාධපුර රාජධානිය පිළිබඳව හෝ පොළොන්නරුව රාජධානි පිළිබඳ සිදුකරන සංක්ෂිප්ත පුනර්වර්ජනයකට වඩා අනුරාධපුර රාජධානය බිදවැටීම සහ පොළොන්නරුවේ නව සභ්‍යත්වයක ආරම්භය පිළිබඳ කෙරෙන වාස්තවික විචාරයට ඉඩකඩ සළසාදීමකි............
ශ්‍රි ලංකාද්වීපයේ ඓතිහාසික සිදුවීම් මාලාව ගත් කළ සහසම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියට ඇදෙන සංසිද්ධිවල සමස්ථයේ යම් ප්‍රතිනිරූපනයකි.ඒබැවින් එකී සංසිද්ධි ප්‍රතිනිර්මාණයේ ඉතිහාසඥ්ඥයා වඩාත් පරීක්ෂාකාරී පරීක්ෂාශිලීවීම වැදගත්ය.ඉතිහාසඥ්ඥයා එහිදී විවිධ දෘෂ්ඨිකෝණ භාවිතා කරමින් සාර්ථක ඓතිහාසික පර්යේෂණයක නිරතවේ.ඒ අනුව ඓතිහාසික සංසිද්ධි වාස්තවික අධ්‍යනය හරහා යථානුභූතික ඉතිහාසයක් (Positivisim History) නිර්මාණය කිරිමෙහි නිරතවේ. ඇතම්විට විඤ්ඤානික ප්‍රවේශයක් හරහා මනෝමුලික කරණාවලට ප්‍රමුඛතාව ලබාදෙමින් සමාජය තුළ මිනිස් හැසිරීම් රටාවන් හරහා ඉන්ද්‍රීයබද්ධ අධ්‍යනය ප්‍රමුඛ කර ගනිමින් මනෝමුලික ඉතිහාසයක් (Subjective History) පිළිබද කතිකාවතක් ද ලොව පැවතින.නමුත් විසිවන සියවසේ වාස්තවික හා මනෝමුලික කරණා දෙපාර්ශවයම අනුගමනය කරමින් වාස්තවික මනෝමුල ඉතිහාසයක් පිළිබද කතිකාවතක්ද පැවතින.මේකාරණා මුලික වශයෙන්ම පර්යේෂයෙකු තම පර්යේෂණය හරහා යම් කරුණක් සනාථ කිරීමේදී මෙකී ප්‍රවේශයන් භාවිතා කිරීම අත්‍යවශයෙන්ම කළ යුතු කාර්යයකි.නමුත් ප්‍රබල ප්‍රශ්නයක් වන්නේ එසේ වාස්තවික වුත්, මනෝමුලික වුත් ඉතිහාසයක් ග්‍රන්ථනය කළ හැකිද,යන්න වේ.මන්ද මෙහි අධ්‍යනයට බදුන් කරන්නේ ඓතිහාසික සංසිද්ධි බැවිනි.ඒවා බෙහෝ විට අධ්‍යනය කළ හැකි වන්නේ මුලාශ්‍ර හරහා වේ.මෙහිදී තෝරාගනු ලැබූ මුලාශ්‍රයෙහි වටිනාකම නැතිනම් තොරතුරුවල පවත්නා නිරවුල්තාවය මත නිවරදි නිගමනයකට එලඹීමේ සක්‍යතාව ඇතිවේ.එසේම පෙර සදහන් කළ සේම භෞතිකයත්,විඥ්ඥාණයත් හරහා සත්‍ය වූ ඉතිහාසයක් නිර්මාණය කරගත නොහැක.මන්දයත් ඒ හරහා අප බොහෝ විට අධ්‍යනය කරනු ලබන්නේ මානව පරිණාමයෙන් පසු අවධිය පමණි.නමුත් පුද්ගලික වශයෙන් මිනිසකු නිර්මාණයවීම (උපත) සිදුවීම භෞතික හෝ විඥ්ඥාණමය දෙයක් නොවන බැවිනි.මන්ද අද වනවිටත් කිසිදු විද්‍යාඥ්ඥයෙකුට මිනිසකු නිර්මාණය කළ නොහැක.
එසේනම් මෙහි යම් කිසි ස්වාභාවික බලවේගයක් ක්‍රියාත්මකවීමක්ද දක්නට ලැබේ.එය මිනිසකු ඉපදීම කෙරෙහි කෙසේ බලපායිද ඒ පුද්ගලයාගේ මරණය තෙක් සියලු දේ සදහා බලපානු ලබයි.එමනිසා ඉතිහාස අධ්‍යනයේදී ඒ කරුණ පිළිබද අවදානය ද අත්‍යවශ්‍ය වේ.නමුත් මෙහි පවතින ප්‍රධානම ගැටලුව වන්නේ මුලාශ්‍ර හිගතාවය සහ මුලාශ්‍රවල නිරවද්‍යතාවය වේ.විවිධ ඉතිහාසඥ්ඥයින් ශ්‍රි ලංකා ඉතිහාසය නැවත ලිවීමේදී එය යුග වශයෙන් වෙන්කොට දක්වන ලදි.නමුත් ජි.සි.මෙන්ඩිස් වැනි ඉතිහාසඥ්ඥයින් ලංකා ඉතිහාසයේ ගැටලු දැක්වීමේදි මෙකි යුගගත කරණය ප්‍රතික්ෂේප කරණ ලදි.එසේම සිදුවිය යුත්තේ යම් සංසිද්ධියක් ගෙන ඒ සංසිද්ධිය හරහා පර්යේෂණ, නිරීක්ෂණ සිදු කර ඒ හරහා එන නිගමන තුළින් නව ඉතිහාසයක් නිර්මාණය කිරිම වේ.මන්ද පවත්නා ක්ෂේත්‍රය පුළුල් වෙන්න වෙන්න නිරික්ෂණ දාමය ද පුළුල් වේ.ඒ හරහා පර්යේෂකයෙකුට වඩාත් නිවරදි වු නිගමනයකට ඒමේ හැකියාව නොලඹීයයි.එසේනම් සිදු කළ යුත්තේ යැයි හැගෙන්නේ යම් නිශ්චිත සිදුවීමක් ගෙන ඒ හරහා පර්යේෂණය සිදුකිරිමයි.ඒ හරහා වඩා සාර්ථක නිගමනයකට ඒමේ හැකියාව පවති.
