Advertisement

1:31:00 AM

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දව කතිකාව

 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය




    බලය ඒකරාශී වීම වැළැක්වීමනීතියේ පාලනය සවිමත් කිරීමදුෂණය පිටු දැකීමහා යහපාලනය බලගැන්වීම මගින් වඩා ප්රජාතත්ත්රවාදී සමාජ දේශපාලනික දේහයක් නිර්මාණය කරගැනිම උදෙසා 2015 ජනාධිපතිවරණයේ පෙරට පැමිණි සමාජ බලවේගයන් විසින් දිනා ගන්න ලද ප්‍රගතීශීලී ජයග්‍රහණයකි, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය.මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදි අගයයන් පිළිබද සමාජ කථීකාවත මෙරට තුල ගොඩ නැගෙන්නේ 1994 සිට ය.2001 දීත්, 2005 දීත්, 2010 දීත් හා 2015 දීත් මෙලෙස මහජන සංවාදයන් ගොඩ නැගෙන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරටට හදුන්වා දුන් විධායම ජනාධිපති ක්‍රමය වටා බිහිවන අත්තනෝමතික පාලනයන් පිළිබද අත්දැකීම පමණ ඉක්මවා භුක්ති විදී නිසාවේනි.
මෙලෙස විධායක ජනාපතිධුරය අහෝසි කළ යුතුය යන සටන් පාඨය දශක දෙකක් තිස්සේ කරළියට පැමිණියද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට පෙර ඒ සම්බන්ද සාධනීය තත්ත්වයක් දැකිය හැක්කේ 17 ව්‍යවස්ථා සංශෝදනය මගින් පමණි. එයද පසුකාලීනව තක්කඩි දේශපාලන උපක්‍රමයක් බවට පත් වන්නේ හුදු ව්‍යවස්ථා සැරසිල්ලක් පමණක් බවට පත් වීමෙනී. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ප්‍රතිඥා දී පාලකයන් බලයට පත් වුවද ඔවුන් පටු දේශපාලන උපක්‍රම වේනුවේන් සටන් පාඨය භාවිත කළ විනා ජනතා පරමාධිපත්‍යයට ගරු කිරීමක් දැකිය නොහැකි විය. මෙම තත්ත්වය කෙතරම් බරපතල වීද යත් 1978 ව්‍යවස්ථාවට මෙතෙක් එක් කරන ලද සංශෝදන 19න්, 17 වන සංශෝදනය හා 19 වන සංශෝදනය හැරුණු විට ඉතිරි සියල්ල සෘජුව හෝ වක්‍රව විධායක ජනාධිපති ක්‍රමයට යක්ශ දත් සවි කිරීම විනා බලය අවකරණයට ලක් කිරීමට සමත් වූයේ නැත. මෙහිදී විශේෂයෙන් 18 වන ව්‍යවස්ථා සංශෝදනය තුලින් ප්‍රබල ආඥාදායකත්වය නිරූපණය විය.
මෙවැනි තත්ත්වයක් තුල මුලික අපෙක්ෂාව ඒ ආකාරයෙන් ඉටු නොවුනද 19 වන ව්‍යවස්ථා සංශෝදනය විධායක ජනාධිපති ක්‍රමය සංශෝදනය කිරිමෙන් සහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත හදුන්වා දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමෙහිලා ඉටු කරන ලද කාර්යයන්හි ප්‍රමාණිකභාවය 19 වන ව්‍යවස්ථා සංශෝදනය සහ එය කෙටුපත් අවස්ථාවේ ලබා දුන් ශේෂ්ඨාධිකරණ තීරණය මගින් විචාරයට ලක් කළ යුතු ය. ඒමගින් සාපේක්ෂව සංශෝධනයේ පවත්නා ප්‍රගතිශීලී තත්ත්වයන් මෙන්ම තවදුරටත් බලාත්මක විය යුතු තත්ත්වයන් මතු කර ගත හැක.