මෙම පර්යේෂණ වර්ථාව හරහා “ක්‍රි.ව. දහවන සියවසේ සිට ක්‍රි.ව. දෙළොස්වන සියවස් අතර දකුණු ඉන්දිය සාධකය හා රජරට ශිෂ්ටාචාරය” යන විශය ක්ෂේත්‍රය සම්බන්දව තොරතුරු අධ්‍යනය කිරිමට බලාපොරොත්තුවන අතර එකී ක්ෂේත්‍රය තුළින් නිරීක්ෂණයට බදුන් කිරිමට අදහස් කරන්නේ “රජරට පැවති පුරාතන සභ්‍යත්වය බිද දමමින් පොළෙන්නරුවේ නව සභ්‍යත්වයක් නිර්මාණය කිරිම චෝළයන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵලයකි.”මෙහි ගැබ් කරවන අදහස නම් අනුරාධපුර ශිෂ්ටාචාරය බිද වැටීම කෙරෙහි චෝළ ආක්‍රමණ ප්‍රමුඛ වන අතරම පොළොන්නරු ශිෂ්ටාචාරය නිර්මාණය වන්නේත්, එය රජරට සභ්‍යත්වයේ මීලග අගනුවර වන්නේත්, පොළොන්නරු යුගය අනුරාධපුර යුගයෙන් වෙනස් ලක්ෂණ වලින් යුක්ත වන්නේත් චෝළ බලපෑමට නතුව පැවති කල චෝළයින් ලංකාව පරිපාලනයේදී මෙන්ම අගනුවර නිර්මාණය තුළ සිදුකරනු ලැබූ වෙනස්කම් බව වේ.මෙකී පර්යේෂණය කරගෙනු යනු ලබන්නේ පර්යේෂණ ගැටලුව හරහා සිදු කරන නිරීක්ෂණය හරහාය.එහිදී පැනයක් නගින්නේ “චෝළයින් හුදෙක් පොළොන්නරුව නිර්මාණය කර ගනු ලැබුවේ මෙවකට දකුණු ඉන්දියාවේ චෝළ බලයට අභියෝග රාජ්‍යයන් තම යටත් ප්‍රදේශවලට එල්ල කරනු ඇතයි යන බිය කරන කොට ගෙන තම ආරක්ෂාව සහතික කරගනිමින් පෙර සුදානාම සහතික කරගත හැකි ප්‍රදේශයක් ලෙසත් ලංකාව තුළ මධ්‍යගත පාලනයක් පවත්වා ගැනීමට යන කරුණු හේතු කොට ගෙනමද?” යන පැනය හරහා වේ.මෙකී පර්යේෂණයේ සාර්ථකත්වය රදා පවතින්නේ මෙහි තෝරාගනු ලබන්නා වූ විශය ක්ෂේත්‍රය,තේමාව හා පර්යේෂණ ගැටලුව කරනකොට ගෙනය.මෙහි දී ප්‍රධාන ලෙසම නිරීක්ෂණය කරනු ලබන්නේ අනුරාධපුර රාජධානි සමයේ අවසානයේ චෝළ ආක්‍රමණවල සිට පොළොන්නරුව රාජධානියේ ආරම්භය දක්වා වු කාලයයි.එම කාල අවකාශ රාමුව තුළ චෝළ ආක්‍රමණ ලංකාවට එල්ලවීම සහ ලංකාව තුළ චෝළ ආධිපත්‍ය පිහුටුවීම හා ආධිපත්‍ය රැකගනු වස් චෝළයින් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යෙමු කරනු ලබයි.මෙහිදි අනුරාධපුර රාජධානි සමය පොළොන්නරු රාජධානි සමය ලෙස මෙහි දක්වන්නේ පෙර පැවති අදහසට අනුවය.නමුත් එලෙස වෙන්කර දැක්වීම නිවරදිද යන්න පිළිබද ගැටලුවක් පවති.මන්ද මෙහි කතා කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රය මුලික ලක්ෂණ පවතින්නේ යුගගතකරණය කරණලද අනුරාධපුර සමයේය.එයට හේතුව වන්නේ චෝළයින් විසින් පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරාගැනිමත් සමග නව රාජධානයක් ආරම්භ විමයි. එතැන් පසු පළමුවන විජයබාහු රජු චෝළයින්ගෙන් රට නිදහස් කිරිමෙන් පසුවත් පොළොන්නරුව ප්‍රධාන පාලන මධ්‍යස්ථානය ලෙස පැවතින.(කාලිංග මාඝ ආක්‍රමණය තෙක්)නමුත් චෝළ ආක්‍රමණ ශ්‍රි ලංකාවට එල්ල වන්නේ මෙකී යුගගත කරණයට අනුව අනුරාධපුර සමයේය.මෙත් සමග අනුරාධපුරය යුගය බිදවැටෙන අතර (බිදවට්ටන)පොළොන්නරු යුගය ආරම්භ වේ.නමුත් මෙහි අරමුණ වන්නේ යුගගත කරණයේ අඩුපාඩු සොයා බැලීම නොව චෝළයින් වඩාත් නිර්මාණශීලීව,ක්‍රමාණුකූලව නිර්මාණය කර තිබු අනුරාධපුර නගරය සම්පුර්ණයෙන්ම විනාශ කර නව නගරයක් ලෙස පොළොන්නරුව නිර්මාණය කර ගැනීම සහ එය පාලන මධ්‍යස්ථානය ලෙස පවත්වා ගැනීම කෙරෙහි බලපැ සැබැ හේතුව කවරේද යන්න පිළිබදවයි.මෙහිදී වාස්තවික කාරණා මෙන්ම මනෝමුලික කාරණා පිළිබදවත් මෙහිදි අවදානය යොමු කළ යුතුය.
සැබෑ ලෙසම ඉතිහාසඥ්ඥයකුගේ කාර්යභාරය කුමක්ද? යන කරණාවේදී මෙහි අධ්‍යනය කරණු ලබන ඓතිහාසික ලේඛනවල පවතින ස්වභාවය කවරේද? යන කරණාවේදී මෙහි අධ්‍යනය කරණු ලබන ඓතිහාසික ලේඛනවල පවතින විශේෂත්වයක් වන්නේ එම ලේඛන හුදෙක් නිර්මාණය වුයේ යම් ආකාරක කතාමය ස්වරූපයකට වීමයි.එම නිසා එකී ඉතිහාසඥ්ඥයින් ඒ ලේඛන තුළ වාස්තවික කාරණාවලට වඩා මනොමුලික කරුණු කෙරෙහි වැඩි අවධානයක් යෙමු කළහ.එම නිසා වර්තමාන ඉතිහාසඥ්ඥයින් ආනුභවික ක්‍රමවේදය හරහා ප්‍රත්‍යක්ෂමුලවාදී නිරීක්ෂණයන් යොදා ගනිමින් තම ලේඛන සටහන් කරගත්හ.බ්‍රෝදෙල්ගේ මධ්‍යදරණි කළාපය අළලා කරණු ලැබු කෘතිය ඉතිහාසය තුළ යම් අතික්‍රමණයක් කරණ ලදි.නමුත් ඔහු විසින් ගනුලැබු තේමාව අලුත් ආකාරයක් ගනු ලැබූ නමුත් ඔහුගේ විශය පථය විශාල බැවින් ඔහු හට මග හැරුනු කරුණු විශාලය.නමුත් අධ්‍යනය කරුණු ලබන විශය පථය කෙටි වන විට ඒ සම්බන්ධව කරණු ලබන නිරීක්ෂණ වාඩා සර්ථක වනු ඇත.මෙහිදි ප්‍රධාන ලෙසට නිරීක්ෂණයේදී වැදගත්වන කරුණක් නම් මෙහි නිරීක්ෂණය කිරිමට බලාපොරොත්තු වන විශය ක්ෂේත්‍ර සම්බන්ධව දැනට පවතින දැනුම කෙබදු ආකාරයක් ගනු ලබන්නේද යන්න සහ මෙකී ක්ෂේත්‍රයේ ප්‍රාමාණ්‍යයන් කවරේද යන්න පිළිබදවය.මෙහිදී සොයාගනු ලැබූ තොරතුරුවලට අනුව ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය නම් පොතෙහි අඩංගු කරුණු දැනට පිළිගනු ලබන්නේය.එහිදී මහාචාර්ය කේ.ඒ. නීලකණ්ඨ ශාස්ත්‍රී මහතා විසින් රචිත චෝළ ආක්‍රමණ:අනුරාධපුරය බිදවැටීම,ලංකාව චෝළ අධිරාජ්‍යයක්ව පැවති කාලය සහ පළමුවෙනි විජයබාහු රජතුමා හෙවත් ලංකාව නිදහස් කළ වීරයා යන ලිපි ලේඛනද,සර් සී.ඩබ්ලියු. නිකලස් මහතා විසින් රචිත චෝළ ආධිපත්‍යයෙන් නිදහස් වීම,පළවෙනි විජයබාහු රජුගේ රාජ්‍යය කාලය යන ලේඛනද, මහාචාර්ය අමරදාස ලියනගමගේ විසින් රචිත ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ එන කේරළයෝ ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකක් පිළිබද අධ්‍යනයක් යන ලිපියද, මහාචාර්ය ඒ.ඇල්.බැෂම් විසින් රචිත පළවෙනි පරාක්‍රමබාහු රාජ්‍යසමයට පසුබිම මැයෙන් රචිත ලිපියද, මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර විසින් රචිත රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි නම් කෘතියෙහි රජරට චෝළ ආධිපත්‍ය සහ පොළොන්නරු රාජධානියේ දේශපාලන ඉතිහාසය යන ලිපිද මෙහි නිරීක්ෂණයට බදුන් කිරිමට බලාපොරොත්තු වේ.මෙහිදී අදාළ ක්ෂේත්‍රය සම්බන්ධව තවත් ලිපි ලේඛන ඇති නමුත් මෙහි පර්යේෂණයට බදුන් කරණු ලබන්නේ මේ සම්බන්ධයෙන් සිටින ප්‍රමාණ්‍ය ඉතිහාසඥ්ඥයන්ගේ ලේඛන වේ.එහිදී මෙහුන් ඉදිරිපත් කර ඇති කරුණු කාරණා මෙහිදි අධ්‍යනය කරීම සිදුකළ යුතුය.
ඒඅනුව මෙකී ඉතිහාසඥ්ඥ ප්‍රමාන්‍යයන් ඉහත සදහන් කරන ලද තම කෘති තුළින් ඉදිරිපත් කරණ තොරතුරු සාහිත්‍ය විමර්ශණයට භාජනය කළ යුතුය.පවත්නා දැනුමෙහි ස්වාභාවය පිළිබදව හා එහි පවතින අඩුපාඩු පිළිබදව මෙහිදී අවධාරණය කරගත හැක.ශ්‍රි ලංකා ඉතිහාසයේ පවත්නා ගැටලුකාරී තත්වය තුළින්,එකී ගැටලුව සමතයකට පත්කිරිම ඉතිහාසඥ්ඥයාගේ කාර්යභාරයක්ද වන්නේය.කෙසේ නමුත් අදාළ ක්ෂේත්‍රය තුළ පවත්නා දැනුම සහ එහි අඩුපාඩු සම්බන්දව පර්යේෂකයාගේ අවධානය යොමු වීම මෙහි අත්‍යාවශය කරුණකි.පළමුව පවත්නා දැනුමේ ස්වාභාවය පිළිබදව අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.ශ්‍රි ලංකා ඉතිහාසය අර්ථකතනය කිරිමෙදි ලංකා විශ්වවිද්‍යාලය මෙහි ඉදිරියෙන්, සිටි එම නිසාම මෙහි අධ්‍යනයට භාජනය කරන විශය මාත්‍රය සම්බන්දව පවත්නා දැනුම,ලංකා විශ්වවිද්‍යාලය ලංකා ඉතිහාසය පළමු කාණ්ඩයේ පළමු භාගය සහ පළමු කාණ්ඩයේ දෙවන භාගය තුළ පවතින කරුණු කාරණා පිළිබදව අවධානය කිරිමේදි ,ලංකා විශ්වවිද්‍යාලය ලංකා ඉතිහාසය පළමු කාණ්ඩයේ දෙවන භාගයේ සදහන් තොරතුරු කෙරෙහි අවධානය යොමු කළ විට පැහදිලි වු කරුනක් නම් ලංකාව චෝළ අධිරාජ්‍යයේ ප්‍රදේශයක්ව පැවති කාලය පිළිබදව කේ.ඒ.නීලකණ්ඨ ශාස්ත්‍රි ඉදිරිපත් කර ඇති තොරතුරු වල පවතින ගැටලුකාරී තත්වයක් වන්නේ එතුමා විසින් තම තොරතුරු දැක්විමේදි ලංකාවට චෝළ ආක්‍රමණ එලඹෙන කාලය වනවිට චෝළ දේශයේ තත්වය පිළිබද විස්තරයක් කිරිම සහ චෝළයේ එකල සිට ඉදිරියට චෝළ දේශයේ රාජ්‍යය අභිවර්ධනය සම්බන්ධව තොරතුරු මෙන්ම ලංකාවේ චෝළ පාලනය සම්බන්ධව ඉදිරිපත් කරණු ලැබු තොරතුරු ඉතා නිවරදී මෙන්ම ප්‍රසංසනීය වේ.නමුත් එතුමා විසින් යම් ලෙසක සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක කරුණු යම් ක්‍රමවේදාත්මක ප්‍රවේශයක් මත පිහිටා ඉදිරිපත් කර ඇත.එහෙත් මෙහි පවතින ගැටලුව වන්නේ අනුරාධපුර නගරය කොල්ලකා වස්තුව පැහැරගෙන නගරය විනාශ කර පොළොන්නරුව පාලන මධ්‍යස්ථානයක් වශයෙන් චෝළයන් පත්කර ගැනීමේදි ඊට හේතුකාරණා දැක්වීමේදී පවත්නා අවම සැළකිල්ල වේ. මන්ද එකී කාරණාවේ වැදගත්කම පොළොන්නරුවේ දේශපාලන තත්වයේ සිට ලංකාවේ අනෙකුත් රාජධානි(ලංකා ඉතිහාසය මෙලෙස රාජධානිවලට කඩා එකි රාජධානි සම්බන්ද කාරණා සකාච්ඡා කිරිමත් ගැටලුවක්වේ) සම්බන්ද දේශපාලන තත්වය කෙරෙහි සෘජුවම බලපාන බැවිනි.එමෙන්ම ඒ.ඇල්.බැෂාම් විසින් පළමුවන පරාක්‍රමබාහු රාජ්‍යය සමයට පසුබිම නම් ලේඛනය තුළින් පොළොන්නරුව සම්බන්දව හැදින්වීමක් කරයි. එහිදී පොළොන්නරුව පාලන මධ්‍යස්තානය කරගත් ලංකා පාලකයින් සහ ඊට හේතු වු ආකාරයන් පිළිබදව පැහැදිලි කිරිමක් කරයි.එහිදී තුන්වන අග්ගබෝධි(ක්‍රි.ව.626-412),හතරවන අග්ගබෝධි(ක්‍රි.ව.658-74),හත්වන අග්ගබෝධි(ක්‍රි.ව.766-72),පස්වන සේන ආදින් පොළොන්නරුව පාලන මධ්‍යස්ථානයක් වීමත් ප්‍රථමව මෙහි සිට පාලනය කළ බව දක්වයි.මීට අමතරව පොළොන්නරුවේ වැදගත්කම දක්වන බැෂාම් මෙකල මෙම නගරය දියුණුවිම කෙරෙහි වාරිකර්මාන්ත දියුණුව,නිෂ්පාදනය සහ ජනගහණයද හේතු වු බවත් එමෙන්ම දේශපාලන කරුණුද දියුණුව කෙරෙහි බලපැ බව දක්වයි.තවද පොළොන්නරුවේ සිට රෝහණ දේශයට ලගාවීම ඉතා පහසුවීම,දකුණු දෙස පාලනය කිරිමටත් එදෙසින් එන ප්‍රහාර වැලක්වීමටත් පොළොන්නරුව වැදගත් වූ බව දක්වයි.තවද පොළොන්නරුව අග්‍ර රාජධානිය වශයෙන් යොදා ගැනීමට හේතු වුයේ ද්‍රවිඩ ආක්‍රමණ බව මෙතුමා සදහන් කරණු ලැබුවා වුවත් චෝළයින් පොළොන්නරු නගරය නිර්මාණය කිරිමට පුර්ණ හේතුව දක්වා නොමැත.එතුමා වැඩි වශයෙන් දක්වා තිබුණේ දකුණු දෙස තම බලය වර්ධනය කර ගැනීමට පොළොන්නරුවේ සිට සොළීහු කටයුතු කළ බවයි.
එමෙන්ම යම් ආකාරය වෙනස් පර්යේෂණය කරන ලද අමරදාස ලියනගමගේ සුරීන් ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ එන කේරළයෝ ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකක් පිළිබද කරණු ලැබු නිරීක්ෂණය තුළින් ලංකාව තුළ චෝළ,පාණ්ඩ්‍ය රාජ්‍යයවල බලපැමට වඩා කේරළ රාජ්‍යය බලපැම ලංකාව කෙරෙහි යොමුවීම සම්බන්දව මෙතුමා දක්වයි.එතුමා විසින්ම එම නිසා ඇතම් චෝළ පිරිස් කේරළ පිරිස් ලෙස වරදවා වටහා ගෙන තිබීමද මෙහි කනගාටුවට කරුණකි.ඒ හරහා එතුමා විසින් කේරළ බලපැමට ලක්වු ලංකාවක ස්වරූපය පෙන්වා දෙයි.මෙලෙස ප්‍රාමාණ්‍ය ඉතිහාසඥ්ඥයින්ගේ සැලකිල්ලට බදුන් නොවු කරණයක් නම් චෝළ ආක්‍රමණය සිදුවු පසු චෝළයින් හුදෙක් අනුරාධපුර නගරය අතහැර නව නගරයක් තමන්ට රිසිසේ නිර්මාණය කිරීමට තැත් කිරීම හා තම පාලන මධ්‍යස්ථානය ලෙස පොළොන්නරුව බලකොටුවක ස්වරූපයට නිර්මාණය කිරීම මෙන්ම පළමු වරට අගනගරය ලෙසට පවත්වාගෙන යමින් තම පාලනය ලංකාව තුළ තහවුරු කර ගැනීමට කටයුතු කිරිම එකවර බැහැර කළ යුතු කරුනක් නොවෙති.එසේනම් ගැටලුවක් වන්නේ චෝළයින් නව නගරයක් තම පාලන මධ්‍යස්ථානය ලෙස පවත්වා ගනු ලබන්නේ ඇයි යන පැනයයි.මන්ද මීට ඉහත කාලවලදී චෝළ ආක්‍රමණ සිදුවුවත්,ඔවුන් ලංකාව යටත්කර ගනු ලැබුවත් කෙදිනක හෝ ඔවුන් තම පාලන මධ්‍යස්ථානය ලෙස අනුරාධපුරයෙන් බැහැර ප්‍රදේශයක් තෝරා නොගත්හ.නමුත් ඔවුන් අසාර්ථක විය.මන්ද ඔවුන්ට ලංකාව තුළ දීර්ඝ කාලයක් තම බලය රදවා ගත නොහැකි විය.නමුත් ක්‍රි.ව.10-11 සියවස් කළ එල්ලවු චෝළ ආක්‍රමණ එබදු නොවීය.පළවෙනි රාජරාජ මෙන්ම ඔහුගේ පුතු වූ පළමුවන රාජේන්ද්‍ර චෝළ ලංකාවට එල්ල කළ ආක්‍රමණ වෙනස් ආකාරයකින් යුක්ත විය.ඔවුන්ට අවශ්‍ය වුයේ ලංකාව තුළ පාලනය ගෙන යාමට වඩා තම රාජ්‍යය වු චෝළ රාජ්‍යය යටතේ තම පාලනය ගෙනයාමේ අවශ්‍යතාවයයි.(මෙය පසු කාලයෙදී පෙරදිගට පැමිණි යුරෝපීය ජාතින් විසින් ද මෙම ක්‍රම වේදය අනුගමනය කරන ලදි.)එයට හේතුව වුයේද චෝළ දේශයට අවශ්‍ය වටිනා සම්පත් ලංකාව තුළින් ලබා ගැනීමටය මන්ද එය සෘජුවම තම රාජ්‍යයේ වර්ධනයට හේතුවන බැවිනි.කෙසේ වෙතත් මෙම පරීක්ෂණය තුළින් අවදානය යොමු කරණු ලබන්නේ චෝළ පාලකයින් පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය ලෙස භාවිතා කරනු ලැබුවේ කුමන හේතුවක් පදනම් කර ගනිමින්ද යන කරුන වේ.එයිදී නැගෙන ගැටලුව නම් චෝළයින් පොළොන්නරුව පාලන කේන්ද්‍රය බවට පත් කර ගන්නේ හුදෙක් රෝහණයේ කලහ කාරී බාවය පාලනය කිරීමට ඇති පහසුව සහ දකුණු ඉන්දියාවෙන් එල්ල විය හැකි ආක්‍රමණයන් වැළක්වීමේ හැකියාව මත මෙලෙස නව පාලන නගරයක් ඉදිකළ බව පිළිගන්නා කරුනකි.නමුත් ගැටලුව වන්නේ චෝළයින් මෙකි කරණාව සදහා පමණක් එය නිර්මාණය කරාද යන කාරණයයි.