විධායක ජනාධිපති ධුරය
බලය ඒකරාශි වීම මිනිස් නිදහසේ නියත අවසානය බවට මොන්ටෙස්කියු බලතල ඛෙදීමේ සිද්ධාන්තය තුල දක්වා ඇත. මෙරට විධායක ජනාධිපති ධුරය ද ඒවැන්නකි. ඒනම් බලය සංකේන්ද්‍රණය කරන ලද ආයතනයකි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ කාර්යය වුයේ ද විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීමයි. ඒහිදි 18 වන සංශෝධනය මගින් බිහි කරන ලද බලය අහෝසි කිරිමත් අනෙකුත් බලතල හැකිතාක් දුරට සීම කිරීමත් ය. 19 වන සංශෝධනය අධ්‍යනය කිරීමෙන් පහත ක්‍රම ඔස්සේ විධායක ජනාධිපති දුරයේ බලතල අවකරණයට ලක් කොට ඇති බව පෙනේ.
1. කොමිෂන් සභා සදහා සාමාජිකයින් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබු සමහර අභිමතානුසාරී බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේෂ මත සිදු කළ යුතු බවට ප්‍රතිපාදන සලසා ඇත. 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හදුන්වා දුන් පාර්ලිමේන්තු සභාව වේනුවට වඩා බලවත්, 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හදුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත ශක්තිමත් මුහුණුවරිකින් කැදවීම මේමගින් සිදු වී ඇත. ජනාධිපතිවරයා සතු පත් කිරීමේ බලතල මේමගින් සෘජුවම සීමා කොට ඇත. ජනාධිපතිධුරය තුලින් අභිමතානුසාරි පත් කිරීම් සහිත දේශපාලනීකරණය වු රාජ්‍ය සේවයක් බිහි වීම මෙමගින් සීමා කෙරේ. ඒ අනුව පහත කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේෂ මත සිදු කළ යුතු ය.
මැතිවරණ කොමිසම
රාජ්‍ය සේවා කොමිසම
ජාතික පොලිස් කොමිසම
මානව හිමිකම් කොමිසම
අල්ලස් කොමිසම
මුදල් කොමිසම
සීමා නීර්ණය කිරිමේ කොමිසම
විගණන සේවා කොමිසම
ජාතික ප්‍රසම්පාදන කොමිසම
විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිසම
රාජ්‍ය භාෂා කොමිසම.
2. ඉහළ අධිකරණවල විනිසුරුවන් හා උසස් නිළධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබු අභිමතානුසාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත සිදු කල යුතු බවට ප්‍රතිපාදන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සතුව ඇත. ඒ අනුව
වන කොටස
අගවිනිසුරු සහ ශේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරු
අභියාචනාධිකරණයේ සභාපති සහ සෙසු විනිසුරුවරු
අධිකරණ සේවා කොමිෂන් සභාවේ් සභාපති හැර සෙසු සභිකයන්
වන කොටස
නීතිපති
විගණකාධිපති
පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා
පාර්ලිමෙන්තුවේ මහ ලේකම්
පොලිස්පති
මෙහිදී ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ සෙසු විනිසුරුවරු පත් කිරිමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අග්‍රවිනිශ්චයකාරයාගේ .අදහස් ලබා ගත යුතු ය. ඒසේම මෙම පත්කළ නිලධාරීන් හා කොමිෂන් සභාවල සාමජිකයින් ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට නොමැත. වඩා සීමිත පත්කිරීමේ බලයක් භුක්ති විදින ජනධිපතිධුරයක් මේ හරහා බිහි වේ. එයද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සතු ප්‍රබල ජයග්‍රහණයකි.
3. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කර ඇත. ධුර කාලය සීමා කිරිම මගින්ද ජනාධිපතිධුරය තව දුරටත් සීමා කිරීමට හැකි වී ඇති අතර එම තත්ත්වය මුලික වශයෙන් 1978 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් ලෙස දැක්විය හැක. එයට හේතු එය 18 වෙනත් සංශෝධනයකින් සිදු කළ බලපැම අහොසී කිරීමක් නොව ජනතා අපෙක්ෂාව වන විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට සමීප වීමට දරණ ලද උත්සහයක් වීම ය. එය ජනාධිපති ධුරයේ බලය සීම කිරීමේ කොණයෙන් අගය කල හැකිය

4.ජනාධිපති ධුරය දැරීමේ වාර ගණන වසර 2කට සීමා කිරීම මීළග ප්‍රබලම කාරණයයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරය ඕනැම වාර ගණනක් දැරීමට හැකිව තිබූ නිදහස මේමගින් අහෝසි වේ. එය 19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් අවස්ථාවේ සිටම වැඩි අවධානයක් ලක් වු කාරණයක් විය එයට හේතුව මේමගින් නැවතත් 1978 ව්‍යවස්ථාව මව් අවස්ථාවට රැගෙන යාමය. ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ 22 වන ව්‍යවස්ථාවේ ද ජනාධිපති ධූරය දැරීම දෙවරකට සීමාකර ඇත්තේ ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු වීම වැළැක්වීම සඳහාය. කෙසේ හෝ ඒකාධිපති පාලනයක් බිහි වීමට පැවැති එම ඉඩ කඩ බිද දැමීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරන ලද ප්‍රබල කාර්යයකි.
5. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් බවට පත්කිරීම තවත් ප්‍රගතිශිලී ක්‍රියාමාර්ගයකි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බිහි කරන ලද අත්තනෝමතික බලය භුක්ති විදින ජනාධිපති ධුරය කිසිවෙටෙකත් පාර්ලිමේන්තුකරණය සමග ගැටුණු ආයතනයක් නොවේ.1978 මව් ව්‍යවස්ථාවේ ද ඒවැනි ලක්ෂණ දැකිය නොහැක. නමුත් 1978 ආණ්ඩුක්‍රමයට වඩා ප්‍රගතිශිලී මුහුණුවරක් ලබා දෙමින් ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට සම්බන්ධ කරමින් එය මහජන නියොජිතයන්ට වගකියන පාර්ලිමේන්තිකරණයට වඩා සමීප ආයතනයක් ලෙස 19 වන සංශෝධනය හරහා නිර්මාණය කර ඇත. එය වඩා ප්‍රජාතාන්ත්‍රික පාලනයක් නිරමාණයට හේතු වේ.
6. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති ධුරය සතුව පැවැති බලතල සීමා කිරීම තවත් එක් ජයග්රාහී පියවරකි. පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයෙන් වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබු බලතල සීමා වී ඇත. මේ අනුව පාර්ලීමේන්තුව රැස්වී වසර හතරකුත් මාස 6 කුත් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති අතර එයට පෙර පාර්ලිමේන්තුව විසුරවන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් විසින් සම්මත කරන ලද යොජනාවක් පවතින්නේ නම් පමණි. මෙහිදී ජනාධිපති ධුරය මගින් අත්තනෝමතිකව ව්‍යවස්ථාදායකයට බලපැම් කිරීමට ඇති හැකියාව අහෝසි කර ඇත. ජනතා නියොජිත මණ්ඩලයක් ලෙසින් ස්වාධීනව සහා සෘජුව කටයුතු කිරීමේ හැකියාව මෙමගින් පාර්ලිමේන්තුවට දිනාගන්නා ලද අතර ජනාධිපති ධුරය තුලින් පාර්ලිමේන්තුවට කළ හැකි බලපැම සීමා කර ඇත. එය අතිශය ප්‍රගතිශිලී තත්ත්වයකි.