පළමුව මෙකි ගැටලුව මතු වන්නේ චෝළ පාලකයින් අනුරාධපුරය විනාශ කිරිම සහ පොළොන්නරුව තම මධ්‍යස්ථානය ලෙස සකස් කිරිමය.එහිදී චුලවංශයේ චෝළයින් අනුරාධපුරය විනාශ කිරිම මෙලෙස දක්වා ඇත.
“ඉක්බති අස් වෙළෙන්දෙක් පර තෙරින් මෙහි ආයේ ලක්දිව පවත් (දැන)ගොස් සොළී රජ හට දැන්වීය.බලී හේ තෙමේ එපවත් අසා ලක්දිව ගන්නා කැමැත්තේ මහත් බළ සෙනගක් එවීය.ඒ සේනා තොමෝ වහා අවුත් ලක්දිව බැස ගත.ඒ සොළී බලසේනා තොමෝ ගොඩ බට තැන් පටන් බොහෝ ජනයන් පෙළමින් අනුක්‍රමයෙන් රුහුණට පැමිණියා.ඒ සොළී රජුහු සතිස් වන වස්හි මෙහෙසිය,රතනයන ක්‍රමාගත ඔටුන්න එසේම සර්ණාභරණය දෙවියන් විසින් දෙන ලද අමුල්‍ය වීදුරු වළල්ල කැඩිය නොහැකි සිරිය,කපන ලද පටි ධාතු යන මෙතෙක් දෑ හා භයින් වන දුර්ගයට වන් ඒ රජු හස්ත ගත සියලු වස්තු සොළී රජු කරා යැවුහ.(ඒ සොළීහු) තුන් නිකායේ දාගැබ් ද මුළු ලක්දිව් තෙලෙහි මාහැගි නොයෙක් ස්වර්ණාදි පිළිබිඹු ද එසේම ඒ ඒ විහාර සියල්ල ලාහෙළා බිද ගෙණ ඕජස් උරණ යකුන් සෙයින් ලක්දිව්හි සාරය ගත්හ.ඒ සොළීහු පොළොන්නරුව ඇසුරු කෙළෝ රක්පාන්කට නම් තැන හිමි කෙට රජ රට අනුභව කළහ.” (චූ.ව.55,13-22)
මෙලෙස සොළීහු අනුරාධපුරය විනශ කරන ලදි.අනෙක් අත සොළීහු තුන්නිකායේ දාගැබ්ද ලංකාව වෙහෙර විහාර ද විනාශ කරන ලද බව සදහන් කොට තිබේ. ඒ තුළින් පැහැදිළි වන්නේ සොළීන් විසින් පළමුව සිදු කරනු ලැබුවේ ලංකා සංස්කෘතිය විනාශ කිරිමයි.ඔවුන් බෙහෝ විට පහර දෙනු ලැබුවේ වෙහෙර විහාරවලටය.එයට චූලවංශය දක්වන්නේ වටිනා ද්‍රව්‍ය ලබාගැනීමට බව දක්වන නමුත් එහි තවත් පැත්තක් බැලිය හැක. එනම් සොළීන් වනාහි හින්දුන් වේ. එම නිසාම ඔවුන් අනෙක් අගම් විරෝදී වුහ.නමුත් වෙල්ගම් විහාරයට සොළීන් දායකත්වය ලබාදුන් බව පැවසෙතත් එය මෙම සිදු වීමෙන් ඇතට දිව යන්නකි.අනෙක් පසින් අනුරාධපුරය වනාහි බෞද්ධ නිජබිම වන්නේය.මහාවිහාරය ඇතුලු ත්‍රිවිධ නිකායන්ට අයත් බොහෝ වෙහෙර විහාර පවතින්නේ මෙහිය.චූලවංශ විස්තරයට අනුව සොළීන් විසින් මෙකි තුන් නිකායට අයත් විහාර විනාශ කරන ලද බව සදහන් වේ.ඒ අනුව පැහැදිලි වන්නේ හුදෙක් සොළීන් මෙම වෙහෙර විහාර විනාශ කරනු ලැබුවේ ලංකා සංස්කෘතිය.සභ්‍යත්වය නිර්මාණය වී තිබුණේ බෞද්ධ වටපිටවෙන් වීමෙනි.එම නිසා ම මෙහුන් අවශ්‍ය වන්නේ පළමුව ලංකා සංස්කෘක වෙනසක් ඇති කිරිමට බව පැහැදිලි වේ.මෙම විස්තරයට අනුව සොළීහු අනුරාධපුරය විනාශ කළ බවත් එය තවත් පැහැදිළවන තැනක් නම් සොළින් පරදවන පළමුවන විජයබාහු රජු පළමු සංචාරය කරනු ලබන්නේ අනුරාධපුරය බැලීමට වේ.එහිදී සොළීන් කර දුටු විනාශය දැක එය නැවත ප්‍රතිසංස්කරණයට අධිෂ්ඨානය කරගත් බව සදහන්වේ.මෙම කරුනෙන් පැහැදිලි වන කරුණක් නම් විජයබාහු රජ සොළීන් පරදා රජරටට යන විටත් රජරට සංස්කෘතික විපරිවර්තනයක් වී තිබූ බවයි.මෙකල භික්ෂුන් වහන්සේලා පවා සිටිය නොවු බව සදහන් වේ.මෙය චූලවංශයේ හැට වෙනි පරිජ්චේදයේ හතරවෙනි ගාථාවේ සිට දක්වා ඇත්තේ උපසම්පදා කර්මයට ගණපුරණ භික්ෂුන් නොසිටිනා බැවින් බුදු සසුන රැකිමට බුරුම රටේ අනුරුද්ධ නම් රජු සමග සම්බන්දතා පවත්වා උපසම්පදා භින්ෂුන් ගෙන්වා ගැනිමට කටයුතු කළ බවයි.මෙ තුළින් පැහැදිළි වන කරුණක් නම් මෙවන විට ලංකාව තුළ සිටි භික්ෂුන් වහන්සේලා ප්‍රමාණය බොහෝ සුළු ප්‍රමාණයක් බවයි.එයට හේතු වන්නට ඇත්තේ පිරිසක් ලංකාවෙන් සොළී ආක්‍රමණත් සමග වෙනත් රටවලට පලා යෑම සහ චෝළයින් විසින් ලංකාවේ සිටි භික්ෂුන් වහන්සේලා විනාශ කිරිම විය හැක.එසේ නම් මෙහුන්ගේ ප්‍රධාන ඉලක්ක දෙකක් විය. එනම් වසර දහසක් (1000) තරම් ලංකාවේ අගනගරය වශයෙන් පැවති අනුරාධපුරය විනාශ කිරීමේ අභියෝගය සහ ලංකාව තුළ නව සංස්කෘතින පරිසරයක් ඇති කිරිමේ ගැටලුව විය.මෙහි පළමු ගැටලුව සොළී ආක්‍රමණය සිදු කළ අවස්තාව තුළින්ම ඉටු කර ගත හැකිවූ බව චූලවංශ විස්තරය තුළින්ම පැහැදිළි විය.දෙවනි කරුණ වඩා බැරැරුම් විය.