7.ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරීම නොහැකි බවට වු ප්‍රතිපාදන හෙවත් ජනාධිපති විනිර්මුක්තිය සමාප්ත කරමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාවකට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මුලික අයිතිවාසිකම් නඩු පැවරීමට හැකි ලෙස ප්‍රතිපාදන ඇතුලත් කිරීම මගින් 19 වන සංශෝධනය තව දුරටත් විධායක ජනාධිපති ධුරයේ බලය අවකරණයට ලක් කරයි. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම වයවස්ථාව තුලින් ජනාධිපතිවරයා වෙත ලබා දී තිබු ජනාධිපති විනිර්මුක්තිය මේ මගින් ලිහිල් කරන ලදී. මල්ලිකාරච්චි එ. ශිවාපසුපති කරුණාතිලක සහ තවත් අයෙක් එ. දයානන්ද දිසානායක මැතිවරණ කොමසාරිස් වැනි නඩු තීරණ එකල ජනාධිපතිවරයාට හිමිව තිබු පරම විනිර්මුක්තිය පිළිබද අවබොධයක් ලබා ගැනීමට කදිම නිදසුන් ය. කෙසේ නමුත් මේම සීම කිරීම මගින් ජනාධිපත් ධුරය වෙත ලැබී තිබු තවත් අත්තනෝමතික වරප්‍රසාදයක් අහිමි වීම සිදුවේ. එය නීතියේ පාලනය සුරක්ෂිත කිරීමටත් නීතිය ඉදිරියේ සියළු දෙනා සමාන වීමටත් වක්රාකාරයෙන් කරන බලපැම අගය කල යුතු තත්ත්වයකි.
8. නව සංශෝධනය මගින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කල පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයා විසින් ස්වකීය අභිමතය පරිදි ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ලබාදී තිබු බලය අහෝසි කරන ලදී. මෙයද අගය කල යුතු තත්ත්වයකි.
ප්රජානන්ත්රවාදි දේශපාලනික වටපිටාවක් නිරමාණය කිරීමට ප්රබල ලෙස දායක වු 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්රබල ජයග්රහණයක් වුවද එහි යම් යම් දුර්වලතාද පවතී. එම තත්ත්වයන්ද හදුනාගත් යුතු ය. මුලික කාරණය 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්රධාන සටන් පාඨය වු ව්ධායක ජනාධිපත් ධුරය අහෝසි කිරීම ඒ ආකාරයෙන්ම ඉටු නොකිරීමය. 19 වන ව්‍යවස්ථා සංශෝදනයේ මුල් කෙටුම්පතේ විධායක ජනාධිපතිධූරය අහෝසි කොට එම බලය අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරෙන බවට විධිවිධාන ඇතුලත් වුවද ශේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එම වගන්ති ඉවත් කොට තිබේ. ඒ බැවින් මුලික අරමුණු හා පරමාර්ථ සමග ගැටේ. ඒසේ ගැටීම ජනතා අපේක්ෂා බිද දැමීමක් බැවින් එය දුර්වලතාවයකි.
ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩු ගොනු කළ නොහැකි වීම හා ජනාධිපතිවරයට හිමිවන විනීර්මුක්තිය පෞද්ගලික තත්ත්වයෙහිලා සිදුකරන්නා වූ වරදවල් සම්බන්ධයෙන් ලබාදී තිබීම ද දුර්වලතාවයක් ලෙස දැක්විය හැකිය. ඒ මගින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටේ. ඇමරිකාවප්‍රංශය වැනි රටවල් වල ජනාධිපතිවරයා විසින් නිල මට්ටමෙහිලා සිදුකරන වරදවල් කෙරෙහි පමණක් විනිර්මුක්තිය හිමිවීම දැක්විය හැකිය. කකසබඑදබ ඩ. නදබැි වැනි ඇමරිකානු නඩු එයට නිදසුන් සපයයි .