මීට අමතරව පළවෙනි රාජේන්ද්‍ර රජු ලංකාවේ රජරට ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමෙන් පසු “සොළීන් විසින් ගත් මිහිදු රජ තෙමේ දෙළෙස් හවුරුද්දක් චෝළ මණ්ඩලයෙහි වැසඅට සාලිස් වන්නෙහි පරලෝ ගියේය.”යනුවෙන් චූලවංශයේ දක්වා තිබුණු නමුත් චෝළ ලේඛන තුළ එබන්දක් ලියවී නොමැත.එහෙත් මේ සම්බන්දව කරුණු ඉදිරිපත් කර තිබු ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාස පොතෙහි දක්වා තිබුණේ ලක්දිව රජු පැමිණ තමාට අභිවාදනය කළ බව රාජේන්ද්‍ර රජුගේ සත්වැනි රාජ්‍යය වර්ශයට අයත් සෙල්ලිපියක සදහන්කර තිබූ බවයි.නමුත් මෙකි කරුණ තුළින් ගම්‍යමාන වන්නේ මිහිදු රජු රාජේන්ද්‍රව අභිවාදනය කළාද නැද්ද යන කාරණය නොව සොළීන් රජරට තම නිත්‍යාණුකූලභාවය සනාත කිරිමට කටයුතු කළ බවයි.එසේනම් මෙහුන් හට
මෙලෙස නිත්‍යණුකූලභාවය සනාථ කිරීමට හේතු වූයේ මන්ද යන්න මෙහි එන ගැටලුවක් වේ.මේ අනුව පැහැදිළි වන කරුණක් නම් සොළීන්ට මූලිකවම ලංකාව තුළ පක්ෂපාතීත්වයට වඩා ලංකාවේ පුර්ණ අධිකාරී බලය ලබාගැනීමට අවශ්‍ය වූ බවත් එය ජනතාව තුළ සනාථ කිරිමට නම් තමන්ට ලක්දිව හිමි අයිතිය දැක්විය යුතුවිය.මෙකී තත්වය ලංකාවේ විදේශ පාලනයක් පැවති සෑම කාලයකම සිදුවනු ලැබුවක් වුවත් අනෙකුත් විදේශිය පාලකයන්ට (එළාර,සත් ද්‍රවිඩ,ෂඩ් ද්‍රවිඩ)ලංකාව තුළ බලය රදවා ගනිමින් ලංකාව තුළ පාලකයා වශයෙන් රැදි සිටිමට අවශ්‍ය වුවත් පළමු රාජරාජ,රාජේන්ද්‍ර චෝළ වැනි පාළකයන්ට අවශ්‍ය වුයේ ලංකාව චෝළ දේශයේ යටත් රාජ්‍යයක් ලෙස පවත්වා ගැනීමටය.මෙය යම් ආකාරයක දුෂ්කර කාර්යක් වේ.එමෙන්ම මෙකි කරුණ සනාථ වන්නේ මෙකල ලංකාව “මුම්මුඩි ශෝළ මණ්ඩලම්”ලෙස මෙවුන් නම් කිරිමෙන්ම එය තහවුරු කරගත හැකිය.නමුත් මෙම නමින්ම හැදින්වු බවට සාක්ෂි නැත.කෙසේ වෙතත් මෙහි වැදගත් වන්නේ මෙහුන්ගේ සැබැ පරමාර්තය පැහැදිළි කර ගැනීම කෙරෙහිය.මන්ද මෙකී පර්යේෂණ මාතෘකාව තුළින් නිරීක්ෂණයට භාජනය කරනු ලබන්නේ රජරට පැවති පුරාතන සභ්‍යත්වය බිද දමමින් පොළෙන්නරුවේ නව සභ්‍යත්වයක් නිර්මාණය කිරිම චෝළයන්ගේ ඒකාධිකාරයේ ප්‍රතිඵලයකි යන්න වේ.මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ රාජේන්ද්‍ර චෝළ ලංකාව ආක්‍රමණය කරණ ලදුව වුවත් ඔහු ලංකාව තුළ රුදි සිටිය බවක් නොසැලවේ.එසේම ලක්දිව යටත් රාජ්‍යයක් වශයෙන් පවත්වාගෙන යන ලද බව විස්වාස කළ හැකිය.තවද ලක්දිවින් වටිනා සම්පත්,රත්රන්,කුළුබඩු වර්ග,වෙළෙද බෝග,මුතු මෙන්ම කප්පම් ධනය මෙවුන් ලබාගත් බවත් ඒ තුළින් තම රට සංවර්ධනය කිරිමට කටයුතු කළ බව විස්වාස කළ හැකිය.
මෙහිදී ඉහත දක්වන ලද කාරණා තුළින් පැහැදිළි කරගත හැකි කරුණක් නම් ලංකාව තුළ චෝළ පාලනයක් තිබු බව සහ අනෙක් ලංකා ආක්‍රමණ වලට වඩා රාජරාජ සහ රාජේන්ද්‍ර චෝළ අක්‍රමණයන් වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වූ බවයි.එසේ නම් මෙකි වාර්තාවේ අධ්‍යනයට භාජනය කරණු ලැබු මිලග කරුණ කෙරෙහි අවදානය යොමු කරමු.එයනම් නිරික්ෂණයට බදුන් වූ පොළොන්නරුව පාලන මධ්‍යස්ථානයක් ලෙස සොළීන් යොදා ගැනීමට හේතු යම් වාස්තවික ස්වරෑපයක් තුළින් පැහැදිළි කරගැනිමටය.ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය ග්‍රන්ථයේ දැක්වෙන “අනුරාධපුරය කොල්ලකා විනාශ කරන ලද්දේය.මින් පසු එය ලංකාවේ රාජධානිය වුයේ නැත.ඒ වෙනුවට ලංකාවේ රාජධානියබවට පැමිණියේ යුද්ධ කාර්ය අතින් ඊට වඩා වැදගත් වූ පොළොන්නරුව හෙවත් පුලස්ති නගරයයි.”(1971,p-394) මෙම කාරනාව තුළ පැහැදිළි වන්නේ චූලවංශ විස්තරය කෙරෙහි වඩා විමර්ශණශීලි ලෙස නෙබලනු ලැබු බවයි.මන්ද චූලවංශ විස්තරය තුළ දැක්වෙන අනුරාධපුරය විනාශ කළ බව සදහන් පුවත සහ නව පාලන නගරය ලෙස පොළොන්නරු නගරය තොරාගැනීම යම් ගැටලුකාරී තත්වයක් ඇති කරවන හේතුවකි.මන්ද මේ වනවිටත් වසර දහසකට අධික කාලයක් මුලුල්ලේ වැජබුන නගරයක් වුයේ අනුරාධපුරය වේ.පස්වන මිහිදු බලයට පැමිණ කාලය සහ ඔහුගේ කාලයේ පාලනයේ දුර්වල ක්‍රියාකාරීත්වය පැවති පාලනය,රටේ ආර්ථිකය දුර්වල වුවත් නගරය විනාශ නොවුහ.මන්ද අනුරාධපුර නගරයේ පැවති සැකැස්ම අනර්ඝ වු බැවිනි.අනුරාධපුර නගරය නිර්මාණය වීමෙහි ලෝකයේ නාගරික ශිෂ්ටාචාරවල පවා නෙතිබු ලක්ෂණයන් මෙහි විය.එනම් අනුරාධපුර නගරය ඉදිවිමේදි එය ආගමික සිමාවක් මෙන්ම පාලන සිමාවක් වෙන් වෙන්ව නගරය තුළ පිහිටන ලෙස ඉදිකිරිමයි.