19 වන ව්‍යවස්ථා සංශෝධනය තුල අමාත්‍ය මණ්ඩලය 30 කට සිමාකරණ බව දැක්වුවද එම සංශෝධනයේම ඉදිරියට යන විට ජාතික ආණ්ඩුවක් පවතින අවස්ථාවකදී එය අවස්ථානුකූලව වෙනස් කල හැකිබව දක්වා තිබේ. ලංකා ඉතිහාසය තුල බොහෝ විට ඒකාබද්ධ ආණ්ඩු පිහිටුවා ඇති හෙයින් එසේ අමාත්‍ය මණ්ඩලය 30 කට අඩුකර අවස්ථානුකුලව වෙනස්කල හැකි බවට ප්‍රතිපාදනයක් ගෙන ඒම හුදෙක් ජනතාව සතුටු කරවීමට ගෙන ආ ප්‍රතිපාදනයක් බව පෙනේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන්න සංකල්පයක් ලෙස පළමුව ඉදිරිපත් වූයේ 17 වන සංශෝධනයෙන් ය. ජනාධිපතිවරයා සතු අභිමතානුසාරී පත් කිරීමේ බලතල සීමා කිරීමට මෙය පිහිටුවන ලදී. නමුත් 18 වන සංශෝධනය හරහා පාර්ලිමේන්තු සභාව පැනවීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරල ලද අතර ජනාධිපති වරයා සැලකිල්ලට ගැනීම අනිවාර්ය නොවන නිරීක්ෂණ සභාවක් ලෙස පාර්ලිමේන්තු සභාව සංවිධානය කොට තිබිණි. නමුත් 19 වන සංශෝධනය ඉතා සවිමත් පියවරක් තබමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත නව මුහුණුවරකින් හදුන්වා දුන් අතර පෙර පැවැති දුර්වලතා පවා මගහරිමින් එය සංවිධානය කිරීමට හැකි විය.
ඒ අනුව රාජ්ය සේවය දේශපාලනීකරණය වීමත් අධික ලෙස ජනාධිපතිවරයාගේ ග්රහණයට හසු වී තිබීමත් හේතු කොටගෙන අනවශ්ය මැදිහත් වීම් වලින් තොර ස්වාධීන රාජ්ය සේවයක් බිහිකිරිම අරමුණු කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිරමාණය කරන ලදී. මෙය සමාජිකයින් 10 දෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයකි. එහි සංයුතිය විමඩා බැලීම වැදගත් වේ. එනම්,
1.කථානායකවරයා
2.අග්‍රාමාත්‍යවරයා
3.පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා
4.ජනාධිපතිවරයා විසින් පත් කරන ලැබිය යුතු එක් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්∙
5.අග්රාමත්යවරයා සහ විරුද්ධ පකෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාමයෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වු දදෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් විය යුතු වු දතැනැත්තන් පස් දෙනෙක් සහ
6.අග්‍රාමාත්‍යයවරයා සහ විරුද්ධ පක්ෂ්යේ නායකයා අයත් දේෂපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියොජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්රීවරයන්ගෙන් බහුතරයේ එකගත්වය මත නාම යොජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්
සභාවේ සංයුතිය බවට පත්වේ.
17 වන සංශෝධනයේ පැවැති සංයුතිය තරමක් වෙනස්ව යමින් පාර්ලිමේන්තුව මන්ත්රීවරුවන් දෙනෙකු හා දේශපාලන පක්ෂ සාමාජිකයින් නොවන වෘත්තීය විශිෂ්ටතා ඇති පුරවැසියන් තිදෙනෙකු පත් කරන ලදී. ඒ අනුව ජනාධිපති ධුරය තුල පැවැති අභිමතානුසාරී බලතල මෙම සභාවේ අනුමැතියට නිර්දේෂයට යටත් වේ.