ආගමික සිමාව නිර්මාණය වන්නේ මිහිදු හිමි මහාවිහාරයේ සීමා මායිම් නිර්මාණය කිරිමෙන් අනතුරව වේ.අදටත් විශාල නගරය වන්නේත් විශාලම දිස්ත්‍රික්කය වන්නේත් අනුරාධපුරය වේ.අදටත් පුජා නගරය වෙනම දක්නට ලැබෙන අතර එහි පවතින්නේ ත්‍රිනිකායට අයත් වෙහෙර විහාර වේ.මෙහි වෙළෙද හෝ රාජ්‍යය පාලනයට සම්බන්ද නොවු,භික්ෂුන් වහන්සේලාගේ නිජබිම වේ. නමුත් මෙම තත්වය පොළොන්නරුව තුළ දක්නට නොළබේ.එහි පාලන සිමාව සහ ආගමික සීමාව ලෙස කෙටස් දෙකක් දක්නට නොවෙයි. අද පවා පොළොන්නරුවේ නටබුන් දෙස මහත් ඕනෑ කමින් බැලුවිට පැහැදිළි වන කරුණක් නම් රාජ මන්දිර,විහාර දේවාල කඩවිදි යන සෑම එකම සීමාවක් තුළ පිහිටා ඇත.එලෙස බැලු බැල්මට පැහැදිළිවන කරුණ නම් නාගරික සැකැස්මේ පවතින වෙනසයි නමුත් පොළොන්නරුව ඉදිකිරිමේදි අනුරාධපුයට වඩා වැඩි ආරක්ෂාවක්, ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කර ඇති බවයි.නමුත් අනුරාධපුරයේ පවතින විශේෂත්වය නම් මෙම නගරය ගොඩ නැගුනේ බෞද්ධ පදනමකිනි.එමෙන්ම රාජ්‍ය පාලකයා සහ භික්ෂුන් වහන්සේ අතරත් භික්ෂුන් වහන්සේ සහ රජු අතරත් විශාල සම්බනදයක් පැවතින.මෙකී සම්බන්දය අනුරාධපුර රාජධානි සමය තුළ නොකඩවා පැවතින අතර එම නිසාම ලංකාවේ විදේශිය පාලකයෙකු බලයේ සිටින විටකදී වුවත් ඔහු හට බෞද්ධ විරෝධී ලෙස අනුරාධපුරයේ පාලනය ගෙනයාමට නෙහැකි විය.එමෙන්ම මිට හොදම නිදසුන් ලෙස එළාර රජ ද්‍රවිඩ පාලකයෙකු වුවද ලංකාවේ බෞද්ධ ආගම කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලදි.තවද කුඩා පාරින්ද අනුරාධපුර පුවරු ලිපියෙහි බුදධස ලපරිදෙව ලෙස හදුන්වා තිබිම තුළින්ම මෙකි විදේශිය පාලකයෝ හට ලංකාවේ පැවති බෞද්ධ පරිසරයෙන් මිදිමට නොහැකි වු බව පැහැදිලි වු කරුනකි.ඊට හේතුව වුයේ අනුරාධපුරයේ නගර සැලැස්ම තුළ පැවති සුවිශේෂිත්වය වේ. එනම් ආගමික සිමාවක් වෙනමව නගරය තුළ පිහිටා තිබිමත් එය බෞද්ධ පර්සරයක් විමත්ය. මෙම කරුණත් සමග ක්‍රි.ව.දහය එකොළහ සියවස් වල ඇතිවු අක්‍රමණ සම්බන්ධ කර දක්වන්නේ නම් ඉහත දැක්වු ලෙසට රාජරාජ සහ රාජේන්ද්‍ර චෝළ පාලකයින්ට අවශ්‍ය වුයේ ලංකාව යටත් රාජ්‍යයක් ලෙස පවත්වා ගැනිමටය.නමුත් කෙනෙකුට පෙනියා හැකි දෙයක් නම් කෙසේ නම් අනුරාධපුර සැකැස්මේ සහ මෙම සොළී ආක්‍රමණ අතර පවතින සම්බන්දය කවරෙද යන්න කියාය. නමුත් රාජරාජ සහ රාජේන්ද්‍ර චෝළ යනු දකුණු ඉන්දියාවෙන් පරිභාහිර දුපත් රාශියක් යටත් කරගත් පුද්ගලයන්ය.රාජරාජ ද්‍රවිඩ සාහිත්‍යයේ හදුන්වා තිබුනේද සමුද්‍රය ජයගනු ලැබු තැනැත්තා ලෙසටය.එසේනම් මෙවුන් යම් රටක් ආක්‍රමණය කරන්නේ නම් සහ එකී ආක්‍රමණය කරන රාජ්‍ය අවනත භාවය ලබා ගැනිමට නම් කාරණා දෙකක් කෙරෙහි අවධානය යෙමු කළ යුතුය. එනම් යටත් රාජ්‍යයේ පවතින සංස්කෘතික පරිසරයට අනුකූලව පාලනය ගෙන යෑම තුළින් රාජ්‍ය අවනතභාවය ලබා ගැනිම සහ අනෙක නම් ආක්‍රමණික සංස්කෘතිය යටත් රාජ්‍යයේ පෝෂණය කිරිම හරහා තමන්ට හිතැති පරිසරයක් ඇති කර ගැනිම යන කාරනාවන්ය.නමුත් මෙහි දෙවන කාරනාව ආක්‍රමණිකයෙකුට ඉතා වැදගත්ය.මන්ද එවිට ආක්‍රමණික සංස්කෘතිය තම යටත් රාජ්‍ය තුළ වර්ධනය වන විට එම රාජ්‍යයේ යටත් භාවය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමේ හැකියාවද වැඩිවේ.
මෙම කරුණු කාරණා මතකයෙහි රදවා ගනිමින් චෝළ ආක්‍රමණය හා නව අග නගරය නිර්මාණය සොයා බලන්නේනම් චූලවංශ විස්තරයේ එන සොළීන් පළමුව අනුරාධපුර නගරය කොල්ලකා,විනාශ කර එම නගරය අතහැර පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය ලෙස
සොළීන් තොරාගනි.මෙය හුදෙක් සැලසුමකින් තොරව ක්‍රියාත්මක වුවක් නොව සොළීන් සැලසුමකට අනුව කරන ලදි. ඒ.ඇල්. බැෂාම් දැක්වු ආකාරයට පොළොන්නරුව ලංකාවේ සොළීන්ට පෙරද ඇතම් රජවරු තම පාලන මධ්‍යස්ථානය ලෙස පත්කර ගත්හ.නමුත් සොළීන් විසින් මෙය නවීතරණය කරනු ලබයි. ක්‍රි.ව.1017 සිට 1070 දක්වා වසර පනස් තුනක් සෘජු පාලනයක් චෝළයින් ලංකාවේ රජරට ඇතුලු උතුරු පළතේ පවත්වා ගත්හ.එම පාලනය සාර්ථකත්වය රැදි පැවතියේ මෙම වසර පනස් තුනට නොව ඊට පසු කාලයටයි.චෝළයින් පොළොන්නරුව නිර්මාණය කරගනු ලබන්නේ වෙනස් ලෙසටය. එහිදි අනුරාධපුරයේ බෞද්ධ පදනම මත නගරය නිර්මාණය වී තිබුණත් පොළොන්නරුව තුළ බහුලව දක්නට ලැබුනේ හින්දු බලපැම වේ.පොළොන්නරුවේ අංක එක ශිව දේවාලය සහ අංක දෙක ශිව දේවාලය ගත්කල මෙලෙස නගරය අභ්‍යන්තරයේ නිරිමිත හින්දු දේවාල වේ.තවද වර්තමානයේ පවා පෙළොන්නරුව පුජා නගරය තුළ පුරාවිද්‍යාඥ්ඥයින් ස්ථාන ප්‍රතිනිර්මාණය කර ඇත. ඒ තුළ දක්නට ලැබු දෙයක් නම් ඇවිද යාමට ඇති මන්තිරුවේ දෙපස සල්පිලවල් මෙන්ම ශිව,හින්දු දේවාල දක්නට ලැබිමයි.තවද පොළොන්නරුවේ සදකඩ පහන ගත්කළ එය අනුරාධපුර සදකඩ පහනින් වෙනස් විය.එසේ නම් පොළොන්නරු සදකඩ පහණේ ගවයා ඉවත් කර තිබුණි එයට හේතු මෙකි හින්දු බලපැමයි.එමෙන්ම මෙහි උතුරු දෙරටුව සහ මහා වීදිය යනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නම් කළ පොළොන්නරුවේ පිටත නගරයේ උතුරු දොරටුව පිහිටා ඇති අතර මෙම දොරටුව දෙපස මුරකුටි පිහිටා ඇති අතර ඊට නුදුරින් කුඩා හින්දු දේවාල කිහිපයක් දක්නට ලබේ.මීට අමතරව චෝළයෝ තම අග නගරයෙන් පිටත බෙහෝ හින්දු ශිව දේවාල නිර්මාණය කරණ ලදි.එසේනම් පැහැදිළි කරුණක් වන්නේ සොළීන් තමන්ගේ බලය පවත්වා ගැනීමටත්,තම සංස්කෘතිය ව්‍යාප්ත කිරිම සිදු කළ බවයි.
කෙසේ වෙතත් චෝළයින් විසින් පළමු විජයබාහු රජු ලක්දිව එක්සත් කරණ තෙක් රෝහණ දේශය හැර අනෙකුත් ප්‍රදේශ පාලනය කරණ ලදි.කෙසේ වෙතත් මෙහි පැහැදිළි වුන කරුණ නම් චෝළයින් විසින් අනුරාධපුර රාජධානිය විනාශ කර නව රාජධානියක් ලෙස පොළොන්නරුව නගරය නිර්මාණය කිරිම හුදෙක් සැලසුමකට අනුව සිදුවු බවයි.මෙම කාරණාව තව දුරටත් තහවරු වනු ලබන්නේ චෝළයින්ගේ පාලනය හමාර කොට පළමුවන විජයබාහු රජ ක්‍රි.ව.1070 දී ලංකාධීපතීර්ෂව ලෙස පත්වීමෙන් අනතුරුවය.මෙය චූලවංශයේ දැක්වෙන්නේ මෙලෙසය. “අනුරාධපුරයට පැමිණ විදහන් දන්නේ අභිසෙස් මහා සැණකෙලි සුවය අනුභව කොට පාප ධර්ම යන්හි නෙපිහිටියා වූ හෙතම මනා කොට නොපිහිටියා වු ශ්‍රේෂ්ඨ කර්මෙයහි පිහිටියා වු හෙතම මනා කොට පිහිටියේ අටළොස් වෙනි වස පියවි.”යනුවෙන් දක්වා ඇත්තේ පළමුවන විජයබාහු රජ අනුරාධපුරයට ගොස් එය වැදපුදා ගෙන එහි සිදුවු හානිය දැක නැවත පැමිණීම වේ. කෙසේ වෙතත් මේ කාලය වන විට අනුරාධපුරය නැවත කඩිනමින් ගොඩගත නොහැකි පරිදි විනාශ වී තිබිණ.ඒසේනම් වසර පනස් තුනක් තරම් කෙටි කාල සීමාවක් තුළ චෝළයින් අනුරාධපුරය නැවත රාජධානියක් ලෙස පත්කිරිමට නොහැකි වන සේ විනාශ කර තිබුණි.එම නිසාම පළමුවන විජයබාහු රජ ලංකාව එක්සත් කර තම පාලන මධ්‍යස්ථානය ලෙසද පත් කර ගැනීමට සිදුවුයේ සොළීන් විසින් නිර්මාණය කරණ ලද පොළොන්නරුවයි.මෙම නිසාම චෝළ බලය නිත්‍යාණුකූලව සොළීන්ට අහිමි වුවද සැබෑ ලෙසම ලංකාව තුළ චෝළයින් දැමු චෝළ සංස්කෘතිය වෙනස් නොවීය.එය පොළොන්නරු නගරය තුළින් දිගටම පෝෂණය විය.පළමුවන විජයබාහු රජවු පසුව චෝළ නිර්මාණයක් වු පොළොන්නරුවේ නගර සැකැස්මේ වෙනසක් ඇති කිරිමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වුයේ විජයබාහු රජුට කැරලි කිහිපයකට මුහුණ දීමට සිදුවීමයි.එහිදි ජත්තග්ගාහකනාථ, ධම්මගේහකනාථ,සෙට්ඨිනාථ යන සෙහොයුරන් විජයබාහු රජුට එරෙහිව කැරැල්ලක් ඇතිකර චෝළයට ගොස් උදව් සහිතව නැවත පැමිණිය බවත් එය ලක් රජු විසදු බවත් සදහන් වේ.මීට අමතරව ආදිමලය නම් ප්‍රධානියෙකුගේ කැරැල්ලක් ද මෙකල විය. මෙම කැරලි සිංහල නායකයින්ගෙන් ඇති වුවත් මෙහුන් චෝළයින්ට පක්ෂපාති ව සිටින්නට ඇත.ඒ තුළින් ද පැහැදිළි වන්නේ මෙකල සොළීන් ගේ පාලනය පිළිගත් ප්‍රජාවක් ලංකාවේ සිටිය බවයි.මීට අමතරව විජයබාහු රජ කළ තවත් වැදගත් දෙයක් සිදු විය එනම් මෙතුමා විසින් තමන්ගේ ආරක්ෂාවට සහ දළදා වහන්සේගේ ආරක්ෂාවට ද්‍රවිඩ හමුදාවකින් සමන්විත වේළෙයික්කාර නම් හමුදා ඛණ්ඩයට බාර දීම.සිදුකරන ලදි මෙයට හේතු වුයේ කවර කරුණක් ද යන්න පැහැදිළි නොවන අතර කෙසේ වෙතත් කාර්ණාටයට යැවු ධූත පිරිස චෝළ දේශය හරහා යනවිටදී කණ් නාස කපා දැමීම නිසා කුපිතවු විජයබාහු රජ චෝළ දේශය ආක්‍රමණය සදහා සුදානම් වු අවස්ථාවේ මෙම වේළෙයික්කාර හමුදාව රජුට එරෙහිව කැරුල්ලක් ආරම්භ කළ බව සනාථ වේ මෙම සිදුවීම හරහා පැහැදිළි වන්නේ මේ වනවිටත් ලංකාව තුළ චෝළ හිතයිෂි පිරිස් සිටින ලද බවයි.පොළොන්නරු නගරය අග්‍ර වීමත් සමග බෞද්ධ සභ්‍යත්වයට සමාන අයුරින් හින්දු බලපැම ද වර්ධනය වී තිබුණි.එම නිසාම විජයබාහු රජු බෞද්ධ ආගම නගා සිටු වීමට කටයුතු කළා සේම හින්දු ආගම කෙරෙහිද අනුග්‍රහය දුන් බව සදහන් වේ.එනම් ශ්‍රි විජයරාජ ඊෂ්වරම් නම් කෝවිල පිළිසකර කර පුජා කරන ලද බව සදහන් වේ.මෙ අනුව මෙතුමා හින්දු ආගමට අනුග්‍රහය දුන් බව සිතිය හැක.විජයබාහු රජු පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය කර ගැනීමත් සමග එය ඉදිරියට ලංකාවේ අගනගරය විය.නමුත් මෙම රාජධානි සමය අනුරාධපුරය තරම් පැවතුනේ සහ එම සංස්කෘතිය සභ්‍යත්වය ගුරු කොට ගත්තේවත් නැත.දිනෙන් දින රජරට ඇතුළු උතුරු පළාත තුළ ද්‍රවිඩ බලපැම වර්ධනය විය.පොළොන්නරුවේ පාලකයින් තිදෙනෙකු හැර(පළවෙනි විජයබාහු[1055-1110],පළවෙනි පරාක්‍රමබාහු[1153-1186], නිශ්ශංකමල්ල[1187-1196]) අනෙකුත් පාලකයින් දුර්වල වුවාසේම එකිනෙකා මරා ගත්හ.මෙහි දැක්විය යුතු වැදගත් කරුනක් නම් නිශ්ශංකමල්ල රජුගේ ක්‍රි.ව. දෙළෙස්වන සියවස පමණ කළ කොටන ලද පොළොන්නරුව උතුරු දොරටුව අසල පුවරු ලිපිය තුළ අන්තර්ගත කරුනු ඉතා වැදගත්ය.එහි දැක්වෙන ආකාරයට ගොවි කුලයේ අයද,චෝළ,කේරළ යන අබෞද්ධ කුමාරවරුන් රජකමට නුසුදුසු බවත් කාලංග වංශිකයන් පමණක් සුදුසු බව දක්වා තිබේ.මෙහි වැදගත් වන්නේ කවුරුන් ලංකා රජකමට සුදුසු නුසුදුසු ද යන්න නොව මෙකළ රජකමට සුදුස්සන් ලෙස පෙනි සිටි රාජ වංශ වේ.
මේ අනුව පැහැදිළි වන කරුණක් නම් මෙකළ චෝළයින් ද ලංකා රජකමට සුදුසු බව දක්වා රජකමට ඉදිරිපත් වීමයි. මන්ද එසේ නොවේනම් මෙලෙස අවධානාත්මක ලිපි දැක්විමක් නිශ්ශංකමල්ල රජුට සිදු කිරිමට අවශ්‍ය නොවන බැවිනි.නමුත් මෙලෙස අනුරාධපුරයේ රාජවංශික ගැටලුවක් නොවු අතර කිසි දිනක චෝළයින් ලංකාවේ රජකම සදහා නොඉදිරිපත් විය.මීට හේතු වුයේ වසර පනස් තුනක කාලයක් පුරාවට පොළොන්නරුව මධ්‍යස්ථානය කරගනිමින් ඔවුන් තමන්ට හිතකර පරිසරයක් ඇතිකර ගනු ලැබීය.එසේනම් මෙලෙස සංස්කෘතික ව්‍යාප්තකරණය කරනු ලැබුවේ පොළොන්නරුව පදනම් කර ගනිමිනි.තවද මෙයින් ගම්‍ය මාන වන්නේ සොළීන් පොළොන්නරුව නිර්මාණය කර අනුරාධපුරය විනාශ කරනු ලබන්නේ මධ්‍යගත පාලනයක් හෝ බාහිරින් මෙන්ම අභ්‍යන්තරින් එන ආක්‍රමණවලට සාර්ථකව මුහුණදිමට හැකිවිම හෝ වෙනයම් කරුනක් නිසා නොව චෝළයින්ට මුලිකවම අවශ්‍ය වුයේ ලංකාව තුළ තම සංස්කෘතික වටපිටාවක් ඇති කර රාජ්‍යය අවනතභාවය තමන්වෙත රදවා ගැනිමය නමුත් ඒ තුළින් ඉහත දැක්වු මධ්‍යගත පාලනය හෝ ආරක්ෂාකාරී වටපිටාව හෝ වෙන යම් කරුණු කරනා ඉදිරිපත්ව ඇති දේ බැහැර කිරිමකට ලක්කළ නොහැකි බවයි.කෙසේ වෙතත් අනුරාධපුර රාජධානිය සේ පොළොන්නරුව රාජධානිය සංස්කෘතික තල වෙනස්විම නිසා එය ලංකාව තුළ පැවති කාලයේ වෙනසක් සිදුවිය එමනිසාම නැවත වරක් ලංකාව තුළ අනුරාධපුර සංස්කෘතියක් නිර්මාණය නොවය බව මගේ අදහසය.