මේ අනුව පෙර සදහන් කළ කොමිෂන් සභාවල සාමාජිකයින් සදහා ජනාධිපතිවරයාට නිර්දේෂ කිරීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හිමි වේ. වඩා සාධනීය තත්ත්වය වන්නේ ඒසේ නිර්දේෂ කළ දින සිට දින 14ක් ඇතුලත එම පත් කිරීම් සිදු කිරීම ජනාධිපතිවරයා කල යුතු ය. ඒසේ සභාව නිර්දේෂ කළ දින සිට දින 14ක් තුළ ජනාධිපතිවරයා විසින් ඉහත කී කොමිෂන් සභාවල සාමාජිකයින් හා සභාපතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වුවහොත් 15 වන දින සිට එසේ නිර්දේෂ කළ නම් අදාල කොමිෂන් සභාවල සාමාජීකයින් ලෙස පත්වුවා සේ සලකනු ලැබේ.එහිදී සභාපති වශෙයෙන් සභාව විසින් නිර්දේෂ කරනු ලබන තිදෙනාගෙන් පලමුව නම් සදහන් තැනැත්තාය. මෙම ප්‍රතිපාදනය අනුව කොමිෂන් සභා සදහා ජනාධිපතිවරයාට සිදුකළ හැකි දේශපාලන බලපෑම අවම වීම අපේක්ෂා කරන අතර එකී කොමිෂන් සභාවල ධුරයන් හිස්ව පැවැතීමේ අභියෝගයද මගහැරී යයි.
තවද පෙර සදහන් වන කොටස සහ වන කොටසට අදාල ධුර සදහා පත් කිරිමේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුය.ජනාධිපතිවරයාට ඒසේ අනුමැතිය ලබා දීමෙන් පත් කරන නිළධාරීන් හෝ කොමිෂන් සභාවල සාමාජිකයින් ඉවත් කිරීමේ බලය නොමැත. මේ අනුව ආණ්ඩුක්රන ව්‍යවස්ථා සභාවී ක්රියාකාරීත්වය දේශපාලන බැදීම් වලින් තොර රාජ්ය සෙවයක් අපේක්ෂා කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 19 වන සංශෝධනය තුලින් දිනා ගන්නා ලද ප්රබල ජයග්රහණයක් බව අවිවාදාත්මක ය. නමුත් එහි පවතින යම් යම් දුර්වලතා ද ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් තොරා ගැනීමේ 17 වන සංශෝධනයේදී ඉතා ප්රගතිශිලී පියවරක් ලෙස බාහිර සමාජයෙන් දේශපාලනික පක්ෂ වලට අයත් නොවන වෘත්තීය ප්රවීණතා පවතින පුද්ගලයින්ට වැඩි අවධානයක් ලබා දුන් අතර සාමාජීකයින් 10 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය තුල 7ක්ම ඒවැනි ස්වාධීන පුද්ගලයින්ය. ඒ බැවින් ඒම සාභාවේ නිර්දේශපාලනික භාවය ආරක්ෂා විය. නමුත් 19 වන සංශෝධනය තුල කෙටුම්පත් අවස්ථාවේ ඒවැනි යොජනාවක් පැවැතියද පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු සාමාජීකයින් ක් සහ සිවිල් සමාජ නියොජීතයින් 3ක් සහිත සභාවක් බවට එය පත් කරන ලදී. එය ඉතා පැහැදිලිවම ස්වාධීනභාවය හා අපේක්ෂිත අරමුණු බිද දැමීමක් ලෙස දැක්විය හැක.
තවද මෙම සංශෝධනය තුලින් ඉහල අධිකරණ සඳහා විනිශ්චකාරවරුන් පත් කිරිමේදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්ය බව දක්වා තිබුනද එම විනිසුරුවන් ඉවත් කිරීමේ බලය සහ ඉවත් කිරීමේ පටිපාටිය සාධාරණ එකක් කරන්නේ කෙසේද යන්න සළකා නොමැත.එවිට අධිකරණ ස්වාධීනතවය ලගා කර ගත හැකිද යන්න ගැටලු සහගතය.
ශේෂ්ඨාධිකරණ තීරණය
19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබද තුලනාත්මක අධ්යනයක් කිරීමට නම් ශේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවද එහි විෂයාත්මක පසුබිම තුළින් අධ්යනය කළ යුතුය. 19 වැනි සංශෝධනය ගැසට් මගින් ප්රකාශයට පත් කිරීමෙන් පසු විවිධ සංවිධාන සහ පුද්ගලයන් ගණනාවක් විසින් එයට පක්ෂව හා එය අභියෝගයට ලක්කරමින් ශේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 18 ක් ඉදිරිපත් කොට තිබිණි. මේ අතර 19 වැනි සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ තවත් සංශෝධනයක් නීතිපතිවරයා විසින් ශේෂ්ඨාධිකරණය වෙත භාරදී තිබේ. ශේෂ්ඨාධිකරණය විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විභාගයේ තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යවනු ලැබීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ 11 සහ 26 වගන්තිවල අනු වගන්ති ක් ක්රියාත්මක කරන්නේ නම් ඒවා ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බව ශේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ඒ අනුව ජනමත විචාරණයට ලක්කොට ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු වගන්ති මෙසේය.