මෙලෙස කරුණු කාරණා තුළින් ගම්‍ය වු කරුණක් නම් චෝළයින්ගේ අවධානය සෘජුවම ලංකා රාජ්‍ය කෙරෙහි යෙමු වී තිබු අතරම ඔවුන්ට අවශ්‍ය වුයේ සොළී රාජ්‍යය ගුරු කරගත් සංස්කෘතික වට පිටාවක් ලංකාව තුළ නිර්මාණය කිරිමටය.එමෙන්ම අතීත විභූතිමත් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර සභ්‍යත්වය චෝළ පාලනයට අභියෝගයක වු බව නිසකය.මන්ද චෝළයින් දැනසිටි කරුණක් නම් අනුරාධපුර සභ්‍යත්වයේ පදනම වුයේ අනුරාධපුර නගරයේ පවතින සුවශේෂ සැකැස්මයි.කෙසේ වෙතත් චෝළයින් දැනසිටි කරුණක් නම් තමන් අනුරාධපුරයේ බලය රදවා ගනු ලබන්නේ නම් එය තවකාලික බවත්, කෙදිනක වත් තම සංස්කෘතික සභ්‍යත්වය ලංකාව තුළ ඇති කිරිමට නොහැකි වන බව මෙවුන් දැන සිටියහ.එසේම ඊට අවශ්‍ය පදනම ඔවුන්ගේ ආගම වූ හින්දු ආගම හරහා සිදු කිරිම කරන ලදි.ලක්දිව අනුර සම්ප්‍රධාය නිර්මාණය වුයේ මිහිදු හිමි ලක්දිවට වැඩම කොට බුදු දහම ලංකා වාසී ජනයාට අවබෝධ කරවීමත් සමගය.එත් සමග රාජ්‍ය පාලක හා භික්ෂුන් අතර රජු සහ ජනතාව අතර සම්බන්දතා ඇතිවීමේද මෙන්ම පාලකයාගේ ප්‍රධාන කාර්යභාරය,රජු ක්‍රියාකළ යුත්තේ කෙසේද යන සියල්ල ක්‍රමවත් රමුවක් තුළ විය.නමුත් පුලතිසි සංස්කෘතියේ එවැනි සංස්කෘතික උරුමයක් ලක් ජනයාට හිමි නොවීය. පළමු විජයබාහු(1055-1110),පළමු පරාක්‍රමබාහු(1153-1186), නිශ්ශංකමල්ල(1187-1196) යන රජවරු යම් ආකාරයක මෙකි සංස්කෘතික රටාව වෙනස් කිරිමට උත්සහ ගත් නමුත් එය අසාර්ථක විය.මෙකල බෙහෝ විට දක්නට ලැබුනේ රාජ්‍ය බලය ලබා ගනු සදහා දියත් වු අරගලයි.පළවෙනි පරාක්‍රමබාහු හෝ නිශ්ශංකමල්ල රජුන් හට බලය ලබා ගැනීමටත් එය රදවා තබා ගැනිමටත් විශාල ලෙස සටන් කිරිමට සිදුවිය.පරාක්‍රමබාහු විසින් විශල වශයෙන් ලංකාවේ රාජ්‍ය බලයට සුදුසු කුමාරවරු මැරුබව වංශකතා වල සදහන් කරයි.එමෙන්ම මෙකල බොහෝ විට දක්නට ලැබුන තත්වයක්නම් රාජ්‍ය අයිතිය සම්බන්ධ නිත්‍යණුකූලභාවයේ ගැටලුවක් වු බව පෙනියයි.එය තුළත් බොහෝ විට බලය සදහා උරුමය පාණඩ්‍ය කේරළ වංශවලට පැවරින.එමෙන්ම චෝළයින්ද ලංකාවට අයිතිය කියාපැ බව සදහන් වේ. ඇතැම් විට පළමු විජයබාහු රජ දකුණු ඉන්දිය කාලිංග වංශික කුමරියක තම අගබිසෝ තනතුරට පත් කර ගැනිමට හේතු වුයේ මෙම චෝළ බලපැම තම රාජ්‍ය අයිතිය සදහා පැමිණි විටදි තමන්ට පක්ෂපාතී පිරිසක් දකුණු ඉන්දියාවෙන් නිර්මාණය කර ගැනිමට විය හැක.එය බොහෝ පොළොන්නරු රජවරු සිදුකරන්නට ඇත.එම නිසාම චෝළයට විකල්පයක් ලෙස පාණ්ඩ්‍ය කේරළ රාජවංශ වලට ලංකා පාලන අයිතිය පැවිරින.මෙම තුළින් පැහැදිළි වන්නේ පොළොන්නරුව අග නගරය නිර්මාණය චෝළ සැලැස්මේ ඉදිරි පියවරකි.මෙකල ලංකාවේ දකුණු ඉන්දිය බලපැම ඉතා තදින් ක්‍රියාත්මක වු අවධියකි.මෙකල නිර්මාණය වූ බෞද්ධ ප්‍රතිමා පවා දකුණූ ඉන්දිය ලක්ෂණ වලින් යුක්ත විය ලංකාතිලක පිළිමගේ එයට හොදම නිදසුන වේ.මිට අමකරව මෙහි ප්‍රතිඵලය වුයේ ලංකාව නිත්‍යාණුකූල අයිතියක් දකුණු ඉන්දියාට ලැබීමයි.එසේම එය පොළොන්නරුව බිද වැටුනද නිරිතදිග රාජධානි කාල සීමාවේ දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජ කළ ලංකාවේ උතුරු පළාත ද්‍රවිඩ පාලකයන්ට ලබාදීමට කටයුතු කිරිමත් සමග උතුරු පළාතේ යාපනය මුල්කර ගෙන යාපනය රාජධානිය නිර්මාණය විය.මෙය ද්‍රවිඩ රාජ්‍යයක් ලෛස ක්‍රියාත්මක විය.මෙකි කාරණා හරහා පැහැදිළි වන දෙයක් නම් හුදෙක් චෝළයින් අනුරාධපුරය සම්පුර්ණයෙන්ම විනාශ කර පොළොන්නරුව තමන්ට රිසි සේ නිර්මාණය කර ගනු ලබන්නේ මෙවකට දකුණු ඉන්දියාවේ චෝළ බලයට අභියෝග රාජ්‍යයන් තම යටත් ප්‍රදේශවලට එල්ල කරනු ඇතයි යන බිය කරන කොට ගෙන තම ආරක්ෂාව සහතික කරගනිමින් පෙර සුදානාම සහතික කරගත හැකි ප්‍රදේශයක් ලෙසත් ලංකාව තුළ මධ්‍යගත පාලනයක් පවත්වා ගැනීමට යන කරුණු හේතු කොට ගෙනම නොවන අතර මෙම නගරය හරහා සංස්කෘතික විපරිවර්තනයක් නැතිනම් සංස්කෘතික වෙනසක් ඇතිකර ඒ හරහා ලක්දිව අයිතිය තම සන්තකයට ලබා ගැනීමටය යන තත්වය තහවුරු කර ගැනිමට වේ.මේ අනුව චෝළයින් ලංකාව තුළ නව පාලන මධ්‍යස්ථානයක් ලෙස පොළොන්නරුව පත්කර ගනු ලැබුවේ ඒ හරහා ලංකා පාලන අයිතිය තහවුරු කර ගැනිමට බව පැහැදිළි වේ.
ග්‍රන්ථ නාමාවලිය
1. ආටිගලගේ,නිකලස්(සංස්.ම),ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය පළමු කාණ්ඩයේ පළමු භාගය,විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ මුද්‍රණාලය,කැලණිය,1964.
2. ආටිගලගේ,නිකලස්(සංස්.ම),ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය පළමු කාණ්ඩයේ දෙවන භාගය ,විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ මුද්‍රණාලය,කැලණිය,1971
3. මහාවංශය,බටුවන්තුඩාව(සංස්),ගොඩගේ සහ සහෝදරයෝ,කොළඹ,1986.
4. ලියනගමගේ,අමරදාස,ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ එන කේරළයෝ ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකක් පිළිබද අධ්‍යනයක්,සමාජ විද්‍යාඥයින්ගේ සංගමය,කොළඹ,1994.
5. පුරාණ යුගය ශාස්ත්‍රීය ලිපි පළමු කාණ්ඩය,තිසර පොත් ප්‍රකාශක,කොළඹ,1962.
0 Reviews