1. අග්රාමාත්යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්රධානියා වන්නේය.
2. අග්රාමාත්යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ සංඛ්යාවඅමාත්යාංශ සහ එම ඇමැතිවරුන්ට පවරන කාර්යයන් හා විෂයයන් නිර්දේශ කිරීම
3. ඇමැතිවරුන්ගේ විෂය හා කාර්යය වෙනස් කිරීම සහ ඇමැති මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම සඳහා අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම.
4. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත ඇමැති මණ්ඩලය දරන වගකීම් අඛණ්ඩව පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලනොපාන්නේය.
5. ඇමැතිවරුන්ට පැවැරිය යුතු විෂය සහ කාර්යය එකී ඇමැතිවරුන්ට යම් අමාත්යාංශයක් භාරකරනු ලබන්නේ නම්එම අමාත්යාංශය ද අගමැතිවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකිය.
6. අගමැතිවරයා විසින් සිදුකළ යම් භාර කිරීමක් ඔහුට කවර හෝ විටෙක වෙනස් කළ හැකිය.
7. කැබිනට් ඇමැතිවරයකු වෙත පැවරී ඇති යම් විෂයකට අදාළ බලයක් හෝ කාරියක් හෝ යම් කිසි ලි ත නීතියකින් ඇමැතිවරයකු වෙත පැවැරී ඇති බලයක් හෝ කාර්යයක් වෙනස් කර කැබිනට් නොවන අමාත්‍යවරයකු වෙත පැවරීමට අගමැතිවරයාට බලය පැවරීම.
8. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන උපමාන රාජ්ය හෝ පෞද්ගලික කුමන හෝ මාධ්ය ආයතනයක් උල්ලංඝනය කරනු ලැබූ අවස්ථාවකදී එම ආයතනයට නිසි බලධරයකු පත් කිරීමට කොමිෂන් සභාවට බලය පැවරීම.
9. එහිදී ඡන්ද විමසීම නිම වන තුරු එම මාධ්යයේ ප්රචාරය කෙරෙන දේශපාලන වැඩසටහන් හා ඡන්දයට බලපාන වෙනත් වැඩසටහන් සම්බන්ධයෙන් තීන්දු ගැනීම නිසි බලධරයා වෙත පැවැරීම.
ඉහත තත්තවය දෙස විචාරාත්මකව බැලිය යුතුය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සමාජීයිය හා දේශපාලනික අවශ්යතාවයක් පැවැතියද පවත්නා මව් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව ජනමත විචාරණයකින් තොරවා ලබා දිය හැකි ප්රබල බලතල අවකරණයකයට 19 වන සංශෝධනය යටතේ සමත් වී ඇත. තවත් විශේෂත්වයක් වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වන හා වන වගන්ති අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය මෙහිදී වඩා සීමාකාරී ලෙස අර්ථ දැක්වීමය. එහිදී 13 වන සංශෝධනය ගෙන ඒන මොහොතේ අධිකරණ අර්ථනිරූපණයට වඩා වෙනස්ව මෙම ඇර්ථනිරූපණය ලබා දීමත් කැපී පෙනේ.
වැනි වගන්තියට නොගැළපෙන සෑම කාරණයක් නිසාම වැනි වගන්තිය උල්ලංඝණය වීමක් සිදු නොවන බවත්ඒ නිසා එවැනි සෑම අවස්ථාවකදීම ජනමත විචාරණයක් අවශ්ය නොකරන බවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අගවිනිසුරු ෂර්වානන්ද ඇතුළු ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බහුතරයකගේ මතය විය. එවකට නඩුව විභාග කළෙ සිටි ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දෙනාම සහභාගී වූ පූර්ණ අධිකරණයයි. එහිදී ෂර්වානන්ද විනිසුරුවරයා පෙන්වා දුන්නේ , 3 වැනි වගන්තිය උල්ලංඝණය වන්නේජනතා පරමාධිපත්‍යය කෙරෙහි යම් අගතිගාමී බලපෑමක් වන විටදී පමණක් බවයි . කෙසේ නමුත් 2002 දී අධිකරණයට ඉදිරිපත් කළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගවිනිසුරු සරත් සිල්වාගේ එදා අධිකරණයේ මතය වුණේ, 4 වැනි වගන්තිය වැනි වගන්තිය සමග එකට කියවිය යුතු බවයි. ඒ අනුව වැනි වගන්තිය උල්ලංඝණය වන සෑම අවස්ථාවකදීම ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි අදහසක් මතු විය.
19 වන සංශෝධනයට අදාල වත්මන් අධිකරණයේ මතයට අනුව ජනාධිපතිවරයා අවසාන ක්රියාව කරන්නේ නම් එවිට එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හානි නොකරන බැවින් ජනමත විචාරණයකින් තොරව සංශෝධනය කළ හැකි බවත්අවසාන ක්රියාව ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීමට නම් ජනමත විචාරණයක් ඇවැසි බවත් ය.මෙහිදී පෙනී යන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමයකට ගමන් කිරීමට දේශපාලනික පක්ෂ සුදානම් වුවද පැවැති දේශපාලනික වතාවරණය හා නීතිමය තත්ත්වය තුළ යා හැකි උපරිම දුර තීරණය වු බව ය.
මේ සියලු තත්ත්වයන් දෙස බැලීමේදී පෙනී යන්නේ පැවැති දේශපාලන සහ සමාජයීය වතාවරණයන් තුළ 19 වන සංශෝධනයේ බලාත්මක වීම මෙරට දේශපාලනික දේහය වෙත අත් කර දුන් සුවිශාල ජයග්රහණයක් බවයි. 19 වන සංශෝධනය මගින් නීතියේ පාලනය සවිමත් කිරීමටරාජ්‍ය සේවය ස්වාධීන කිරීමටජනාධිපති ධුරය වටා කෙන්ද්රගත වී පැවැති අත්තනෝමතික බලය සීමා කිරීමට හා වඩා සවිමත් පුරවැසියෙකු නිර්මාණය කිරිම වෙනුවෙන් සුවිශාල ව්‍යවස්ථාමය පරිවර්තනයක් සිදු කොට ඇත.නමුත් එහිදි අපේක්ෂිත මුලික අරමුණ වු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට අසමත් වුවුද පැවැති ව්‍යවස්ථාමය අවශ්යතාවයන්ට සාපේක්ෂ සිදු කළ හැකි වඩා සාධනීය තත්ත්වයක් 19 වන සංශෝධනය තුල අඩංගු බවත් ය.ඒ බැවින් මෙරට දේශපාලනික සමාජයට අවශ්‍ය ආණ්ඩුක්‍රමය මේ තුලින් අත්කර ගැනිමට නොහැකි වුවද මෙය අනාගතයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙරෙහි යන ශ්‍රි ලංකීය දේශපාලන සමාජයට මහගු පිටිවහලක් වනු ඇත.සියළු ජන කණ්ඩායම් වල අදහස් සහිත නව ව්‍යවස්ථාවක් සදහා දැන් සමාජ කථිකාවතක් නිරමාණය කිරීම පහසුය. එයට හේතුව පැවැති අසාමානතාවයන් සහිත දේශපාලනික වටපිටාව දැන් වඩා සාධනීය ප්‍රවේශයක් බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කොට තිබීමය.

You Might Also Like

0 Reviews